වසර 1788 දී බ්‍රිතාන්‍යයන් ඕස්ට්‍රේලියානු භූමියට පැමිණ ජනාවාස පිහිටුවීම ආරම්භ කිරීමත් සමඟ එතෙක් මෙම භුමියේ සිටි මුල් වැසියන් වන ඇබෝරිජිනල් සහ ටෝරස් සමුද්‍රසන්ධි දූපත් වාසින් හට නොයෙකුත් ගැහැටවලට මුහුණ දීමට සිදු වුණා. එවක සුදු ජාතික පාලනාධිකාරිය විසින් ස්වදේශික දරුවන් ඔවුන්ගේ දෙමාපියන්ගේ අවසරයකින් තොරව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වල රඳවා තැබීම ඉන් එක් අවාසනාවන්ත සිදුවීමක් වනවා. මෙලෙස ඉතා කුඩා කාලයේ දී පැහැරගෙන ගොස් පුනරුත්තාපන කඳවුරුවල ඇතිදැඩි වුණු දරුවන්ගෙන් බිහිවුණු “ඇබෝරිජිනල් - බ්‍රිතාන්‍ය” මිශ්‍ර පරම්පරා, පසුකාලීනව, "සොරාගත් පරපුර" හෙවත් Stolen Generation ලෙස හැඳින්වුවා. Reconciliation Week හෙවත් 'ජාතික සංහිඳියා සතියේ' ආරම්භයත් සමඟ, සැබෑ ඉතිහාසය කතා කිරීමත් ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව සමඟ නිල සම්මුතියකට එළඹීම සම්බන්ධයෙන් තවදුරටත් පියවර ගැනීමත් කරන මෙන්, හිටපු ලේබර් සෙනෙට් සභික පැට් ඩොඩ්සන් ද ලේබර් පක්ෂයෙන් ඉල්ලා සිටිනවා.මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි කතා කරනවා.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






