Key Points
- නත්තල් සැමරුම සාමාන්‍යයෙන් දෙසැම්බර් 25 වන දින දිවා භෝජන සංග්‍රහයත් සමග සිදු වේ.
- එළිමහනේ කාලය ගත කරමින් උණුසුම් කාලගුණය භුක්ති විඳීමට ඕස්ට්‍රේලියානුවන්ට ඉඩ සලසමින් පාසල් නිවාඩු කාලය තුළ නත්තල සැමරේ.
- බොහෝ ඕස්ට්‍රේලියානුවන්, පසුදා පැවැත්වෙන Boxing Day ක්‍රිකට් ටෙස්ට් තරගය බාබකියු දමමින් නැරඹීම සිදු කරයි.
ඕස්ට්‍රේලියානුවන් ඈත අතීතයේදී යුරෝපීය නත්තල් සම්ප්‍රදායන් වැලඳ ගන්නට ඇති නමුත් ඔවුන් තමාගේම සම්ප්‍රදායන්ද නිර්මාණය කර තිබේ.
නත්තල් යනු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන වැදගත් ක්‍රිස්තියානි නිවාඩු දිනයකි. එය සෑම වසරකම දෙසැම්බර් 25 වන දින සමරයි.
බොහෝ ඕස්ට්‍රේලියානුවන් තවමත් නත්තල ආගමික නිවාඩු දිනයක් ලෙස සලකන අතර ඇතැමුන් එය සලකන්නේ තම ආදරණීයයන් සමඟ කාලය ගත කිරීමට, තෑගි හුවමාරු කර ගැනීමට සහ හොඳ අහාර වේලක් භුක්ති විඳීමට වන සුවිශේෂී අවස්ථාවක් ලෙසයි.
මෙම කාලයේදී දේශීය ශාකයක් වන Christmas Bush ශාකයේ රතු මල් දක්නට ලැබෙන අතර ඕස්ට්‍රේලියානුවන් නිවාඩු සමයේදී සැරසිලි කිරීම සහ කැරොල් ගායනා කිරීම සිදු කරයි.
නත්තල් දිවා ආහාරය
ඕස්ට්‍රේලියාවේ, නත්තල් සැමරුම් සාමාන්‍යයෙන් දෙසැම්බර් 25 වන දින දිවා ආහාර වේලාවට සිදු වේ.
SBS Food කළමනාකාර සංස්කාරක Farah Celjo පවසන්නේ නත්තල් දිවා ආහාරයේදී බොහෝ ඔස්ට්‍රේලියනුවන්ගේ මේස මත ප්‍රධාන ආහාර දක්නට ලැබෙන බවයි.
Christmas ham, snacking boards, seafood, Christmas pudding, tiramisu, trifle, pavlova සහ චෙරි, අඹ, පීච් වැනි බොහෝ නැවුම් පලතුරුද දක්නට ලැබේ.
ඕස්ට්‍රේලියාව බහු සංස්කෘතික රටක් වන බැවින් නත්තල් සැමරීමට සහ ආහාර සම්ප්‍රදායන් මිශ්‍ර කිරීමට බොහෝ ක්‍රම ඇති බවත් Farah Celjo පවසයි.

මෙහිදී නත්තල් දවසේදී seafood සමග Malaysian laksa එකක්, අයිස්ක්‍රීම් කේක් එකක් හෝ panettone එකක් කෑම මේසයට තැබීම සාමාන්‍ය බව Farah පවසනවා.
එමෙන්ම ඇය කියා සිටින්නේ සර්බියාවේ සහ බෝල්කන් රටවල seafood soup සාදන අතර, එයත් තමන් අනිවාර්යයෙන්ම නත්තල් කෑම මේසයට යෝජනා කරන බවයි.
ඔස්ට්‍රේලියාව තුල නත්තල් දිවා ආහාරය සංවිධානය කරන පුද්ගලයා ඒ සඳහා පැමිණෙන පිරිසට කෑමක් ගෙන එන ලෙස පැවසීම සාමාන්‍ය වේ.
මෙහිදී ඔබට පිසීමට පහසු ආහාරයක් තෝරාගන්නා ලෙස Farah කියා සිටී.
ඇය තම පවුල තුළ නත්තල සමරමින් හැදී වැඩී නැති අතර, ඇය බොහෝ විට ඇගේ මිතුරන්ගේ පවුල්වලට එකතු වී නත්තල සමරා තිබේ. Farah ඇගේ ප්‍රියතම බොස්නියානු අතුරුපස වන Scone shortbread යන අතුරුපස ඔවුන්ගේ නත්තල් කෑම මේසයට ගෙන ගිය බව පවසයි.

එළිමහනේ කාලය ගත කිරීම
ඕස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම ඍතුවේ දී, නත්තල පාසැල් නිවාඩු දිනවල යෙදීම සිදු වේ.
මේ හේතුවෙන් එළිමහනේ කාලය ගත කිරීමෙන් උණුසුම් කාලගුණය භුක්ති විඳීමට ඕස්ට්‍රේලියානුවන්ට ඉඩ සලසයි.
මුහුදේ පිහිනීම, මිදුලේ දිවා ආහාරය ගැනීම හෝ දේශීය උද්‍යාන නැරඹීම වැනි ක්‍රියාකාරකම් මෙමෙ කාලය තුලදී ඕස්ට්‍රේලියානුවන් බහුලව සිදු කරයි.
Boxing Day සම්ප්‍රදාය
දෙසැම්බර් 25 වැනිදා තෑගි හුවමාරු කරගෙන දිවා ආහාරය භුක්ති විඳීමෙන් පසු ඕස්ට්‍රේලියානුවන් බොහෝ පිරිසක් බාබකියු කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව ක්‍රීඩා කරන ආකාරය නරඹමින් Boxing Day සැමරීම සිදු කරයි.
බ්‍රිස්බේන්හි උපන් Luke Barbagallo පවසන්නේ තමන් Boxing Day ටෙස්ට් තරගයට අනිවාර්යයෙන් නරඹන බවයි.
90 දශකයේ සහ 2000 වර්ෂයේ මුල් භාගයේ දී ඕස්ට්‍රේලියාවට සැබවින්ම ප්‍රමුඛ ක්‍රිකට් කණ්ඩායමක් තිබූ බවත් එබැවින් නත්තල සැම විටම වසරේ සැබවින්ම සැමරුම් කාලයක් ලෙස හැඟී ගිය බවත් Luke කියා සිටී.

ඔබේම නත්තල් සම්ප්‍රදායන් නිර්මාණය කිරීම
ඔස්ට්‍රේලියාව තුල මධ්‍යම රාත්‍රී දේව මෙහෙයේ සිට කැරොල් සහ නත්තල් ගස් දක්වා නත්තල හා සම්බන්ධ විවිධ සම්ප්‍රදායන් ඔබට හමු වේ.
කෙසේ නමුත් ඔබ එම ආගමෙහි නොසිටියත් නත්තල සැමරීමට විවිධ ක්‍රම තිබේ.
මේ හේතුවෙන් ඔබට ගැලපෙන සම්ප්‍රදායන් තෝරාගෙන ඒවාට ඔබේම දෑ සමඟ මිශ්‍ර කරමින් ඔබට නත්තල සැමරිය හැක.





