වර්තමානය වනවිට ඔස්ට්‍රේලියාව තුල ජීවත්වන අන්තර්ජාතික සිසුන් විවිද ගැටලුවලට මුහුණදෙමින් සිටිනවා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු රජය සංක්‍රමණිකයින් ප්‍රමාණය අඩු කිරීමේ අරමුණින් විවිද නීති ගෙන ඒමටද පසුගිය කාලයේ කටයුතු කළා. ඒ වගේම ඔස්ට්‍රේලියාව තුල පවතින අධි උද්ධමන තත්වය හේතුවෙන්ද අන්තර්ජාතික සිසුන් දැඩි ආතති තත්වයකට පත්වී සිටිනවා. වර්තමානයේ ඕස්ට්‍රේලියානු සිසුන් මුහුණ දෙන ගැටළු සම්බන්දව ඕස්ට්‍රේලියාවේ ශ්‍රීලාංකිකන් ගේ අදහස් හා අත්දැකීම් අගෝස්තු මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්.
SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.
මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,
- නොදර්න් ටෙරිටරියේ ශෙහාන් වර්ණකුලසූරිය කතෝලික පියතුමන්.
- වික්ටෝරියා ප්‍රාන්තයේ විශේෂඥ මනෝ වෛද්‍ය කෝසල අමරනායක
- ටස්මනියා ප්‍රාන්තයේ චතුර අතුකෝරල
- වික්ටෝරියා ප්‍රාන්තයේ සංජන විජේතුංග
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download
Share






