Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

අයවැය හිඟ සහ ඉහළ වියදම් මැද ඕස්ට්‍රේලියානු රජයේ වසර මැද අයවැය යාවත්කාලීන කරයි

A man wearing a black suit

Treasurer Jim Chalmers says the federal government is "urgently seeking" clarity on Trump's comments. Source: AAP / Lukas Coch

වත්මන් මූල්‍ය වර්ෂය සඳහා බලාපොරොත්තු වූවාට වඩා හොඳ පුරෝකථනයක් තිබුවත්, ඉහල යන ජීවන වියදම් සහ බදු පහත වැටීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ අයවැය හිඟය පුළුල් වනු ඇතැයි වාර්තා වේ.


Published

Updated

By Nipuna Dodangoda, AAP

Source: SBS




Share this with family and friends


වත්මන් මූල්‍ය වර්ෂය සඳහා බලාපොරොත්තු වූවාට වඩා හොඳ පුරෝකථනයක් තිබුවත්, ඉහල යන ජීවන වියදම් සහ බදු පහත වැටීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ අයවැය හිඟය පුළුල් වනු ඇතැයි වාර්තා වේ.


ඕස්ට්‍රේලියාවේ වියදම් ඉහළ යාම සහ බදු ලැබීම් පහත වැටීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මූල්‍ය කටයුතු ඉදිරි වසර හතර තුළ ඩොලර් බිලියන 21.8 ක පහත වැටීමක් සිදුවන බව පුරෝකථනය කොට තිබේ.

අද (18) දිනයේදී සිදු කල වසර මැද ආර්ථික හා මූල්‍ය දැක්ම මගින් මැයි මාසයේ ෆෙඩරල් අයවැයෙන් කරන ලද පුරෝකථනයන් යාවත්කාලින කර තිබේ.

ඒ අනුව වත්මන් 2024/25 මූල්ය වර්ෂය සඳහා අපේක්ෂිත අයවැය හිඟය ඩොලර් බිලියන 1.4 සිට ඩොලර් බිලියන 26.9 දක්වා වර්ධනය වී තිබේ.

පවතින මුදල් ශේෂය ඉදිරි වසර තුන තුළ තවත් නරක අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එය 2027/28 දී ඩොලර් බිලියන 31.7ක් වනු ඇති අතර අයවැයෙන් පුරෝකථනය කරන ලද ප්‍රමාණයට වඩා දළ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 49කින් වැඩි වනු ඇත.

2022/23 සහ 2023/24 දී පිළිවෙලින් ඩොලර් බිලියන 22 සහ ඩොලර් බිලියන 16 ක සෘජු මුදල් අතිරික්තයන් දෙකක් වාර්තා වී තිබේ.

මුදල් අමාත්‍ය Katy Gallagher සඳහන් කොට සිටියේ ගෝලීය අවිනිශ්චිතතාවය සහ වියදම් පීඩනය වසර මැද අයවැයට යම් පීඩනයක් එල්ල කල බවයි.

කෙසේ නමුත් රජය මේ සම්බන්ධයෙන් මුහුණ දෙන පීඩනය සඳහා හොඳින් මුහුණ දීමට සුදානම් බවත් Katy පවසයි.

Parliament House Canberra (SBS-Allan Lee).png
Parliament House Canberra Source: SBS / Allan Lee

අයවැය පුරෝකථනයෙන් වියදම් ඩොලර් බිලියන 25 කින් ඉහල යාමට නියමිත අතර, ඒ සඳහා සුචිගත කිරීම හරහා ඩොලර් බිලියන 16.3 ක ඉහල දැමීමක් සහ විශ්‍රාම වැටුප් සඳහා වෙනත් ඉහළ නැංවීම් ඇතුලත් වේ.

Veteran support සහ ආපදා සහන අරමුදල් වෙනත් ගෙවීම් අතර වේ.

එමෙන්ම "වැළැක්විය නොහැකි" වියදම් සඳහා ඩොලර් බිලියන 8.8 ක් ද ඇතලත් වේ.

ඒ සඳහා Pharmaceutical Benefit Scheme සහ වයස්ගත සත්කාර වැඩසටහන් වැනි ක්‍රියාමාර්ග දීර්ඝ කිරීම ඇතුලත් වේ.

මීට පෙර රජයට ආදායම් වැඩි දියුණු කිරීම් සඳහා මුදල් බැංකු කිරීමට හැකි විය.

ප්‍රධාන වශයෙන් චීනයෙන් ලැබෙන ප්‍රබල ඛනිජ අවශ්‍යතාවයෙන් බදු ඉහළ නැංවීම හේතුවෙන් ඒ සඳහා වන වියදම් ගෙවීමට එම ක්‍රියාදාමය සිදු විය.

බදාදා යාවත්කාලීන කිරීම, වසරකට ඩොලර් බිලියන 80 ක සාමාන්‍යයක් වූ පසුගිය "වසර මැද සිදු කරන ආර්ථික සහ මූල්‍ය ඉදිරි දැක්මවල්" 4 හරහා බදු ලැබීම්වල විශාල ඉහළ සංශෝධන මාලාවක් සමගින් සිදු විය.

සිව් අවුරුදු අයවැය චක්‍රය තුළ සමාගම් බදු ලැබීම් ඩොලර් බිලියන 8.5 කින් අඩු කර තිබේ.

බොහෝ දුරට චීනයේ මන්දගාමී වර්ධන අපේක්ෂාවන් සඳහා එසේ සිදු කොට ඇතැයි වාර්තා වේ.

ඔස්ට්‍රේලියානුවන්ට ජීවන වියදම් සහන සලසන අතරම 2022 මැතිවරණයෙන් පසු උද්ධමනය පහත වැටීමට රජයේ "වගකිවයුතු අයවැය කළමනාකරණය" උපකාර වූ බව ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරික Jim Chalmers මෙහිදී පැවසීය.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now