පළමු ලෝක යුද්ධය ඇතුළු සියලු යුද්ධ වලදී හා මෙහෙයුම් වලදී සේවය සැපයු සහ මිය ගිය සියලු ඔස්ට්‍රේලියනුවන් අනුස්මරණය කරන ප්‍රධාන දිනය ලෙස හැඳින්වෙන Anzac දිනය අදට (25/04) යෙදී තිබේ.
Anzac දිනය යනු 1915 වසරේ තුර්කියේ Gallipoli අර්ධද්වීපයට පා තැබීම සමරන උත්සවයකට එහා ගිය එකකි.
ලොව පුරා සිටින ඔස්ට්‍රේලියානුවන් මහත් අභිමානයෙන් යුතුව වාර්ෂිකව සමරන Anzac දිනයේ ඉතිහාස තොරතුරු අළලා මෙම ලිපිය සැකසේ.

ආරම්භය
පළමු ලෝක යුද්ධයේදී සේවයේ නියුතු ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ආරක්ෂක හමුදාවන සිහිපත් කිරීමේ අරමුණින් ආරම්භ වූ Anzac දිනය අද වන විට ඉතිහාසයේ සියලු යුධ ගැටුම් වලදී මිය ගිය සහ තුවාල ලැබු සියලු ඔස්ට්‍රේලියානු හා නවසීලන්ත ආරක්ෂක භටයින් සිහිපත් කිරීම දක්වා පුළුල්වී තිබේ.
අතීතයේදී කොන්ස්තන්තීන්පොල් නමින් හැඳින්වූ වර්තාමන තුර්කියේ ඉස්තාන්බුල් නගරය අත්පත් කරගැනීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා ඛාණ්ඩයන් තුර්කියේ Gallipoli අර්ධද්වීපයට පාතැබූ දිනය ලෙස 1915 වසරේ අප්‍රේල් 25 වන දින සටහන් වේ.
එහිදී ජර්මානු හිතවාදී ඔටෝමන් අධිරාජ්‍යාගේ හමුදාවන් සහ ඒකාබද්ධ හමුදාවන් අතර මාස 8 කට ආසන්න කාලයක් පැවති ගැටුම් වලින් අනතුරුව ඒකාබද්ධ හමුදාවන් Gallipoli අර්ධද්වීපයෙන් ඉවත් වීමට තීරණය කළ බව සඳහන්.
මෙම සටන් වලදී දෙපාර්ශවයේම හමුදා සෙබළුන් දහස් ගණනක් දිවි පිදු බව වාර්තා වන අතර 8000 කට ආසන්න ඔස්ට්‍රේලියානු හමුදා සෙබළුන් ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වූ බවද සඳහන් වෙයි.

Anzac දිනය මෙතරම් වැදගත් ඇයි?
Anzac යන්නෙහි දිග හැරුම Australian and New Zealand Army Corps හෙවත් ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත ඒකාබද්ධ හමුදාව යන අර්ථය ගෙන දෙයි.
1914 දී පළමු ලෝක යුද්ධය ආරම්භ වූ විගසම ෆෙඩරල් රාජ්‍යයක් ලෙස ඔස්ට්‍රේලියාවට වසර 13 කි.
එනිසාම මෙම නව රාජ්‍යයට ලොව අනෙකුත් රටවල පිළිගැනීම අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වී තිබුණි.
එම අරමුණ ඇතිව තුර්කියේ Gallipoli අර්ධද්වීපයේ dardanelles ප්‍රදේශය මිත්‍ර නාවික හමුදා සඳහා අත්පත් කර දීමට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය තීරණය කර තිබේ.
එවකට මෙම dardanelles ප්‍රදේශය භාණ්ඩ ප්‍රවාහනය සඳහා මර්මස්ථානයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලා තිබේ.
එනිසාම මිත්‍ර නාවික හමුදා සඳහා dardanelles ප්‍රදේශය අත්පත්කරගෙන සිටීම පළමු ලෝක යුද්ධයේදී දැවැන්ත වාසියක් ලෙස සැලකුණි.
ඉන් එහා ගොස් මෙහි අවසන් අරමුණ වුයේ තුර්කියේ ඉස්තාන්බුල් නගරය අත්පත් කරගැනීම බවද ඉතිහාසය වාර්තා කරයි.

Anzac දින සැමරුම්
අප්‍රේල් 25 වන දින Anzac දිනය ලෙස නම් කර ඇත්තේ 1916 වසරේ අප්‍රේල් මස 25 වන දින බව වාර්තා වේ.
Anzac දිනය ඔස්ට්‍රේලියාවේ ජාතික මට්ටමේ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති අතර යුධ මෙහෙයුම් වලදී දිවි පිදු ඔස්ට්‍රේලියානු හමුදාවන් සිහිපත් කරමින් අද දිනයේදී ඔස්ට්‍රේලියාව පුරාවට සැමරුම් උත්සව සංවිධානය කෙරේ.
මේ අතර තුර්කියේ Gallipoli අර්ධද්වීපයේ ද Anzac දින සැමරුම් උත්සවයක් සිදු කෙරෙන අතර Anzac දින සැමරුම් උත්සව අතරින් ඊට සුවිශේෂී තැනක් හිමි වේ.
Anzac දිනය සැමරීමට ඔස්ට්‍රේලියාවේ විවිධ පාගමන් ඉතිහාසයේ පටන් සංවිධානය කර තිබුණි.
එවකට සිඩ්නි නුවර පැවැත්වූ Anzac දින පාගමනේදී තුවාල ලැබූ ඔස්ට්‍රේලියානු හමුදා සෙබළුන් ඔවුන්ගේ සාත්තු සේවිකාවන් සමග රථ වලින් ගමන් කර තිබෙන බවද වාර්තා වේ.

Anzac දින සැමරුම් අංග
1930 දී Anzac දින සැමරුම් අංග ලෙස අද දිනයේත් ඔස්ට්‍රේලියානුවන් සමරන පහත සඳහන් අංග හඳුන්වා දී තිබේ.
උදා සේවාව
Anzac දින සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ අලුයම් කාලයේ වන අතර Gallipoli අර්ධද්වීපයට පා තැබූ නියම වෙලාව පාදක කරගනිමින් එය පවත්වයි.

පෙළපාලි
උදා සේවාවෙන් අනතුරුව හමුදා සේවයේ හිටපු පිරිස් එක්ව ප්‍රධාන නගර වල සංවිධානය කරනු ලබන පෙළපාලි වල ගමන් කරයි.

Two-up ක්‍රීඩාව
ඔස්ට්‍රේලියාවේ සාම්ප්‍රදායික සූදු ක්‍රීඩාවක් වන Two-up ක්‍රීඩාව Anzac දිනයේදී ක්‍රීඩා කරයි.
කාසි දෙකක් එකවර උඩ දැමීමෙන් මෙම ක්‍රීඩාව සිදු කරනු ලබයි.

--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

