සිඩ්නි නුවර සැහැල්ලු දුම්රිය ව්‍යපෘතියට සිද්ධ වුණු දේ..... (SBS සිංහල/වාර්තා)

සිඩ්නි නුවර සැහැල්ලු දුම්රිය ව්‍යපෘතිය සඳහා තවත් ඩොලර් බිලියන 1.1 ක් අවශ්‍ය බව අදාළ සමාගම ප්‍රාන්ත රජයෙන් ඉල්ලා සිටියි.

Sydney’s new light rail

Source: Flickr

අර්බුදකාරී සිඩ්නි නුවර සැහැල්ලු දුම්රිය ව්‍යපෘතිය නියමිත කාල සටහනට අනුව වසරකින් ප්‍රමාද වන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රවාහන අමාත්‍ය Andrew Constance පැවසුවේය.

සිඩ්නි මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ (CBD) සිට නැගෙනහිර කලාපයේ නගර වෙත ධාවනය කිරීමට සැලසුම් කර ඇති මෙම සැහැල්ලු දුම්රිය පද්ධතිය 2019 වසරේ වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණද එහි කොන්ත්‍රාත්කරුවන් වන ALTRAC සමාගම මෙම දුම්රිය ව්‍යපෘතිය අවසන් කිරීමට හැකිවන්නේ 2020 වසරේ මාර්තු මස බව ඊයේ (19/04) දැනුම් දී තිබේ.

ALTRAC සමාගම යනු ස්පාඤ්ඤ උප කොන්ත්‍රාත් සමාගමක් වන Acciona සමාගමේ ම තවත් සහෝදර සමාගමකි.

ඩොලර් බිලියන 2.1 ක ගොඩනැගිලි ව්‍යාපෘතියක් බාරගෙන සිටින ස්පාඤ්ඤ උප කොන්ත්‍රාත් සමාගමක් වන Acciona සමාගම අක්‍රමිකතා හේතුවෙන් අධිකරණයට රැගෙන ගොස් සතියකින් පමණ මෙම පුවත වාර්තා වීම සුවිශේෂී සිදුවීමකි.

Sydney’s new light rail
Source: AAP

දෙගුණයක් ඉල්ලීම

සිඩ්නි නුවර සැහැල්ලු දුම්රිය ව්‍යපෘතිය සඳහා තවත් ඩොලර් බිලියන 1.1 ක් අවශ්‍ය බව අදාළ සමාගම ප්‍රාන්ත රජයෙන් ඉල්ලා සිටියි.

නමුත් සිඩ්නි නුවර සැහැල්ලු දුම්රිය ව්‍යපෘතිය සඳහා මූලිකව වෙන් කරන ලද මුදල ඩොලර් බිලියන 1.6 කි.

තත්ත්වය එසේ තිබියදී Acciona සමාගම අදාළ මුල් මුදල මෙන් දෙගුණයක් දැන් ඉල්ලා සිටියි.

Sydney’s new light rail
NSW Premier Gladys Berejiklian Source: AAP

රජයේ තීරණය

Acciona සමාගම රජයත් සමග සෙල්ලම් කරන බවත් කෙසේහෝ මෙම ව්‍යාපෘතිය ලබන වසරේදී අවසන් කළ යුතු බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රවාහන අමාත්‍ය Andrew Constance පැවසුවේය.

“කොන්ත්‍රාත්කරුවන් තමන්ගේ කටයුතු දෙගුණයක වේගයකින් හෝ සිදු කර මෙය නියමිත දිනට අවසන් කළ යුතුයි. අපිට ව්‍යාපාර තිබෙනවා. අනික ඔවුන්ගේ මෙම ක්‍රියා අදාළ ප්‍රදේශ වල වාසය කරන සාමාන්‍ය ජනතාවට මහත් හිරිහැරයක්.” යනුවෙන් ද ඔහු වැඩි දුරටත් පැවසුවේය.

Sydney’s new light rail
Source: AAP

අනෙක් පැත්ත

මෙම ව්‍යාපෘතිය සිතුවාට වඩා වැඩි කාලයක් ගන්නා බව ALTRAC සමාගම ඊයේ ප්‍රකාශ කළේය.

ව්‍යාපෘති නිර්මාණ සැලසුම වෙනස් වීම සහ පොළොවින් හඳුනානොගත් උපයුක්තතා සේවා බහුල වශයෙන් හමුවීමත් ව්‍යාපෘතිය මන්දාගාමී වීමට බලපෑ බව සමාගම පවසයි.

මේ වන විට හඳුනානොගත් උපයුක්තතා සේවා 1600 ක් පමණ හමුවී ඇති අතර ඉන් සම්පූර්ණ කර ඇත්තේ 80% ක් පමණක් බවද පැවසේ.

සමස්ත පද්ධතියෙන් කිලෝ මීටර් 16 ක පමණ දුරකට දුම්රිය පීලි යොදා ඇති බවත් මේ වන විට දුම්රිය මාර්ගයෙන් 66% ක් පමණ අවසාන බවත් ALTRAC පවසයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now