කුලී නිවැසියන් හට (renters) අවම වශයෙන් දැරිය හැකි මට්ටමේ කුලී නිවාස මිල ගණන් ඇති නගරය ලෙස ඔස්ට්‍රේලියාවේ මෙතෙක් විරුදාවලිය ලත් සිඩ්නි නුවර අභිබවා යමින් නොසිතු ප්‍රධාන නගරයක් එම ස්ථානයට පත්ව තිබේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ කුලී නිවැසියන් හට දැරිය නොහැකි මට්ටමේ කුලී නිවාස මිල ගණන් ඇති නගරය ලෙස හෝබාර්ට් නුවර පත්ව ඇති බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

හෝබාර්ට් නුවර කුලී නිවාස
Rental Affordability Index හි නවතම වාර්තාව පසුගිය සතියේදී එළිදක්වමින් මෙම තොරතුරු අනාවරණය කර තිබේ.
ඒ අනුව මධ්‍යයන කුලී නිවැසියන් හට හෝබාර්ට් නගරයේ ඇති සාමාන්‍ය කුලී නිවාස වල මිල දැරිය නොහැකි තත්වයක් උද්ගතවී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ස්වාමියා හා බිරිඳ යන දෙදෙනාම රැකියා කරන පවුල් තම මාසික ආදායමෙන් 30% ක් නිවාස කුලිය ලෙස ගෙවමින් සිටින බවත් මේ තත්ත්වය හේතුවෙන් නිවසක් මිලට ගැනීමේදී පෙන්විය යුතු මූලික තැන්පතු මුදල් ඉතිරි කරගැනීමට ඔවුන්ට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවත් සඳහන්.

ප්‍රධාන නගර වල නිවාස කුලිය දැරිය නොහැකි මට්ටමේ සිට දැරිය හැකි මට්ටම දක්වා ලැයිස්තුව පහත පරිදි වේ.
- Hobart - මාසික ආදායමෙන් 30% ක් නිවාස කුලිය ලෙස ගෙවයි.
- Sydney - මාසික ආදායමෙන් 27% ක් නිවාස කුලිය ලෙස ගෙවයි.
- Adelaide - මාසික ආදායමෙන් 26% ක් නිවාස කුලිය ලෙස ගෙවයි.
- ACT - මාසික ආදායමෙන් 24% ක් නිවාස කුලිය ලෙස ගෙවයි.
- Brisbane - මාසික ආදායමෙන් 24% ක් නිවාස කුලිය ලෙස ගෙවයි.
- Melbourne - මාසික ආදායමෙන් 24% ක් නිවාස කුලිය ලෙස ගෙවයි.
- Perth - මාසික ආදායමෙන් 21% ක් නිවාස කුලිය ලෙස ගෙවයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

