වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපයට අලුතින් Skilled Migrant Visa ලැබෙන ලකුණු. (SBS සිංහල/වාර්තා)

Skilled Migrant

Source: SBS

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපයේ ශ්‍රම හිඟය මග හරවා සංවර්ධනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නව සංක්‍රමණික වැඩසටහනක් දියත් කිරීමට සූදානම් වේ.

මෙම නව සංක්‍රමණික වැඩසටහන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ Warrnambool නගර සභාව එක්ව දියත් කිරීමට කටයුතු යොදා ඇත.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

මෙයින් වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපයට නිපුණතා ශ්‍රමිකයින් ආකර්ෂණය කර ගැනීමට ඔවුන් අපේක්ෂා කරයි.
Skilled Migrant
Source: Getty Images

Designated Area Migration Agreement (DAMA)

ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප වල ශ්‍රම හිඟය පිරවීම අරමුණු කරගනිමින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් යම් නියමිත කලාප වල ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය මාස කිහිපය තුළ අවධානය යොමු කරමින් සිටියි.

ඒ අනුව Designated Area Migration Agreement හෙවත් DAMA වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඔවුන් සූදානම් වෙයි.

මේ වන විටත් ශ්‍රම හිඟය අත්දකින ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප සමග ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ පිළිබඳ සාකච්ඡා කරමින් පවතී.

එහිදී සැලකිල්ලට ගැනුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රථම කලාපය ලෙස වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපය වාර්තා වෙයි.
ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන සංක්‍රමණිකයින් සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බර්න් වැනි ප්‍රධාන නගර වලින් බැහැර කර ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල අවම වශයෙන් වසර 5 ක් හෝ ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ තීරණයට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව ජනගහනය සමානව රට පුරා විසුරුවා හැරීමට හැකිවන අතරම ශ්‍රම හිඟය අඩු කරගනිමින් සියලු කලාප සංවර්ධනය කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි රජය විශ්වාසය පල කරයි.
Skilled Migrant
Source: Pixabay

වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපය

වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපයේ මේ වන විට කෘෂිකාර්මික හා  hospitality ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර වල සැලකිය යුතු ශ්‍රම හිඟයක් පවතින බව වාර්තා වේ.

එනිසාම එම අර්බුදය විසඳා ගැනීම සඳහා සම්මත නිපුණතා සංක්‍රමණික වැඩසටහන් හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපයට විදෙස් ශ්‍රමිකයින් ගෙන්වා ස්ථාපිත කිරීමට බලධාරීන්ට මෙමගින් හැකියාව ලැබේ.

ඔස්ට්‍රේලියාවේ දේශීය ජනතාවගෙන් අදාළ රැකියා පුරප්පාඩු පුරවාගැනීමට නොහැකි තත්ත්වයන් හිදී මෙලෙස විදෙස් නිපුණතා සංක්‍රමණිකයින් හරහා ඒවා පුරවාගැනීමට අදාළ කලාප වලට මධ්‍යම රජය අවසර ලබා දෙන බව ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපයේ Glenelg, Moyne, Warrnambool, Corangamite, Colac-Otway සහ Southern Grampians shires ප්‍රදේශ වල සේවායෝජකයින් මෙන්ම ප්‍රජාවන්ද ඒ ඒ ප්‍රදේශ  සඳහා ශ්‍රමිකයින් සොයමින් පවතින බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය සහ Wannon මැතිවරණ බල ප්‍රදේශයේ ලිබරල් පක්ෂ නියෝජිත Dan Tehan පැවසීය.

වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපය යනු ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම කෘෂිකාර්මික කලාප වලින් එකක් බවත් මෙම නව සංක්‍රමණික වැඩසටහන හරහා තම කලාපයට වැඩිපුර නිෂ්පාදන සිදු කිරීමටත් අලෙවි කිරීමටත් අපනයනය කිරීමටත් හැකියාව ලැබෙන බව අමාත්‍ය Dan Tehan පෙන්වා දුන්නේය.
Skilled Migrant
Minister for Immigration, Citizenship and Multicultural Affairs David Coleman Source: SBS

මිනුම් දඬු සහ කොන්දේසි

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ DAMA වැඩසටහන සඳහා සුදුසුකම් ලැබීමට ඔස්ට්‍රේලියාවේ ඒ ඒ කලාප පහත සඳහන් ප්‍රධාන කොන්දේසි සැපිරිය යුතුවේ.

  • කලාපයේ ශ්‍රම වෙළෙඳපොලේ තත්ත්වය සහ හිඟය නිසි පරිදි අවබෝධ කරගත යුතුය.
  • කලාපයේ පවතින ශ්‍රම හිඟය පිරවීම සඳහා පළමුව ඔස්ට්‍රේලියානු වාසීන්ට අවස්ථාව ලබා දිය යුතුය.
  • සංක්‍රමණික ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට කලාපයේ ප්‍රජාව සහය දක්වන බව පෙන්විය යුතුය.
වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපයෙන් පසුව DAMA වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත දෙවැනි කලාපය ලෙස Northern Territory වාර්තා වේ.

ඊට අමතරව බටහිර ඔස්ට්‍රේලියාවේ Pilbara සහ Kalgoorlie-Boulder කලාප, උතුරු ක්වීන්ස්ලන්තයේ Cairns මෙන්ම මධ්‍යම නිව් සවුත් වේල්ස් හි Orana කලාප වල ශ්‍රම හිඟය පිරවීම සඳහා ද DAMA වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඒ ඒ කලාප බලධාරීන් සමග මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින බවද ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------



Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපයට අලුතින් Skilled Migrant Visa ලැබෙන ලකුණු. (SBS සිංහල/වාර්තා) | SBS Sinhala