ඔස්ට්‍රේලියාවේ වායු දූෂණය සඳහා ප්‍රධාන වශයෙන් හේතු සාධක වන්නේ අඩු ආදායම් ලාභී නිවැසියන් බව නවතම වාර්තාවක් පෙන්වා දී තිබේ.
Australian Conservation Foundation විසින් සිදුකළ මෙම නවතම සමීක්ෂණයට අනුව මෙම වාර්තාව සකස් කර ඇති අතර එහිදී ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම වරට තැපැල් කලාප (postcode) අනුව වායු දූෂණය වී ඇති ප්‍රදේශ වර්ග කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ 90% ක් ම වායු දූෂණය සිදුව ඇති ප්‍රදේශ ලෙස එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ අඩු සහ මධ්‍යම ආදායම් ලබන නිවැසියන් වෙසෙන උප නගර වන බවද සඳහන්.
එමෙන්ම, සතියකට $3,000 කට වඩා වැඩි අදායමක් ලබන පුද්ගලයින් වෙසෙන ප්‍රදේශවල වායු දූෂණය සිදුව ඇත්තේ 0.1% ක් වැනි අඩු ප්‍රතිශතයකි.

ඔස්ට්‍රේලියාවේ ඉහළම වායු දූෂණය සිදුවන ප්‍රදේශ
ඔස්ට්‍රේලියාවේ ඉහළම වායු දූෂණය සිදුවන උප නගරය ලෙස ක්වීන්ස්ලන්තයේ Mt Isa වන අතර බටහිර ඔස්ට්‍රේලියාවේ Newman දෙවනි තැනටද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Hunter කලාපය තුන්වන තැනටද පත්ව තිබේ.
ඔස්ට්‍රේලියාවේ ඉහළම වායු දූෂණය සිදුවන ප්‍රදේශ 05 පහත පරිදි වේ.
1. Mount Isa (ක්වීන්ස්ලන්තය)
2. Hunter Valley (නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය)
3. LaTrobe Valley (වික්ටෝරියා)
4. Port Pirie (දකුණු ඔස්ට්‍රේලියාව)
5. Rockhampton (ක්වීන්ස්ලන්තය)

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර ආශ්‍රිතව ඉහළම වායු දූෂණය සිදුවන නගර
01. Botany Bay - සිඩ්නි
02. Altona - මෙල්බර්න්
03. Port Brisbane - බ්‍රිස්බන්
04. Parmelia - පර්ත්
05. Port Adelaide - ඇඩිලේඩ්


--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

