ඔස්ට්‍රේලියානු වීසා ප්‍රතික්ෂේප වීම් වලට එරෙහිව ගොනු කරන AAT අභියාචනා වලට නුදුරේදීම සිදුවන වෙනස්කම් මෙන්න. (SBS සිංහල/වාර්තා)

Administrative Appeals Tribunal

Source: Supplied

ඔස්ට්‍රේලියානු රජය විසින් ලබා දෙන තීන්දු නැවත විමර්ශනය කිරීමේ බලය ඇති Administrative Appeals Tribunal හෙවත් පරිපාලන අභියාචනා විනිශ්චය සභාව සම්බන්ධයෙන් සංශෝධන කිහිපයක් මේ වන විට ඉදිරිපත් වී ඇති ඇත.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු විසින් එම සංශෝධන නිර්දේශ කර ති අතර නුදුරේදීම ඒවා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ විමර්ශනයට යොමු කෙරෙනු ඇත.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ වීසා ප්‍රතික්ෂේප කිරීම් සහ රටින් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු අභියාචනා ඉක්මණින් විභාග කර තීන්දු ප්‍රකාශ කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.

Administrative Appeals Tribunal
Source: SBS

Administrative Appeals Tribunal (AAT)

AAT හරහා ඔස්ට්‍රේලියානු රජය විසින් විවිධ ක්ෂේත්‍ර වල ලබා දෙන තීන්දු නැවත විමර්ශනය කිරීම් සිදුවන නමුත් බහුතරයක් සිදුවන්නේ වීසා සහ සංක්‍රමණික ගැටළු පිළිබඳ විමර්ශන බව පැවසේ.

ස්වදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් හෝ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් හෝ නීත්‍යානුකූල සංක්‍රමණිකයෙකුගේ හෝ නීති විරෝධී සංක්‍රමණිකයෙකුගේ හෝ වීසා ප්‍රතික්ෂේප කිරීමක් හෝ රටින් නෙරපීමක් සම්බන්ධ තීන්දුවක් ලබා දුන් විට එම තීන්දුවට අභියෝග කිරීමට AAT හරහා අදාළ පුද්ගලයාට හැකියාව ඇත.

ඒ අනුව ඔස්ට්‍රේලියානු රජය විසින් ලබා දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරමින් AAT හරහා නැවතත් අදාළ තීන්දුව පිළිබඳ ස්වාධීනව විමර්ශනය කෙරේ.

නමුත් වර්තමානයේ පවතින අධික වීසා ප්‍රතික්ෂේප වීම් සහා නෙරපීම් හේතුවෙන් AAT වෙත ලැබෙන විමර්ශන ප්‍රමාණය අධික ලෙස ඉහළ ගොස් ඇති බව AAT වාර්ෂික වාර්තා වේ සඳහන්.

Administrative Appeals Tribunal
Source: SBS

AAT විමර්ශන

2016-17 වසරේදී සමාජ සේවා සහ ළමා නඩත්තු අංශ සම්බන්ධව AAT වෙත ලැබුණු අභියාචනා අනෙකුත් ක්ෂේත්‍ර හා සසඳන කළ පහත අගයක් ගත් බව AAT වාර්ෂික වාර්තාව නිවේදනය කරයි.

නමුත් වීසා හා සංක්‍රමණික කටයුතු සම්බන්ධව ලැබුණු අභියාචනා පසුගිය වසරට සාපේක්ෂව 2016-17 වසරේ 43% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

සරණාගතයින් සම්බන්ධ අභියාචනා ඉදිරිපත් කිරීම් ක්‍රමිකව ඉහළ යාම මෙම වැඩිවීමට ප්‍රධානතම හේතුව වී තිබේ.

කෙසේවෙතත්, අධිකව ලැබෙන අභියාචනා විධිමත්ව සහ ශීග්‍රව විමර්ශනය කරමින් ඒවායේ තීන්දු ඉක්මණින් එළිදැක්වීමට හිටපු හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ Ian Callinan විසින් සකස් කළ නිර්දේශ නීතිපති Christian Porter හට ඉතා ඉක්මනින් බාරදීමට නියමිත බව සඳහන්.

2018 ජුනි 01 සිට නොවැම්බර් 30 අතරතුර ඔස්ට්‍රේලියානු වීසා හා සංක්‍රමණික ප්‍රතික්ෂේප වීම් සම්බන්ධ AAT තීන්දු ලබා දීමට ගතවූ කාලයන්

Administrative Appeals Tribunal
AAT Processing times for decisions made between 1/06/18 and 30/11/18 Source: www.aat.gov.au

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now