ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළවලදී Hand luggage වලට නුදුරේදීම මුහුණ දීමට සිදුවන අලුත්ම වෙනස. (SBS සිංහල/වාර්තා)

New airport security

Source: Getty Images

ගුවන් තොටුපොළක් හරහා ගමන් කරන විට ඔබේ අතේ ගෙන යන ගමන් මලු ස්කෑන් කිරීමකට හසුකරන බව අනිවාර්ය කටයුත්තකි.

මෙහිදී බොහෝ විට ඔබගේ අතේ ගෙන යන මල්ලේ ඇති දියර වර්ග, සුවඳ විලවුන්, ජෙල් වර්ග, ලැප් ටොප් වැනි ඉලෙක්ට්‍රොනික උපකරණ පිටතට ගෙන ඒවා වෙනම ට්‍රේ එකක බහා ස්කෑන් යන්ත්‍රයේ බෙල්ට් එක මත තැබීමට ඔබට සිදුවනු ඇත.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

බොහෝ විට මෙය ඉතා කරදරකාරී කටයුත්තක් බව බහුතරයක් ගුවන් මගීන් මැසිවිලි නගයි.

නමුත් නුදුරේදීම  ඔස්ට්‍රේලියානු ගුවන්තොටුපොළ වලින් පිටත් වන ගුවන් මගීන්ට මෙම කරදරය අත් විඳීමට සිදු නොවනු ඇත.
New airport security
Source: AAP

මෙල්බර්න් ගුවන් තොටුපොළේ නවතම ස්කෑන් පරීක්ෂණ ඇරඹේ.

තමන්ගේ අතේ ගෙන යන ගමන් මල්ලේ ඇති දියර වර්ග, සුවඳ විලවුන්, ජෙල් වර්ග, ලැප් ටොප් වැනි ඉලෙක්ට්‍රොනික උපකරණ පිටතට නොගෙන මුළු ගමන් මල්ලම ඒ අයුරින්ම ස්කෑන් පරීක්ෂාවට යොමු කිරීමේ භාග්‍යය ඔස්ට්‍රේලියාවේ පළමුවෙන්ම හිමිකරගැනීමට මෙල්බර්න් ගුවන් තොටුපොළ ගුවන් මගීන්ට හැකියාව ලැබෙනු ඇත.

ඒ, මෙල්බර්න් ගුවන් තොටුපොළේ නවතම ත්‍රිමාන ස්කෑන් පරීක්ෂණ වල පරීක්ෂණ මෙහෙයුම් පසුගිය සතියේ ආරම්භවීමත් සමගය.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese


 

සාමන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ ඕනෑම ගුවන් තොටුපොලකින් පිටත්වන ගුවන් මගියෙකු තම අතේ ගෙන යන ගමන් මල්ලෙහි ඇති දියර වර්ග, සුවඳ විලවුන්, ජෙල් වර්ග, ලැප් ටොප් වැනි ඉලෙක්ට්‍රොනික උපකරණ පිටතට ගෙන ඒවා වෙනම ට්‍රේ එකක බහා ස්කෑන් යන්ත්‍රය වෙත යොමු කළ යුතු වේ.

නමුත් මේ නව ස්වයංක්‍රීය ක්‍රමයට අනුව ගුවන් මගීන්ට එලෙස වද විය යුතු නැත.

ඒ අනුව අදාළ සියලු භාණ්ඩ අතේ ගෙන යන ගමන් මල්ලේ එලෙසම තිබියදීම නව ස්කෑන් යන්ත්‍රය වෙත ඔවුන්ට තම ගමන් මල්ල යොමු කළ හැකිවේ.

මේ සම්බන්ධ පරීක්ෂණ මෙහෙයුම පසුගිය සතියේ මෙල්බර්න් ගුවන් තොටුපොළේ, සිව්වන පර්යන්තයේදී සිදු කෙරුණි.
New airport security
Source: AAP

ත්‍රිමාන ස්කෑන් පරීක්ෂාව

මෙම නව ස්කෑන් ක්‍රමය හරහා ගුවන් මගියෙකුගේ ගමන් මල්ලී ඇති සියලු දේවල් ඇති ප්‍රබල ස්කෑන් කිරීමකට හසුවේ.

ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළවල් හරහා ගමන් කරන ගුවන් මගීන්ගේ පහසුව සහ කාලය ඉතිරි කර දීම තකා මෙම නවීන ක්‍රමෝපාය ස්ථාපිත කිරීමට අදහස් කළ බව මෙල්බර්න් ගුවන් තොටුපොළේ ප්‍රධානී Simon Gandy පැවසීය.

එමෙන්ම මෙම අති නවීන ස්කෑන් යන්ත්‍ර වල උසස් තත්ත්වය සහ නවීන තාක්ෂණික උපක්‍රම හේතුවෙන් ඉතා උසස් මට්ටමේ පැහැදිලි සවිස්තරාත්මක ස්කෑන් රූප රාමු ලැබෙන බවද ඔහු පැහැදිලි කළේය.

මෙම පරීක්ෂණ නියමු මෙහෙයුම කෙතරම් කාලයක් පවත්වාගෙන යනවද කියා තවමත් නිශ්චිත වශයෙන් තීරණය කර නොමැති නමුත් ඉදිරි වසර ද්විත්වය ඇතුළත මෙම නව ක්‍රමය මෙල්බර්න් ගුවන් තොටුපොළේ සියලු ජාත්‍යන්තර සහ දේශීය ගුවන් ගමන් පර්යන්ත වල ස්ථාපිත කිරීමටත් පසුව ඔස්ට්‍රේලියාවේ සියලු ගුවන් තොටුපොළ වෙත මෙය හඳුන්වා දීමටත් බලධාරීන් අපේක්ෂා කරයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service