SKIP TO MAIN CONTENT

විශ්වාසභංගය පරාදයි - රනිල් දිනුම්

Ranil Wickramasingha_ Prime minister of Sri Lanka
Ranil Wickramasingha_ Prime minister of Sri Lanka Source: SBS

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ඒකාබද්ද විපක්ෂය ප්‍රමුඛව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය. ඊයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මේ සඳහා පැවති විවාදයෙන් අනතුරුව විශ්වාස භංගයට පක්ෂ සහ විපක්ෂ චන්ද විමසීම සිදුකරන ලදි. එහිදී විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 76ක්ද, විරුද්ධව ඡන්ද 122ක්ද හිමිවිය. ඡන්දය දීමට නොපැමිණි ගණන 26කි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා විශ්වාසභංග යෝජනාව වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීමට සහභාගී නොවූනු බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now