ඔස්ට්‍රේලියනුවාසීන්ගේ විදෙස් සංචාර, ඉතිහාසය අලුත් කරයි. (SBS සිංහල/වාර්තා)

Australians travelling

Source: SBS

ඉතිහාසයේ අන් කෙදිනකටත් වඩා ඔස්ට්‍රේලියනුවාසීන් මෑත කාලයේදී විදෙස් ගමන් වල යෙදෙන බවත් එහිදී ඔවුන් බොහෝ අවදානමක් ගන්නා බවත් ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුව සහ Smartraveller වෙබ් අඩවිය පවසයි.

ඔස්ට්‍රේලියනුවාසීන්ගේ විදේශ ගමන් පිළිබඳ 2018 වසරේදී සිදු කළ සමීක්ෂණයක ප්‍රතිඵල ඇසුරෙන් මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

Australians travelling
Source: AAP

ඔස්ට්‍රේලියනුවාසීන්ගේ විදේශ ගමන්

පසුගිය මාස 12 ඇතුළත ඔස්ට්‍රේලියනුවාසීන් මිලියන 10.7 කට අධික ප්‍රමාණයක් විදෙස් ගමන් වල නිරතවූ බව හෙළිවී තිබේ.

මීට වසර 5 කට පෙර තිබු ප්‍රමාණයට සාපේක්ෂව එය 13% ක ඉහළ යාමකි.

විදෙස් සංචාර වල යෙදෙන ඔස්ට්‍රේලියනුවාසීන්ගෙන් 10% ක් පමණ සංචාරක රක්ෂණයක් නොමැතිව විදෙස් ගමන් වල යෙදෙන බවද එහිදී හෙළිවී තිබේ.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය


 

එසේ සංචාරක රක්ෂණයක් නොමැතිව විදෙස් ගමන් වල යෙදෙන බහුතරයක් දෙනා වයස අවුරුදු 30 ට අඩු පිරිමි පුද්ගලයින් බවද අනාවරණය වී ඇත.

මේ අතර විදෙස් සංචාර වල යෙදෙන ඔස්ට්‍රේලියනුවාසීන්ගෙන් 82% ක් පමණ අවදානම් තත්ත්ව රැගෙන ගමන් කරන බව ඔස්ට්‍රේලියාවේ රක්ෂණ සභාවේ ප්‍රධාන විධායක නිලධාරී Rob Whelan පැවසීය.

තමන්ගේ ස්වයංක්‍රීය සංචාරක රක්ෂණ ක්‍රමයෙන් එම අවදානම් ක්‍රියාකාරකම් ආවරණය වනු ඇති බව ඔවුන් සිතන බව ඔහු පෙන්වා දෙයි.

Jet skis පැදීම, පැරෂුට් ධාවනය, hang-gliding සහ surfing යනු එම අවදානම් ක්‍රියාකාරකම් වල ප්‍රධානතම අංග වේ.

Australians travelling
Source: Flickr

සංචාරක රක්ෂණ ආවරණයක ඇති වැදගත් බව පිළිබඳ ඔවුන් එතරම් නොසිතන බවත් එය එතරම් ගණන් නොගන්නා බවත් ඔස්ට්‍රේලියාවේ රක්ෂණ සභාවේ ප්‍රධාන විධායක නිලධාරී Rob Whelan පැවසීය.

විශේෂයෙන්ම ගිණිකොන දිග ආසියානු කලාපයේ සංචාරයේ යෙදෙන ඔස්ට්‍රේලියානුවාසීන් බහුතරයක් මෙසේ අවදානම් ක්‍රියාකාරකම් වල යෙදෙන බවද මෙම සමීක්ෂණයෙන් හෙළිවේ තිබේ.

විදෙස් සංචාර වල යෙදෙන සියලු ඔස්ට්‍රේලියානුවාසීන් තම සංචාරයට ප්‍රථම Smartraveller වෙබ් අඩවියට පිවිස තොරතුරු පරීක්ෂා කර පිටත්ව යන ලෙස ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු ඇමතිනී Marise Payne උපදෙස් ලබා දෙයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය

--------------------------------------------------------------------------------------------------------


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now