ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ දෙසැම්බර් 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ දී (Invitation Round) නිකුත් කළ ආරාධනා පත්‍ර ගණන සාපේක්ෂව ඉතා අඩුවී ඇති බව වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව 2018-19 මුල්‍ය වර්ෂයේ සිට සෑම මසකම 11 වන ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට හැකි දින 189 වීසා වලට අදාළ EOI සඳහා ආරාධනා පත්‍ර නිකුත් කරන බව පසුගිය ජුනි මාසයේදී පවසා තිබුණි.

දෙසැම්බර් 11 ආරාධනා පත්‍ර වටය
දෙසැම්බර් 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ දී සමස්ත ආරාධනා පත්‍ර 800 ක් නිකුත් කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ සංක්‍රමණික වෙබ් අඩවියක් වන iscah වෙබ් අඩවිය වාර්තා කරයි.
සාමන්‍ය ආරාධනා පත්‍ර වටයකදී ආරාධනා පත්‍ර 2500 ක් නිකුත් කෙරෙන නමුත් මෙවර එය 800 කට පහළ බැසීම විශේෂත්වයකි.
එහිදී Pro Rata Occupations හෙවත් Pro Rata ඛාණ්ඩයේ වෘත්තීන් සඳහා ආරාධනා පත්‍ර 400 ක්ද Non Pro Rata Occupations හෙවත් Non Pro Rata ඛාණ්ඩයේ වෘත්තීන් සඳහා ආරාධනා පත්‍ර 400 ක්ද නිකුත් කර ඇති බව ඔවුන් පවසයි.
ඒ අනුව පසුගිය ආරාධනා පත්‍ර වට වලට සාපේක්ෂව ඉහළ ඉල්ලුමක් සහිත Pro Rata Occupations වල EOI සඳහා මෙවර ඉතාමත් අඩු ආරාධනා පත්‍ර සංඛ්‍යාවක් ලැබී තිබේ.

IT සහ Accounting වෘත්තීන්ගේ තත්ත්වය
ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ වඩාත් ජනප්‍රියම සහ වැඩිම ඉල්ලුමක් ඇති IT සහ Accounting වෘත්තීන් ට අදාළ වෘත්තීන් සඳහා මෙවර ආරධනා පත්‍ර වටයේ තත්ත්වය සාරාංශගතව පහත පරිදි වේ.
Accountants (Occupation ID - 2211) සඳහා 18/08/2018 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 85 ක් හා 80 සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
Auditors, Company Secretaries and Corporate Treasurers (Occupation ID - 2212) සඳහා මෙවර වටයේදී කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් නොකර ඇති බව වාර්තා වේ.
ICT Business and System Analysts (Occupation ID - 2611) සඳහා 12/09/2018 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 80 ක් හා 75 සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
Software and Applications Programmers (Occupation ID - 2613) සඳහා 10/12/2018 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 75 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
Computer Network Professionals (Occupation ID - 2631) සඳහා 10/12/2018 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 75 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.

ඔක්තෝබර් සහ නොවැම්බර් ආරාධනා පත්‍ර වට
ඔක්තෝබර් සහ නොවැම්බර් ආරාධනා පත්‍ර වට වලදී සාමන්‍යයෙන් මාසිකව නිකුත් කරන ආරාධනා පත්‍ර 2500 වෙනුවට ආරාධනා පත්‍ර 4340 බැගින් නිකුත් කළ බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
Skilled Migration සඳහාවූ SkillSelect වෙබ් පිටුවේ මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති ඔක්තෝබර් ආරධනා පත්‍ර වටයේ තොරතුරු වලට අනුවනම් එම වටයේදී ආරාධනා පත්‍ර 4340 නිකුත් කර තිබේ.
නමුත් නොවැම්බර් ආරාධනා පත්‍ර වටයේ තොරතුරු තවමත් ඔවුන්ගේ වෙබ් අඩවියේ පළ කර නැත.
සාමන්‍යයෙන් මාසික අරාධනා පත්‍ර වටය 11 වන දිනයේ ක්‍රියාත්මක වූ පසුව ඊළඟ සති දෙක හෝ තුන ඇතුළත ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ SkillSelect වෙබ් පිටුවට එම තොරතුරු ඇතුළත් කෙරේ.
නමුත් සැප්තැම්බර් ආරාධනා පත්‍ර වටයෙන් පසුව එම තොරතුරු පල කිරීම අතිශය ප්‍රමාද වී තිබේ.
ඔක්තෝබර් 11 වටයට අදාළ තොරතුරු SkillSelect වෙබ් පිටුවේ පල කරනු ලබුවේ පසුගිය දෙසැම්බර් 14 වන දිනය.
නමුත් මේ වන විටත් නොවැම්බර් හා දෙසැම්බර් ආරාධනා පත්‍ර වටවල තොරතුරු තවමත් එහි නැත.

ඔක්තෝබර් 11 වටයේ ප්‍රධාන වෘත්තීන් හි ලකුණු මට්ටම්
ඔක්තෝබර් 11 වටයේ ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීන් සඳහා ආරාධනා පත්‍ර යොමු කෙරුණු ලකුණු මට්ටම පහත පරිදි වේ.

--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

