ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළේ වත්මන් තත්ත්වය ඔස්ට්‍රේලියාවේ ජාතික ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යාමට මහත්වූ බාධාවක් වෙමින් පවතින බව ලෝක ප්‍රකට ආර්ථික කටයුතු පිළිබඳ ආයතනයක් වන Organisation for Economic Co-operation and Development හෙවත් OECD ආයතනය තම නවතම වාර්තාව පසුගිය සතියේදී එළිදක්වමින් වාර්තා කළේය.
ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළ ඉතා අසීරු අඩියකට මුහුණ පෑමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවද ඔවුන් පවසයි.

ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළ
ඔස්ට්‍රේලියාවේ ජාතික නිවාස වෙළෙඳ පොළ විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල නිවාස වෙළෙඳ පොළ සමග තදින් බැදී සිටියි.
ඒ අනුව සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බර්න්, කැන්බරා, පර්ත් සහ හෝබාර්ට් යන ප්‍රධාන නගර වල නිවාස වෙළෙඳ පොළෙහි මිල හැසිරීම අනුව ඔස්ට්‍රේලියාවේ ජාතික නිවාස වෙළෙඳ පොළ මිල ගණන් උච්ඡාවචනය වෙයි.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
පසුගිය වසර කිහිපය තුළ ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් ශීග්‍රයෙන් ඉහළ යාමත් ඊට සාපේක්ෂව නිවාස හිමියන්ගේ ණය ප්‍රමාණය වර්ධනය වීමත් නිසා නුදුරු අනාගතයේදී ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළ ඉතා අසීරු අඩියකට මුහුණ පෑමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව OECD ආයතනය පවසයි.
මේ වන විට එම අවදානම ඉතා සුළු මට්ටමේ පැවතියද එය නුදුරේම ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළට බරපතල ලෙස දැනෙනු ඇතැයි OECD ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ Phil Hemmings, SBS පුවත් වෙත පැවසීය.

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල පහළට
2017 වසරේ අග භාගයේ පටන් මේ දක්වා ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ක්‍රමිකව පහළ බසින අයුරු පෙනෙන්නට තිබේ.
එය මේ දක්වා ඉතා මෘදු බැස්මක් වුවද නුදුරේදීම දරුණු බැස්මකට ලක්විය හැකි බවට OECD වාර්තාව ඔස්ට්‍රේලියාවේ මුල්‍ය සහ බැංකු ක්ෂේත්‍රයට අනතුරු අඟවයි.
එනිසාම ඔස්ට්‍රේලියාවේ මුල්‍ය සහ බැංකු ක්ෂේත්‍රය මේ සඳහා කල් තියාම සූදානම් විය යුතු බවත් විශේෂයෙන්ම රාජකීය බැංකු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වැදගත් බවත් එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙයි.
කෙසේනමුත්, ඔස්ට්‍රේලියාවේ ජාතික ආර්ථිකය නොකඩවා වර්ධනය වෙමින් පවතින බවත් එය නොකඩවා 27 වෙනි වසරට පැමිණ ඇති බවත් ඔවුන් පෙන්වා අනාවරණය කරයි.

පොළී අනුපාතික සහ උද්ධමනය
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉතා සෙමින් වර්ධනයක් පෙන්නුම් කරන නිසාවෙන් පොලී අනුපාතික ක්‍රමිකව ඉහළ දමන ලෙස OECD ආයතනය ඉල්ලා තිබේ.
මේ අතර පසුගිය 2016 අගෝස්තු මාසයේ පටන් ඔස්ට්‍රේලියාවේ පොළී අනුපාතික 1.5% ක් වැනි අවම මට්ටමක පවත්වාගෙන යාමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව තීරණය කර තිබේ.
එය තවත් සැලකිය යුතු කාලයක් ගතවනතුරු වෙනස් නොවන බවක් මේ වන විට වාර්තා වෙයි.
මේ අතර ඇතැම් ඔස්ට්‍රේලියානු වාසීන් හට අඩු මට්ටමේ ආදායම් සහිත රැකියා ඇති බවත් ඔවුන් දරිද්‍රතාව කරා යාමේ වැඩි අවදානමක් පවතින බවත් මෙම OECD වාර්තාව අනාවරණය කර තිබේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

