SKIP TO MAIN CONTENT

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් 26 ක් ICU වල, 21 ක් ventilators වල

Coronavirus - ICU Bed
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් 21 ක් රෝහල්ගත කර ශ්වසන ආධාරක (ventilators) වල සිටින බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

එමෙන්ම රෝගීන් 26 දෙනෙකු හදිසි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබමින් සිටින බවත් සඳහන්.

ඊයේ දිනය (13/07) වන විට කොරෝනා රෝගීන් 17 ක් පමණක් හදිසි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබමින් සිටි නමුත් අද දිනයේදී එම ප්‍රමාණයට තවත් 9 ක් එකතු විය.

වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගෙන් තවමත් බහුතරයක් වාර්තා වෙමින් පවතින්නේ උතුරු සහ බටහිර මෙල්බර්න් කලාප වලිනි.

Tarneit, Roxburgh Park සහ Craigieburn තවමත් මෙල්බර්න් කොරෝනා මර්මස්ථාන ලෙස පවතින බව වාර්තා වේ.

Truganina හි Al-Taqwa ඉස්ලාම් විද්‍යාලය ආශ්‍රිතව වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 147 දක්වා ඉහළ නැග ඇති අතර එම විද්‍යාලය මේ වන විට වසා දමා තිබේ.

Brunswick පුද්ගලික රෝහල ආශ්‍රිතව ආසාදිතයින් 14 ක් වාර්තා වන අතර Tottenham's Somerville Meats වෙතින් තවත් ආසාදිතයින් 14 දෙනෙකු වාර්තා වේ.

එමෙන්ම Ardeer හි Estia Health Aged Care ආශ්‍රිතව ආසාදිතයින් 13 ක් වාර්තා වන අතර Essendon හි LaManna Supermarket ආශ්‍රිතව ආසාදිතයින් 11 ක් වාර්තා වේ.

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 270 ක් වාර්තා වී තිබේ.

Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now