ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළ නිරතුරුවම පාහේ සාකච්ඡාවට බදුන් වන ක්ෂේත්‍රයකි.
ඒ අතරින් නිවාස මිලදී ගැනීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු වේ.
නිවාස මිලට ගැනීමේදී අඩක් පමණක් අලුත් වැඩියා කළ නිවසක් මිලට ගැනීමට කොපමණ පිරිසක් කැමති වෙයිද?
මේ ගැටළුවට විසඳුම් සෙවීමට State Custodians ආයතනය විසින් සමීක්ෂණයක් ආරම්භ කරන ලදී.
එම සමීක්ෂණයේ දත්ත වලට අනුව 52% ක පමණ පිරිසක් නිවාස අලුත් වැඩියා කිරීමට හෝ අඩක් පමණක් අලුත් වැඩියා කළ නිවසක් මිලට ගැනීමට කැමැත්ත පළ කර තිබේ.
නමුත් සම්පූර්ණ කළ නිවසක් මිලට ගැනීමට 19% ක පිරිසක් කැමතිවී ඇත.

අඩක් පමණක් ඉදි කළ නිවාස වල ඇති ප්‍රතිලාභ
අඩක් පමණක් අලුත් වැඩියා කළ නිවාස සම්පූර්ණයෙන් ඉදි කළ නිවාස වලට වඩා ලාභ දායී වන අතර සම්පූර්ණයෙන් ඉදි කළ නිවාස වලට වඩා ඒවායේ ප්‍රතිලාභ පවතින බවද State Custodians හි සාමාන්‍යධිකාරිනී Joanna Pretty, The Age පුවත් පතට පැවසුවාය.
ඇය පවසන අයුරින් පහත සඳහන් ප්‍රධාන ප්‍රතිලාභ, අඩක් පමණක් අලුත් වැඩියා කළ නිවාස වලින් ලබා ගත හැකිය.
- විශාල ප්‍රමාණයේ අලුත් වැඩියා කිරීම් රහිතව නවීකරණ කටයුතු සිදු කළ හැකි වීම.
- එනිසාම දැරීමට ඇති පිරි වැය සහ ශ්‍රමය අවම වීම.
- තමන්ට අවශ්‍ය ආකාරයට අලුත් වැඩියා කටයුතු ඉතා පහසුවෙන් කරගත හැකි වීම.

අඩක් පමණක් අලුත් වැඩියා කළ නිවෙසක් මිලට ගැනීමේදී ඇති අවදානම්
- සීමා සහිත මුදලක් ගැනුම්කරුවා සතු වීම.
- අදාළ නිවසේ මූලික අංග මුළුමනින්ම හෝ 100% කට ආසන්න ලෙස හෝ සම්පූර්ණ කර නොතිබීම.
- කෘමීන් පිළිබඳ පරීක්ෂාවක් නොකිරීම.
- එතෙක් සිදු කරගෙන පැමිණි ආකෘතිමය නවීකරණ කටයුතු ගැනුම්කරුවාගේ කැමැත්තෙන් බොහෝ එපිටින් පිහිටීම.

අඩක් පමණක් අලුත් වැඩියා කළ නිවෙසක් මිලට ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
- නිවස සඳහා අදාළ නගර සභාවේ සියලු අනුමැතීන්.
- නිවාස සැලසුම සහ නවීකරණ සැලසුම.
- නවීකරණය කිරීමට තහවුරු කර ඇති පිරිවැය සහ මේ දක්වා තත්ත්වය.
- කෘමි පරීක්ෂාවන් ඇතුළු නිවස සඳහා අදාළ වන සියලු වාර්තා.
- රක්ෂණ සහතික හෝ වගකීම් සහතික.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

