SKIP TO MAIN CONTENT

මැතිවරණ පරාජයෙන් පසුව කම්කරු පක්ෂයේ නව නායකත්වයට තිදෙනෙකු තරග බිමේ.

Three senior Labor figures to meet on leadership after election disappointment.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් ලද පරාජය හේතුවෙන් බිල් ශෝටන්, කම්කරු පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමග කම්කරු පක්ෂයේ නව නායකත්වයට නියෝජ්‍ය නායිකා Tanya Plibersek මෙන්ම ජ්‍යෙෂ්ඨ සාමාජිකන් වන Anthony Albanese සහ Chris Bowen ද තරග වැදීමට නියමිතය.

ඒ සඳහා කම්කරු පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (20/05) පස්වරුවේ රැස්වීමට නියමිතය.

මෙවර මැතිවරණයේදී කම්කරු පක්ෂයට විරුද්ධව United Australia පක්ෂය ගෙන ගිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු කම්කරු පක්ෂයේ පරාජයට ප්‍රබල සාධකයක් වූ බව කම්කරු පක්ෂයේ නියෝජ්‍ය නායිකා Tanya Plibersek පවසයි.

මැතිවරණයට පෙර ක්‍රියාත්මක කළ සමීක්ෂණ වාර්තා ඔස්සේ මෙවර මැතිවරණයෙන් කම්කරු පක්ෂය පැහැදිලි ජයක් ලබාගන්නා බව දිගින් දිගටම අනාවරණය කර තිබූ අතර සෙනසුරාදා පැවති මැතිවරණයෙන් කම්කරු පක්ෂය ලද පරාජය බොහෝ දෙනෙකු මවිත කරවූ බව ඇය පැවසුවාය.

කම්කරු පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ඉතා බැරෑරුම් ඒවා වූ බවත් එම ප්‍රතිපත්ති නිසි පරිදි පැහැදිලි කිරීමට තම පක්ෂයට සැලකිය යුතු කාලයක් නොතිබීම තම පක්ෂයේ පරාජයට තවත් හේතුවක් වූ බවත් කම්කරු පක්ෂයේ නියෝජ්‍ය නායිකා Tanya Plibersek, ABC පුවත් සේවයට පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now