ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණය හෙට (24/11) දිනයේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ය.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරටරි මැතිවරණ අතරින් සෑමදාම පාහේ ආන්දෝලනාත්මක සහ වැඩිම අවධානයක් යොමුවන ප්‍රාන්ත මැතිවරණය ලෙසද වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණය හැඳින්වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
වික්ටෝරියානු ප්‍රාන්තයේ වර්තාමානයේ බලයට පත්ව සිටින කම්කරු පක්ෂය, ලිබරල් පක්ෂය සහ ග්‍රීන්ස් පක්ෂය මෙවර වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රධාන පක්ෂ ත්‍රිත්වය ලෙස ඉදිරියෙන් සිටිති.
ඊට අමතරව ඇතැම් නගර සභා නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වී ඇති ඇතැම් ස්වාධීන මන්ත්‍රීවරුන්ද මෙවර මැතිවරණයේදී පෙරළියක් ඇති කරනු ඇතැයි විශ්වාස කෙරේ.

නවතම මත විමසුමෙන් කම්කරු පක්ෂයට ජය
වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කරගනිමින් The Age පුවත්පත විසින් මෙහෙයවනු ලැබූ නවතම මත විමසුමට අනුව කම්කරු පක්ෂය මෙවර ප්‍රාන්ත මැතිවරණය ජයගෙන නැවත වික්ටෝරියානු ප්‍රාන්තයේ බලයට පත්වනු ඇතැයි වාර්තා වේ.
එම මත විමසුමේදී කම්කරු පක්ෂයට 54% ක ජනතා මනාපයක් හිමව ඇති අතර ලිබරල් පක්ෂයට 46% ක ජනතා මනාපයක් හිමව තිබුණි.
ඊට අමතරව YouGov Galaxy විසින් මෙහෙයවූ සහ News Corp විසින් ප්‍රකාශයට පත් කරන ලද තවත් මත විමසුකදී ද කම්කරු පක්ෂය නැවත බලයට පැමිණෙන බවට ප්‍රතිඵල ලැබී තිබේ.
53 - 47 ක් ලෙස ලිබරල් පක්ෂයට වඩා කම්කරු පක්ෂය එම මත විමසුමේදී ද ඉදිරියෙන් සිටි බව සඳහන්.

හොඳම ප්‍රාන්ත අගමැති
News Corp විසින් ප්‍රකාශයට පත් කරන ලද මත විමසුමට අනුව වික්ටෝරියානු ප්‍රාන්තයට වඩාත් සුදුසු ප්‍රාන්ත අගමැතිවරයා ලෙස වත්මන් ප්‍රාන්ත අගමැති සහ වික්ටෝරියානු ප්‍රාන්තයේ කම්කරු පක්ෂ නායක Daniel Andrews හට ඉහළ මනාපයක් හිමිව තිබේ.
Daniel Andrews මෙවරද ප්‍රාන්ත අගමැති වීමට සුදුසු බවට 47% ක මනාපයක් හිමිව ඇති අතර ලිබරල් පක්ෂයේ ප්‍රාන්ත අගමැති අපේක්ෂක සහ වික්ටෝරියානු ප්‍රාන්තයේ ලිබරල් පක්ෂ නායක Matthew Guy හට 35% ක මනාපයක් හිමව ඇත.
හෙට පැවැත්වෙන මැතිවරණයේ සියලු පක්ෂ වල අවසන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු අදින් අවසන් කිරීමට නියමිතය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ ඡන්ද දායකයින්
මෙවර වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට ඡන්ද දායකයින් මිලියන 4.1ක් පමණ ලියා පදිංචි වී ඇති බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
වික්ටෝරියානු ප්‍රාන්තයේ වාසය කරන වයස අවුරුදු 18 ට හෝ ඊට වැඩි සෑම ඔස්ට්‍රේලියානු පුරවැසියෙකුම ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබයි.
ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත දිවා වේලාවෙන් නොවැම්බර් 24 වන දින පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා ප්‍රාන්තයේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් එම ඡන්ද දායකයින්ට ඡන්දය භාවිතා කළ හැකිය.

ඡන්දය භාවිතා කළ හැකි ක්‍රම
- Early voting හෙවත් වේලාසන ඡන්දය භාවිතා කිරීම (අද (23/11) පස්වරු 6 න් අවසන් වෙයි)
- Vote by post හෙවත් තැපෑලෙන් ඡන්දය භාවිතා කිරීම (නොවැම්බර් 21 වන දින පස්වරු 6 ට අවසන් විය)
- Vote on Election Day හෙවත් මැතිවරණ දිනයේම ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය භාවිතා කිරීම (හෙට (24/11) පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා)
මේ වන විට ඡන්ද දායකයින් 1,184,095 ක් තම ඡන්දය Early voting ක්‍රමය හරහා භාවිතා කර ඇති බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
ව්ක්ටෝරියානු පාර්ලිමේන්තුවේ ආසන සංයුතිය
1856 නොවැම්බර් 21 වන දින පිහිටවූ වික්ටෝරියානු ප්‍රාන්ත පාර්ලිමේන්තුව බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය අනුගමනය කරයි.
පහළ මන්ත්‍රණ සභාව සහ සෙනට් සභාව යනුවෙන් වික්ටෝරියානු ප්‍රාන්ත පාර්ලිමේන්තුව කොටස් දෙකකි.
- පහළ මන්ත්‍රණ සභාව - ආසන 88
- සෙනට් සභාව - ආසන 40
- මුළු ආසන - 128
- පාර්ලිමේන්තුවේ වලංගු කාලය - වසර 4

වත්මන් වික්ටෝරියානු පාර්ලිමේන්තුවේ ආසන තත්ත්වය
2014 වසරේ අවසන් වරට පැවති වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජය ගැනීමත් සමග පහළ මන්ත්‍රණ සභාවේ ආසන එක් එක් පක්ෂය වෙත වර්තමානය වන විට බෙදී ඇත්තේ පහත අයුරිනි.
- කම්කරු පක්ෂය - ආසන 46
- ලිබරල් සන්ධානය - ආසන 37
- ග්‍රීන්ස් පක්ෂය - ආසන 03
- ස්වාධීන මන්ත්‍රීවරුන් - ආසන 02
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

