SKIP TO MAIN CONTENT

කුරුමිණි දෝෂය පහවෙයි : ලංකා තේ ගැනීමට රුසියාව එකඟ වෙයි.

Tea _ Sri Lanka

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

රුසියාව ශ්‍රී ලංකාවේ  තේ මිලදී ගැනීම සඳහා පනවා තිබූ තහනම මෙම දෙසැම්බර් 30 දින සිට ඉවත් කිරීමට දෙරටේ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවේදී එකඟ වී තිබේ.

වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා ඒ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ රුසියාවේ මොස්කව් නුවරදී ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිස සමඟ පැවැති සාකච්ඡාවේදී මේ 30 දින දින සිට තේ තහනම ඉවත් කරන බවට එරට බලධාරීන් ප්‍රකාශ කර ඇති බවයි. තේ තහනම ඉවත් කර ගැනීමට සාකච්ඡා කිරීමට රුසියාව බලා පසුගියදා මෙරට තාක්ෂණික කමිටුවක් පිටත් විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now