දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද අර්බුදයකට මැදිහත්වී සිටිනවා : අමාත්‍ය එස්.බී.දිසානායක කියයි(වීඩියෝ)

Minister S.B Disanayake -

Sri Lanka Source: SBS Sinhala

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තමන් නොවන බව හොදින් දන්නා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහි සභාපති තමන් යැයි කීමට තරම් දේශපාලනික වශයෙන් අසරණ තත්ත්වයට පත්ව ඇතැයි සමාජ සවිබල ගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට සංවර්ධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත ආරම්භ කළ පොහොට්ටු පක්ෂය,  මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටියත් විට එම පක්ෂය ද දේශපාලනික වශයෙන් පිරිහීම නිසා මහින්ද රාජපක්ෂ මහතා ද අසරණ වී ඇතැයි වත්තේගම දී පැවැති පාතදුම්බර ආසන බල මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඔහු මේ බව කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධූරය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදුන් හිටපු ජනාධිපතිවරයා, පොළොන්නරුවේ පැවැති සමුලුවේදී අනුශාසක ලෙස අසුන්ගෙන සිටි බව සිහිපත් කළ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා මෙසේ ප්‍රකාශ කළේය.

"...දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද අර්බුදයකට මැදිහත්වී සිටිනවා. එක් පැත්තකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අනෙක් පසින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මහින්ද රාජපක්ෂ මහතා පෙනී සිටිනවා.

කුමන දෙයක් සිදුවුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව නව පක්ෂ සකස් කොට ගිය පිරිස් යළි පක්ෂය හා එක්වන බව අතීතයේ සිටම ගෙන හැර දැක්විය හැකි යැයි කී අමාත්‍යවරයා මෙසේ කීවේය.

මෛත්‍රීපාල සේනානායක, අනුර බණ්ඩාරනායකයන් පක්ෂය කඩා ගෙන වෙනත් පක්ෂ සකස් කොට ගියත් ඔවුන් යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත පැමිණියා. ඊටත් ඉහතදී සී.පී.සී. ද සිල්වා, ටී.බී.ඉලංගරත්න, රත්නසිරි වික්‍රමනායක, විජය කුමරතුංග ආදී විවිධ පිරිස් පක්ෂයෙන් ඉවත්ව විකල්ප ක්‍රම කරා යොමුවුවත් අවසානයේදී සිදුවුණේ ඔවුන්ට යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත පැමිණීමටයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් නොව එක්සත් ජාතික පක්ෂයට ද එවැනි අත්දැකීම් තිබෙනවා. ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි ආදීන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ගියත් අවසානයේදී ඔවුන්ට යළි පක්ෂය සමග අත්වැල් බැදීමට සිදුවුණා.

මහජන පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය ආදිය ද මේ අයුරින් විකල්ප කණ්ඩායම්වලට බෙදී ගියත් අවසාන්යේදී ඔවුන්ට සිදුවන්නේ සිය මව් පක්ෂය හා එක්වීමටයි.

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සදහා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානමින් සිටින්නේ. මෙවර ඉදිරිපත් කරන අපේක්ෂකයන්ගෙන් සියයට අසූවක් සම්මුඛ පරීක්ෂණ ගත කළා.  මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් තුළ බෙදීමක් තිබෙනවා. පාක්ෂිකයන් සියයට පනහක් මහින්ද රාජපක්ෂ මහතා සමග සිටින්නේ නම් සෙසු සියයට පනහ සිටින්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා සමග..."  යැයි අමාත්‍ය එස්.බී.දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පිවිසෙන්න අපගේ Facebook පිටුව වෙත


2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Nadeeka Daya Bandara - Kandy - Sri Lanka


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now