පසුගිය සතියේ ඔස්ට්‍රේලියානු ජන හා නිවාස සංගණන කාර්යාංශය නිකුත් කළ නවතම දත්ත වලට අනුව ඔස්ට්‍රේලියාවේ ජනගහනය සැලකිය යුතු ලෙස වර්ධනය වෙමින් තිබෙන අතර එම දත්ත වලට අනුව පසුගිය වසරේදී ජනගහනය අතින් ශක්තිමත්ව වර්ධනය වූ ප්‍රාන්තය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය වාර්තා වේ.
එමෙන්ම පසුගිය වසරේ වාර්තා වූ ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනයෙන් 70% කටම හිමිකම් කියනුයේ සිඩ්නි, මෙල්බන් සහ බ්‍රිස්බන් නගර බවද සඳහන්.

මෙල්බන් - සිඩ්නි කරට කර සටන
ඔස්ට්‍රේලියාවේ ජනගහනය අතින් විශාලතම නගරය ලෙස මෙවරත් සිඩ්නි නගරය කිරුළු පැළඳ සිටින අතර පසුගිය වසරේ එහි පදිංචිකරුවන් මිලියන 5.1ක් සිටින බව වාර්තා වේ.
එය ඊට පෙර වසරට සාපේක්ෂව 2% කින් හෝ 101,000 ක පදිංචිකරුවන්ගේ වැඩිවීමක් බව සඳහන්.
නමුත් ඔස්ට්‍රේලියාවේ ජනගහනය අතින් වේගවත් වර්ධනයක් ඇති නගරය ලෙස මෙල්බන් නුවර වාර්තා වන අතර එහි පදිංචිකරුවන් මිලියන 4.9 ක් සිටින බව නවතම දත්ත පෙන්වා දෙයි.
එය ඊට පෙර වසරට සාපේක්ෂව 2.7% ක වර්ධනයකි.

මෙල්බන් ජනගහන වර්ධනයේ සුවිශේෂී සිදුවීම්.
01. මෙල්බන් ජනගහනයෙන් තුනෙන් දෙකක්ම විදෙස් සංක්‍රමණිකයින්
පසුගිය වසරේ සිදුවූ මෙල්බන් ජනගහන වර්ධනයෙන් තුනෙන් දෙකකටම වග කියනුයේ විදෙස් සංක්‍රමණිකයින් බව The Age පුවත්පත වාර්තා කරයි.
පසුගිය වසරේදී වික්ටෝරියා ප්‍රාන්තයට සංක්‍රමණය වූ පුද්ගල සංඛ්‍යාව 87,000 ක් ලෙස වාර්තා වන අතර එයින් බහුතරයක් මෙල්බන් නගරයට යාබදව සංක්‍රමණය වී තිබේ.
ඊට අමතරව අලුත උපන් දරුවන් 40,000 ක් වාර්තා වන අතර ඔස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාන්තයකින් වික්ටෝරියා ප්‍රාන්තයට පසුගිය වසරේදී 17,000 ක් සංක්‍රමණය වූ බව සඳහන්.

02. විදෙස් සංක්‍රමණිකයින් මෙල්බන් නගරයට සංචරණය වීම.
පසුගිය වසරේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ පුද්ගල සංචරණයේ ජනප්‍රියතම ස්ථානය බවට Melbourne CBD හෙවත් මෙල්බන් මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය හැඳින්වේ.
ඊට අමතරව Clayton, Carlton සහ North Melbourne යන නගර වලටද වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණි බොහෝ සංක්‍රමණිකයින් සංචරණය වී ඇති බව වාර්තා වේ.
එසේ සංක්‍රමණිකයින් පැමිණි බොහෝමයක් ස්ථාන අධ්‍යාපනික ආයතන වලට සමීප ස්ථාන බවද අනාවරණය වී තිබේ.
එනිසාම වික්ටෝරියා ප්‍රාන්තයට සංක්‍රමණය වූ බහුතරයක් දෙනා අන්තර්ජාතික සිසුන් බව සඳහන්.

03. ඔස්ට්‍රේලියානුවන් නැගෙනහිර Cranbourne දෙසට ඇදෙයි.
ඔස්ට්‍රේලියාවේ නන් දෙසින් පුද්ගලයින් 6,300 ක් පමණ පසුගිය වසරේදී නැගෙනහිර Cranbourne දෙසට සංචරණය වී ඇති අතර එනිසාම එම ප්‍රදේශයේ ජනගහන වර්ධනය පසුගිය වසරේදී 85% ක් දක්වා වර්ධනය වී ඇත.
Mernda වෙතට 1792 ක් ද Melton South දෙසට 1653 ක්ද සංචරණය වී ඇති බවද සඳහන්.

04. ඔස්ට්‍රේලියානු වාසීන් මෙල්බන් වෙතින් ඉවත්ව යන්නේ කොතැනටද?
පසුගිය වසර තුළ Clayton නගරයෙන් පුද්ගලයින් 999 ක්ද, Dandenong නගරයෙන් 780ක්ද, Springvale නගරයෙන් 584 ක්ද Clayton South වෙතින් 569 ක්ද, Glen Waverley - East වෙතින් 547 ක්ද ඉවත්ව ගොස් ඇති බව අනාවරණය වී ඇත.

05. ප්‍රක්ෂේපිත මෙල්බන් ජනගහනය ඉහළ යයි.
පසුගිය වසරේදී ඇස්තමේන්තුගත කළ මෙල්බ්නන් ජනගහනය 120,000 කින් පමණ වර්ධනය වී ඇති බව අනාවරණය වී තිබේ.
එම ප්‍රමාණය වික්ටෝරියා ප්‍රාන්තයේ විශාලතම නගර ත්‍රිත්වයක් වන Melbourne’s CBD, Tarneit සහ Cranbourne East හි ජන්නගහනයේ එකතුවට සමාන කළ හැකිය.
එමෙන්ම, මේ වන විට Greater Melbourne හි පුද්ගලයින් 4,677,157 වාසය කරන අතර එය මීට වසර 10 කට පෙර වාසය කළ ප්‍රමාණයට වඩා මිලියනයක වැඩි වීමකි.

06. ඔස්ට්‍රේලියාවේ අනෙක් ප්‍රාන්ත වලින් වික්ටෝරියාවට පැමිණීම.
ඔස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාන්තයකින් වික්ටෝරියා ප්‍රාන්තයට පසුගිය වසරේදී 17,000 ක් පමණ සංක්‍රමණය වූ බව සඳහන්.
එයින් බහුතරයක් නිව් සවුත් වේල්ස්, දකුණු ඔස්ට්‍රේලියාව, බටහිර ඔස්ට්‍රේලියාව සහ Northern Territory ප්‍රාන්ත වලින් වික්ටෝරියා ප්‍රාන්තයට සංක්‍රමණය වී ඇති බව වාර්තා වේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

