ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීම සඳහා බලා සිටිය යුතු කාලය තවත් මාස කිහිපයකින්ම වැඩි වී ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ නවතම දත්ත පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා තමන් ඉදිරිපත් කළ අයදුම්පත සම්බන්ධ තීරණයක් පැමිණෙන තුරු ඒ සඳහා අයදුම් කළ පිරිසෙන් හතරෙන් තුනක්ම මාස 13 ක පමණ කාලයක් බලා සිටින බව අනාවරණය වී තිබේ.
මෙය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ වාර්තාවූ බලා සිටීමේ කාලයට වඩා තවත් මාස 3 ක වැඩි වීමකි.
මේ අතර ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කළ සෑම පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකු හටම තම අයදුමපත් වල තීරණය පැමිණ ඇත්තේ මාස 16 ක් තුළ බවද වාර්තා වේ.

ප්‍රමාදයට හේතුව
සෑම වසරකම ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කෙරෙන අයදුම්පත් ප්‍රමාණය වැඩි වන අතර එම අයදුම්පත් මනාව පරීක්ෂා කිරීම දෙපාර්තමේන්තුවේ වගකීමක් බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු පැවසීය.
නමුත් අයදුමපත් පරීක්ෂා කර ඒ ආශ්‍රිත කටයුතු කිරීමට සිටින සේවකයින් සිය ගණනකගේ රැකියා කප්පාදුව මෙම ප්‍රමාදයට ප්‍රධාන සාධකය වී ඇති බව වාර්තා වේ.
අයදුම්කරුවන්ට අඩු ගෞරවයක්
කෙසේවෙතත්, මෙම ප්‍රමාදය ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පතන පුද්ගලයින් වෙත අඩු ගෞරවයක් දක්වන්නක් බව ග්‍රීන්ස් පක්ෂයේ සෙනට් සභික Nick McKim පැවසීය.
පුරවැසිභාවය සහ ආගමන කටයුතු පිළිබඳ පාලනාධිකාරියේ දුර්වල පාලනය සහ සේවක කප්පාදුව මේ සඳහා බලපා ඇති බවට ඔහු චෝදනා කරයි.
තමන්ගේ සේවා යෝජකත්වය, නිවාස පහසුකම් සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර සම්බන්ධ ව අයදුම්කරුවන්ට මේ නිසා තීරණයක් ගැනීමට නොහැකිව ඇතැයි ද ග්‍රීන්ස් පක්ෂයේ සෙනට් සභික Nick McKim පෙන්වා දෙයි.
අදාළ පුද්ගලයින්ගේ ජීවිතවල කිසිදු සැලැස්මක් මේ නිසා ඇති කරගැනීමට නොහැකිවී තිබෙන බවද ඔහු AAP පුවත් වෙත පැවසීය.

ප්‍රමාදයේ ආරම්භය
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේදී දැනට පවතින නීති වෙනස් කරමින් නව නීති කිහිපයක් පසුගිය වසරේදී ටර්න්බුල් රජය හඳුන්වාදීමත් සමග මෙම ප්‍රමාදය ආරම්භ විය.
ඉංග්‍රීසි භාෂා ප්‍රවීනත්වය මැන බලන පරීක්ෂණයක් පැවැත්වීම අනිවාර්ය කිරීම, ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා පුරවැසිභාවය ලබා ගැනීමට වසර 4 ක කාලයක් බලා සිටිය යුතු වීම එම යෝජිත නීති අතර විය.
නමුත් එම යෝජිත වෙනස්කම් සියල්ල පසුගිය වසරේදී සෙනට් සභාව තුළ පරාජයට පත්විය.
එම වෙනස්කම් අනුමත වන තුරු පුරවැසිභාවය සඳහා අයදුම් කළ අයදුම්කරුවන්ගේ අයදුම්පත් සැලකිල්ලට නොගෙන සිටි බව ද ඒ අතර වාර්තා විය.

ඔස්ට්‍රේලියානු වීසා වලට වැඩි ඉල්ලුමක්
ඔස්ට්‍රේලියාවේ විවිධ වීසා සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමත් සමග ඒ සියලු වීසා සැකසීමේ ක්‍රියාවලීන් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ඩොලර් මිලියන 100 ක් වෙන් කර තිබේ.
මෙවැනි පසුබිමක් යටතේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 355 දෙනෙකු ගේ සේවය අත්හිටුවීම පිළිබඳ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් Michael Pezzullo මෙවැනි අදහසක් පළ කර සිටියේය.
"නවීන තාක්ෂණයත් සමග පරිගණක වලින් වීසා කටයුතු සිදු කෙරෙන බැවින් සාම්ප්‍රදායික ලිපි ගොනු සැකසීම සඳහා සේවකයින් බඳවා ගන්නේ නැහැ."
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

