විදේශික සංක්‍රමණයන් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ජනගහනය දැවැන්ත ලෙස ඉහළ යයි. මෙල්බන් - සිඩ්නි කරට කර සටනක. (SBS සිංහල/ වාර්තා)

මෙල්බන් නගරයේ ජනගහනය වත්මන් අනුපාතයට ම ඉදිරියටත් වර්ධනය වුවහොත් තවත් වසර 8 කදී මෙල්බන් නගරයේ ජනගහනය සිඩ්නි නගරයේ ජනගහනය අභිබවා යන බව ඇස්තමේන්තු ගත කර තිබේ.

Australia's population boom

Source: AAP

විදේශික සංක්‍රමණයන් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ජනගහනය දැවැන්ත ලෙස ඉහළ යාමක් පෙන්නුම් කෙරෙන බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

එම දත්ත වලට අනුව පසුගිය වසරේදී ජනගහනය අතින් ශක්තිමත්ව වර්ධනය වූ ප්‍රාන්තය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය වාර්තා වේ.

පසුගිය වසරේ වාර්තා වූ ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනයෙන් 70% කටම හිමිකම් කියනුයේ සිඩ්නි, මෙල්බන් සහ බ්‍රිස්බන් නගර බවද සඳහන්.

Australia's population boom
Source: SBS

ඉලක්කම් අතින් ඉහළම නගර

ඔස්ට්‍රේලියාවේ ජනගහනය අතින් විශාලතම නගරය ලෙස මෙවරත් සිඩ්නි නගරය කිරුළු පැළඳ සිටින අතර පසුගිය වසරේ එහි පදිංචිකරුවන් මිලියන 5.1ක් සිටින බව වාර්තා වේ.

එය ඊට පෙර වසරට සාපේක්ෂව 2% කින් හෝ 101,000 ක පදිංචිකරුවන්ගේ වැඩිවීමක් බව සඳහන්.

නමුත් ඔස්ට්‍රේලියාවේ ජනගහනය අතින් වේගවත් වර්ධනයක් ඇති නගරය ලෙස මෙල්බන් නුවර වාර්තා වන අතර එහි පදිංචිකරුවන් මිලියන 4.9 ක් සිටින බව නවතම දත්ත පෙන්වා දෙයි.

එය ඊට පෙර වසරට සාපේක්ෂව 2.7% ක වර්ධනයකි.

මේ අතර බ්‍රිස්බන් නගරයේ ජනගහන වර්ධනය 2% ක් බවද වාර්තා වේ.

Australia's population boom
Source: SBS

සංක්‍රමණික ජනතාව වැඩි වැඩියෙන් මෙල්බන් සහ සිඩ්නි දෙසට

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදෙස් සංක්‍රමණිකයින්ගෙන් අති බහුතරයක් සිඩ්නි සහ මෙල්බන් වෙතට පැමිණෙන බවත් ඔවුන් ඉන් පිටව යනවාට වඩා එම නගර වල රැදී සිටින බවක් පෙනෙන්නට ඇති බවත් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ Louise Gates පැවසුවාය.

කැන්බරා සහ ඩාවින් නගර වල ඇත්තේ ස්වභාවික ජනගහන වර්ධනයක් බවත් ඒ සඳහා මූලිකවම දරු උපත් බලපා ඇති බවත් ඇය පෙන්වා දෙයි.

කැන්බරා නගරයේ ජනගහනය 1.7% කින්ද ඩාවින්, හෝබාට්, ඇඩිලේඩ් සහ පර්ත් නගර වල 1% ක වර්ධනයක්ද දැකිය හැකි බව සඳහන්.

ඔස්ට්‍රේලියාව තෝරාගන්නේ ඇයි?

ලොව අනෙක් රටවල් අතරින් සංක්‍රමණය වීමට ඔස්ට්‍රේලියාව තෝරාගනු ලබන්නේ ප්‍රධාන වශයෙන් දේශගුණය සහ ජීවත්වීමේ මට්ටම පිළිබඳ සිතා බලා බව සංක්‍රමණික ඒජන්ත Julie Williams පවසයි.

කැනඩාව සහ නවසීලන්තය ට වඩා ඔස්ට්‍රේලියාව තම නිවහන කරගැනීමට බොහෝ දෙනෙකු කැමැත්තෙන් සිටින බවද ඇය පෙන්වා දෙයි.

Australia's population boom
Melbourne City Source: SBS

සිඩ්නි පරදා මෙල්බන් පෙරට

මෙල්බන් නගරයේ ජනගහනය වත්මන් අනුපාතයට ම ඉදිරියටත් වර්ධනය වුවහොත් තවත් වසර 8 කදී මෙල්බන් නගරයේ ජනගහනය සිඩ්නි නගරයේ ජනගහනය අභිබවා යන බව ඇස්තමේන්තු ගත කර තිබේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now