Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ගෝටාට සිංගප්පූරුවේ දේශපාලන රැකවරණ ලැබීමේ ඉඩක්

A chance for GR to get political asylum in Singapore
Gotabaya Rajapaksa Source: AAP Image/AP Photo/Eranga Jayawardena

ශ්‍රී ලංකාවෙන් පලා ගොස් දැනට මාලදිවයිනේ සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුව බලා යාමට අපේක්ෂා කරන බව ආරංචි මාර්ග පවසයි.

සිංගප්පූරුව රාජපක්ෂ මහතාට දේශපාලන රැකවරණ ලබාදීමට ඉඩ ඇති බව මාලදිවයින් මාධ්‍ය වාර්තා කළේය.

ඊයේ දිනයේදී ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුව බලා යාමට සැලසුම් කර තිබූ බවත් එම ගමන යාමට බාධා පැමිණීම නිසා තවමත් මාල දිවයිනේ රැදී සිටින බවත් ජාත්‍යන්තර පුවත් වාර්තා කළේය.

Sri Lankan presidential candidate and former defense chief Gotabaya Rajapaksa attends a news conference in Colombo, Sri Lanka, Tuesday, Oct. 15, 2019
Sri Lankan president and former defense chief Gotabaya Rajapaksa Source: AAP Image/AP Photo/Eranga Jayawardena

වැඩබලන ජනපති පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයට පත් කළ බවට ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනයට අනුව තමන් ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින කාලය තුළ ජනාධිපති ධුරයේ රාජකාරී ඉටු කිරීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබෙයි.

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37(1)ව්‍යස්ථාවට අනුව මෙම පත් කිරීම සිදු කර ඇත.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ඉල්ලා අස්විමේ ලිපිය මෙතෙක් ලැබුණේ නැහැ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්විමේ ලිපිය මෙතෙක් තමන් වෙත ලැබි නැතැයි, කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

ඊයේ (ජූලි 13) මධ්‍යම රාත්‍රියට පෙර ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්විමේ ලිපිය තමන් වෙත යොමු කරන බව මීට පෙර දුරකතනයෙන් දැනුම් දුන් බව කතානායකවරයා පැවසුවේය.

ඔහු මේ බව ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් දැනුම් දුන්නේය.

මේ අතර අගමැතිවරයා වහා ඉල්ලා අස්විය යුතු බවට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් සහ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ  (ජූලි 13) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පැවැත්වුණු  විශේෂ  සාකච්ඡාවේදී පක්ෂ නායකයෝ ඉල්ලා සිටියහ.

Mahinda Rajapaksa, left, and his brother Gotabaya Rajapaksa wave to supporters during a party convention held to announce the presidential candidacy in Colombo, Sri Lanka, Aug. 11, 2019.
Mahinda Rajapaksa, left, and his brother Gotabaya Rajapaksa wave to supporters during a party convention held to announce the presidential candidacy in Colombo, Source: AAP Image/AP Photo/Eranga Jayawardena

සැවොම පිළිගන්න අගමැති කෙනෙක්

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශවයම පිළිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක මහින්ද යපා අබේවර්ධන මහතාට ඊයේ (ජූලි 13) දැනුම් දුන්නේය.

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම එම රජයට වගකීම් බාර දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර දැනුම් දුන්නේය.

Sri Lanka's prime minister Ranil Wickremesinghe gestures during an interview with The Associated Press in Colombo, Sri Lanka, June 11, 2022.
Sri Lanka's prime minister and Acting President Ranil Wickremesinghe Source: AAP Image/AP Photo/Eranga Jayawardena

සාමකාමි බල හුවමාරුවක් අවශ්‍යයි: ඇමරිකානු තානාපතිනිය

මේ ගැටලුකාරී මොහොතේ නීතියේ ආධිපත්‍ය තහවුරු කරන ලෙස ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති Julie J. Chung මහත්මිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාවේ සිදු කරන සියලු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකින බව ඇය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළාය.

වගවීම, විනිවිධභාවය,ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ යහපත් හෙට දවසක් සඳහා වන ජනතා ඉල්ලීම් සාක්ෂාත් කර ගත හැක්කේ, ප්‍රජාතන්ත්‍රවාදී සහ ව්‍යවස්ථාමය රාමුව තුළ සාමකාමී බල හුවමාරුවකින් පමණක් බව ද ඇය අවධාරණය කළාය.



2 min read

Published

Source: AAP, AFP, SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now