ඔස්ට්‍රේලියාවට සෑම මිනිත්තු 8 කට වරක්ම සයිබර් තර්ජනයක් (SBS සිංහල/ වාර්තා)

පසුගිය මුල්‍ය වර්ෂයේදී සිදුවූ සයිබර් අපරාධවලින් 18,000 කට අධික සයිබර් අපරාධ සංඛ්‍යාවක් කොවිඩ් වසංගතයට සම්බන්ධ බව සොයාගෙන තිබේ.

The Australian Cyber Security Centre's latest Annual Cyber Threat Report found cyber criminals exploited the COVID situation in Australia.

The Australian Cyber Security Centre's latest Annual Cyber Threat Report found cyber criminals exploited the COVID situation in Australia. Source: AAP

පසුගිය මුල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියාවේ සෑම විනාඩි අටකට වරක්ම ඔස්ට්‍රේලියාවේ ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයට සයිබර් ආරක්ෂණ තර්ජනයක් පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව වාර්තා වේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් මෙම සයිබර් අපරාධ වැඩිවී ඇති බවක් පෙන්නුම් කෙරේ.


Highlights

  • 2020-21 මුල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියාවේ සයිබර් අපරාධ 67,500 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබේ.
  • පසුගිය මුල්‍ය වර්ෂයේදී සිදුවූ සයිබර් අපරාධ නිසා ඔස්ට්‍රේලියාවට සිදුවූ අලාභය ඩොලර් බිලියන 33 කි.
  • ඔස්ට්‍රේලියාවේ සයිබර් තර්ජන හා අපාරාධ සිදුවීම් වලින් හතරෙන් එකක් පමණ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ප්‍රවාහන වැනි තීරණාත්මක ක්ෂේත්‍රවලට බලපා ඇත.

පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාවට ඇතිවූ සයිබර් තර්ජන

ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයේ නවතම වාර්ෂික සයිබර් තර්ජන වාර්තාවට අනුව 2020-21 මුල්‍ය වර්ෂයේදී සයිබර් අපරාධ 67,500 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබේ.

එය පෙර වසරට සාපේක්ෂව 13% ක වැඩිවීමකි.

තවද පසුගිය මුල්‍ය වර්ෂයේදී සිදුවූ සයිබර් අපරාධ නිසා ඔස්ට්‍රේලියාවට සිදුවූ අලාභය ඩොලර් බිලියන 33 කි.

සයිබර් අපරාධකරුවන් ඔස්ට්‍රේලියාවේ COVID වසංගත තත්ත්වය ප්‍රයෝජනයට ගත් බව අදාළ සයිබර් තර්ජන වාර්තාවෙන් සොයාගෙන ඇත.

පසුගිය මුල්‍ය වර්ෂයේදී සිදුවූ සයිබර් අපරාධවලින් 18,000 කට අධික සයිබර් අපරාධ සංඛ්‍යාවක් කොවිඩ් වසංගතයට සම්බන්ධ බව සොයාගෙන තිබේ.

Australian Cyber Security Centre
Source: AAP

බහුලව සයිබර් තර්ජන එල්ලවූ ක්ෂේත්‍ර

ඔස්ට්‍රේලියාවේ සයිබර් තර්ජන හා අපාරාධ සිදුවීම් වලින් හතරෙන් එකක් පමණ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ප්‍රවාහන වැනි තීරණාත්මක ක්ෂේත්‍රවලට බලපා ඇති බව මෙම නවතම වාර්ෂික වාර්තාවෙන් අනාවරණය කරගෙන ඇත.

එමෙන්ම එම ක්ෂේත්‍ර තුනෙන්ම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට 35% ක පමණ සයිබර් තර්ජනවලට මුහුණ දීමට සිදුවී තිබේ.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

මේ අතර ඔස්ට්‍රේලියාවට පසුගිය මුල්‍ය වර්ෂයේදී බහුලවම මුහුණ දීමට සිදුවී ඇත්තේ ransomware සඳහා බවත් එය ඊට පෙර වසරට සාපේක්ෂව 15% ක වැඩිවීමකි.

පසුගිය මාර්තු මාසයේදී මෙල්බර්න් හි ප්‍රධාන සෞඛ්‍ය ජාලයකට ransomware ප්‍රහාරයක් එල්ල වීම නිසා සමහර elective සැත්කම් කල් දැමීමට සිදු වීම එයින් එක් සිදුවීමකි.

මේ අතර ඔස්ට්‍රේලියාවේ සයිබර් ප්‍රහාර වලින් විශාල ප්‍රමාණයක් ප්‍රාන්ත පදනම් කරගත් පිරිස් විසින් හෝ අපරාධකරුවන් විසින් සිදු කර ඇති බවද මෙම නවතම වාර්ෂික සයිබර් තර්ජන වාර්තාව හෙළිකරයි.

Cyber security image
Source: Getty Images

සයිබර් තර්ජන පිළිබඳ අවදියෙන් සිටින්න

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් වසංගතය ආරම්භයේ පටන් බොහෝ පිරිස් working from home හෙවත් නිවසේ සිට රාජකාරී කිරීම හෝ තමන්ගේ පවුලේ ය හා මිතුරන් සමග අන්තර්ජාලය ඔස්සේ සමබ්න්ධවීම නිසා සයිබර් ප්‍රහාර වැඩි වශයෙන් එල්ලවීමට ඉතා හොඳ තෝතැන්නක් සකස්විණි.

සයිබර් ප්‍රහාර ඉහළ යාම වැළැක්වීම සඳහා වැඩි සයිබර් ආරක්‍ෂක පියවරයන් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සහකාර ආරක්ෂක අමාත්‍ය Andrew Hastie පැවසීය.

"දරුණු සයිබර් අපරාධකරුවන් ඔස්ට්‍රේලියානුවන්ට එල්ල කරන සයිබර් ප්‍රහාර වැඩිකරමින් සිටිනවා" යනුවෙන්ද ඔහු පැවසීය.

ශක්තිමත් passwords භාවිතා කිරීම, two-factor authentication සක්‍රීය කිරීම, මෘදුකාංග සහ උපාංග යාවත්කාලීන කිරීම සහ නිතිපතා තමන්ගේ දත්ත backup කිරීම ඇතුළුව සරල සයිබර් ආරක්‍ෂිත පියවර ගැනීමෙන් මෙම සයිබර් තර්ජන අවම කරගැනීමට හැකි බවත් පැමිණිය හැකි සයිබර් තර්ජන පිළිබඳ සියලු ඔස්ට්‍රේලියානුවන් අවදියෙන් සිටිය යුතු බවත් සහකාර ආරක්ෂක අමාත්‍ය Andrew Hastie ප්‍රකාශ කළේය.


Share

3 min read

Published

By Madhura Seneviratne

Source: AAP, SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now