ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල මෙන්ම Australian Capital Territory හා Northern Territory හි නවතම කොවිඩ් තොරතුරු රැගත් සැප්තැම්බර් 16 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Highlights
- ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 514 ක් හමුවී ඇත.
- වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ගෙන් 68% ක් පමණ මේ වන විට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති හෙයින් ඉක්මණින් ඇතැම් කොවිඩ් නීති ලිහිල් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
- ඊයේ (15/09) මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය නගරයක් වන Ballarat නගරය සතියකට lockdown කෙරේ.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ගෙන් 80% ක් මේ වන විට කොව්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන තිබේ.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ට වැඩි ජනගහනයෙන් 47.5% ක් මේ වන විට කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇත.
- ACT හි වයස අවුරුදු 12 සහ ඊට වඩා වැඩි පුද්ගලයින්ගෙන් 75% ක් පමණ කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ඇත.
- Northern Territory කොවිඩ් මර්දන සැලසුමේ තුන්වන අදියර යටතේ අධි අවදානම් සහිත සේවකයින්ට කොවිඩ් එන්නත ලබා දීම අනිවාර්ය කෙරේ.
Share






