SKIP TO MAIN CONTENT

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් තවත් කොරෝනා වෛරස රෝගියෙකු හඳුනා ගැනේ. ඕස්ට්‍රේලියාවේ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහලට

Chinese residents wear masks while waiting at a bus station near the closed Huanan Seafood Market, which has been linked to cases of a new strain of Coronavirus.
Chinese residents wear masks Source: AAP

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් තවත් කොරෝනා වෛරස රෝගියෙකු හඳුනා ගැනේ. මෙම රෝගියා 37 හැවිරිදි කාන්තාවක් වන අතර ඇයව Gold Coast University ශික්ෂණ රෝහලේ හුදෙකලා කොට ප්‍රතිකාර සඳහා යොමුකොට ඇතැයි වාර්තා වේ. ඒ සමඟින් ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා වෛරස රෝගීන් සංඛ්‍යාව 5 ක් දක්වා ඉහල නඟින අතර ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන සමස්ථ කොරෝනා වෛරස රෝගීන් සංඛ්‍යාව 15 ක් දක්වා ඉහල නැඟෙනු ඇත.

තවත් ගුවන් යානාවක් ඕස්ට්‍රේලියාවේ සිට චීනයේ වුහාන් වෙත 

චීනයේ වූහාන් නගරයෙහි රැඳී සිටින ඕස්ට්‍රේලියානු පුරවැසියන් හෝ ස්ථිර පදිංචිකරුවන් ගෙන්වා ගැනීම සඳහා තවත් ගුවන් යානයක් යැවීම පිළිබඳව දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහු සාකච්චා පවත්වමින් සිටිති.

කෙසේ වෙතත් මෙලෙස තවත් අමතර ගුවන් යානා චීනයේ වුහාන් වෙත ඉදිරියටත් යැවීම පිළිබඳව ජනතාව තවදුරටත් බලාපොරොත්තු තබා නොගත යුතු බව අගමැති ස්කොට් මොරිසන් පවසා සිටි.

ඊයේ දිනයේදී චීනයේ වූහාන් වෙත යැවුණු ගුවන්යානයකින් තවත් ඕස්ට්‍රේලියානුවන් පිරිසක් කොරෝනා වෛරස නිරෝධායනය සඳහා වෙනකොට ඇති ක්‍රිස්මස් දුපත වෙත රැගෙන විත් තිබේ. මෙලෙස රැගෙන එන පිරිස් සඳහා ක්‍රිස්මස් දුපතෙහි ඇති ඉඩකඩ සිමා වුවහොත් ඒ සඳහා භාවිත කල හැකි විකල්ප ස්ථාන පිළිබඳව මේ වන විට රජයේ අවධානය යොමුව තිබේ.

Indonesia ceased direct flights to mainland China after the virus outbreak.
Source: Getty Images

ඕස්ට්‍රේලියානු ආර්ථිකයේ ප්‍රධානතම වෙළඳ හවුල්කරුවා වන චීනයෙහි ඇති තත්වය මෙරට ආර්ථිකයට මාරු පහරක් වන ලකුණු

කොරෝනා වෛරස පැතිරීම මෙරට ආර්ථිකයට දැඩිලෙස බලපානු ඇති බවට අනාවැකි පලවෙයි. ඕස්ට්‍රේලියානු ආර්ථිකයේ ප්‍රධානතම වෙළඳ හවුල්කරුවා වන චීනයෙහි ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙම බලපෑම සුළුකොට තැකිය නොහැකි බව අගමැති ස්කොට් මොරිසන් පවසයි. රජය ගණන් බලා ඇත්තේ ඩොලර් බිලියන 2.3ක පමණ පාඩුවක් ඇති වනු ඇති බවයි. නමුත් එය කොතරම් දැඩි බලපෑමක් දැයි කිව නොහැකි බවත් ඔහු පවසා තිබේ.එසේම පසුගිය වකවානුවේ ඇතිවූ ලැව්ගිනි තත්වය ද මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එක්කල බව අගමැති මොරිසන් පවසා සිටි.

මේ අතර ඕස්ට්‍රේලියා - චීන වෙළඳ කවුන්සිලයේ ප්‍රධානී හෙලන් සෆ්චක් පවසන්නේ දැනටමත් චීන සංචාරකයන් හා සිසුන් අඩු වීම නිසා මෙරට ව්‍යාපාර වලට බලපෑම් ඇති වී ඇති බවයි. එසේම චීනයේ සිට එන විදේශිකයන්ට ඔස්ට්‍රේලියාවට ඇතුල් වීමේ තහනම නිසා චීන සිසුන් හා සංචාරකයින් රැසකගේ පැමිණීම පහත බැස තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වා සිටි ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අගමැතිනි අනස්ටේශියා පලාශේ ද පවසා ඇත්තේ මේ හේතුවෙන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රැකියා වෙළඳපොලටද තර්ජන එල්ලව ඇති බවයි. මේ සඳහා මධ්‍යම රජයේ ඉක්මන් මැදිහත් වීමක් අවශ්‍ය බවද ඇය පවසා සිටි. එසේම උතුරු ක්වීන්ස්ලන්තයේ කෙයාන්ස් නගරයට පමණක් චීනයට අපනයන සඳහා ආයෝජනය කොට ඇති ඩොලර් මිලියන 200 ක ප්‍රතිපාදන ද චීනයේ ඇතිව තිබෙන තත්වය හේතුවෙන් අපනයන වෙළඳපොළක් නොමැති වීම නිසා මෙරට ආර්ථිකයට ලැබෙන යෝජනා මුදල් ගිලිහි යාමේ තර්ජනයක්ද මතුව ඇති බව ප්‍රාන්ත අගමැතිනිය මධ්‍යම රජයට පෙන්වා දී තිබේ.

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now