ඔස්ට්‍රේලියාව පුරා විශේෂ සංගණනයක් අද (27/10) ආරම්භ කෙරේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
බහු සංස්කෘතික ප්‍රජාවන් එහි මූලික ඉලක්කයක් වී ඇති අතර බහු සංස්කෘතික ඔස්ට්‍රේලියාව පිළිබඳ නිවැරදි චිත්‍රයක් ලබා ගැනීම මූලික ප්‍රමුඛතාවක් වී ඇත.

අද (27/10) පැවැත්වෙන විශේෂ සංගණනය
අද (27/10) දිනයේදී ඔස්ට්‍රේලියාව පුරා විශේෂ සංගණනයක් පැවැත්වෙන අතර ඔස්ට්‍රේලියාවේ වෙසෙන පුද්ගලයින් ලක්ෂයක් ඒ සඳහා සහභාගී කරවා ගැනීමට ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය කටයුතු කර තිබේ.
2021 වසරේදී පැවත්වීමට නියමිත ඔස්ට්‍රේලියාවේ මීළඟ ජාතික සංගණනයට පෙරහුරුවක් ලෙස මෙය ක්‍රියාත්මක වන බව සඳහන්.
අද දින පැවැත්වෙන මෙම විශේෂ සංගණනය සඳහා බහු සංස්කෘතික ප්‍රජාවන්ගේ විශේෂ සහයෝගයක් අපේක්ෂා කරයි.
සිඩ්නි, ඇඩිලේඩ්, ඩාර්වින්, කැන්බරා, Warrnambool, Karratha සහ Alice Springs යන කලාප වල අද පැවැත්වෙන මෙම විශේෂ සංගණනය ක්‍රියාත්මක වන බව සඳහන්.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
online ක්‍රමය ඔස්සේ මේ සඳහා සහභාගී විය හැකි ආකාරය පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපියක් ඇතැමුන්ට යොමු කෙරෙන අතර සෙසු පිරිසට කඩදාසි පෝරමයක් පිරවීමට ලැබෙනු ඇත.
ඒ අනුව අද (27/10) රාත්‍රියේ තම නිවසේ සිටින සියලු පුද්ගලයින්ව මෙම විශේෂ සංගණනයට ඇතුළත් කරන ලෙස සංවිධායකයෝ ඉල්ලා සිටිති.
බිලිඳුන් සහ නිවසේ සිටින අමුත්තන් ද ඊට ඇතුළත් කරන ලෙස දන්වා තිබේ.
අදාළ පෝරමය ඉංග්‍රීසියෙන් පමණක් පිරවිය යුතුය.
මේ පිළිබඳ දැනුවත් කිරීමට ප්‍රජා සම්බන්ධතා කළමනාකරුවන් ඒ ඒ ප්‍රදේශ වල ඇති සාප්පු සංකීර්ණ වෙත ගොස් කටින් කට ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

ඔස්ට්‍රේලියාවේ මීළඟ ජාතික සංගණනය
ඔස්ට්‍රේලියාවේ මීළඟ ජාතික සංගණනය ලබන වසරේ අගෝස්තු 10 වන දින පැවැත්වීමට තීරණය කර තිබේ.
අවසන් වරට ඔස්ට්‍රේලියාවේ ජාතික සංගණනයක් පැවැත්වූයේ 2016 වසරේදීය.
නමුත් එහිදී අදාළ පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල විය.
ඒ හේතුවෙන් මෙවර සංගණනය සඳහා අදාළ පරිගණක පද්ධතිය ශක්තිමත් ලෙස නැවත ස්ථාපිත කර ඇති බවත් අද (27/10) පැවැත්වෙන පෙරහුරුව ඒ සඳහා පෙර සූදානමක් බවත් සංගණන අධ්‍යක්ෂ Andrew Henderson, SBS පුවත් වෙත පැවසීය.

බහු සංස්කෘතික ප්‍රජාවන් මූලික ඉලක්කය වේ
අද පැවත්වෙන විශේෂ සංගණනයේදී බහු සංස්කෘතික ප්‍රජාවන් මූලික ඉලක්කය වී තිබේ.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණිකයින් සහ ස්වදේශික ජනතාව සංස්කෘතිමය හා භූ ගෝලීය ලෙස අමතර බාධක වලට මුහුණ දෙන බැවින් ඒවා සඳහා විසඳුම් සෙවීමට මෙය කදිම වේදිකාවක් බව විශේෂඥයෝ පවසති.
මෙය සරල ක්‍රියාවක් ලෙස දැක්කත් මෙය බරපතල අරමුණක් ඇතිව ක්‍රියාත්මක කරන ක්‍රියාවලියක් බව ඔස්ට්‍රේලියාවේ ජනවාර්ගික ප්‍රජාවන්ගේ සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරී Mohammad Al-Khafaji පැවසීය.
මෙහි දත්ත භාවිත කරන ආකාරය ගැන ඇතැම් ප්‍රජාවන් නොදන්නවා විය හැකි බැවින් ඔවුන් තම තොරතුරු ඉදිරිපත් කිරීමට බියෙන් පසුවන බව ද ඔහු පෙන්වා දුන්නේය.
එනිසා බහු සංස්කෘතික ප්‍රජාවන් මේ සඳහා උනන්දු කළ යුතු බව ඔහු පැවසීය.


