බහු සංස්කෘතික ප්‍රජාවන් ඉලක්ක කරමින් අද (27/10) ඔස්ට්‍රේලියාවේ විශේෂ සංගණනයක් (SBS සිංහල/ වාර්තා)

Census engagement managers in Darwin are spreading the word ahead of census trial night on Tuesday 27 October.

Census engagement managers in Darwin are spreading the word. Source: Supplied

ඔස්ට්‍රේලියාව පුරා විශේෂ සංගණනයක් අද (27/10) ආරම්භ කෙරේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


බහු සංස්කෘතික ප්‍රජාවන් එහි මූලික ඉලක්කයක් වී ඇති අතර බහු සංස්කෘතික ඔස්ට්‍රේලියාව පිළිබඳ නිවැරදි චිත්‍රයක් ලබා ගැනීම මූලික ප්‍රමුඛතාවක් වී ඇත.
100,000 households will take part in the trial run.
100,000 households will take part in the trial run. Source: Supplied

අද (27/10) පැවැත්වෙන විශේෂ සංගණනය

අද (27/10) දිනයේදී ඔස්ට්‍රේලියාව පුරා විශේෂ සංගණනයක් පැවැත්වෙන අතර ඔස්ට්‍රේලියාවේ වෙසෙන පුද්ගලයින් ලක්ෂයක් ඒ සඳහා සහභාගී කරවා ගැනීමට ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය කටයුතු කර තිබේ.

2021 වසරේදී පැවත්වීමට නියමිත ඔස්ට්‍රේලියාවේ මීළඟ ජාතික සංගණනයට පෙරහුරුවක් ලෙස මෙය ක්‍රියාත්මක වන බව සඳහන්.

අද දින පැවැත්වෙන මෙම විශේෂ සංගණනය සඳහා බහු සංස්කෘතික ප්‍රජාවන්ගේ විශේෂ සහයෝගයක් අපේක්ෂා කරයි.

සිඩ්නි, ඇඩිලේඩ්, ඩාර්වින්, කැන්බරා, Warrnambool, Karratha සහ Alice Springs යන කලාප වල අද පැවැත්වෙන මෙම විශේෂ සංගණනය ක්‍රියාත්මක වන බව සඳහන්.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


online ක්‍රමය ඔස්සේ මේ සඳහා සහභාගී විය හැකි ආකාරය පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපියක් ඇතැමුන්ට යොමු කෙරෙන අතර සෙසු පිරිසට කඩදාසි පෝරමයක් පිරවීමට ලැබෙනු ඇත.

ඒ අනුව අද (27/10) රාත්‍රියේ තම නිවසේ සිටින සියලු පුද්ගලයින්ව මෙම විශේෂ සංගණනයට ඇතුළත් කරන ලෙස සංවිධායකයෝ ඉල්ලා සිටිති.

බිලිඳුන් සහ නිවසේ සිටින අමුත්තන් ද ඊට ඇතුළත් කරන ලෙස දන්වා තිබේ.

අදාළ පෝරමය ඉංග්‍රීසියෙන් පමණක් පිරවිය යුතුය.

මේ පිළිබඳ දැනුවත් කිරීමට ප්‍රජා සම්බන්ධතා කළමනාකරුවන් ඒ ඒ ප්‍රදේශ වල ඇති සාප්පු සංකීර්ණ වෙත ගොස් කටින් කට ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
The ABC has selected households in Sydney, Adelaide, Darwin, Canberra, Warrnambool, Karratha and Alice Springs.
The ABC has selected households in Sydney, Adelaide, Darwin, Canberra, Warrnambool, Karratha and Alice Springs. Source: Supplied

ඔස්ට්‍රේලියාවේ මීළඟ ජාතික සංගණනය

ඔස්ට්‍රේලියාවේ මීළඟ ජාතික සංගණනය ලබන වසරේ අගෝස්තු 10 වන දින පැවැත්වීමට තීරණය කර තිබේ.

අවසන් වරට ඔස්ට්‍රේලියාවේ ජාතික සංගණනයක් පැවැත්වූයේ 2016 වසරේදීය.

නමුත් එහිදී අදාළ පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල විය.

ඒ හේතුවෙන් මෙවර සංගණනය සඳහා අදාළ පරිගණක පද්ධතිය ශක්තිමත් ලෙස නැවත ස්ථාපිත කර ඇති බවත් අද (27/10) පැවැත්වෙන පෙරහුරුව ඒ සඳහා පෙර සූදානමක් බවත් සංගණන අධ්‍යක්ෂ Andrew Henderson, SBS පුවත් වෙත පැවසීය.
The Census Test will take place on 27 October 2020.
The Census Test will take place on 27 October 2020. Source: Supplied

බහු සංස්කෘතික ප්‍රජාවන් මූලික ඉලක්කය වේ

අද පැවත්වෙන විශේෂ සංගණනයේදී බහු සංස්කෘතික ප්‍රජාවන් මූලික ඉලක්කය වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණිකයින් සහ ස්වදේශික ජනතාව සංස්කෘතිමය හා භූ ගෝලීය ලෙස අමතර බාධක වලට මුහුණ දෙන බැවින් ඒවා සඳහා විසඳුම් සෙවීමට මෙය කදිම වේදිකාවක් බව විශේෂඥයෝ පවසති.

මෙය සරල ක්‍රියාවක් ලෙස දැක්කත් මෙය බරපතල අරමුණක් ඇතිව ක්‍රියාත්මක කරන ක්‍රියාවලියක් බව ඔස්ට්‍රේලියාවේ ජනවාර්ගික ප්‍රජාවන්ගේ සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරී Mohammad Al-Khafaji පැවසීය.

මෙහි දත්ත භාවිත කරන ආකාරය ගැන ඇතැම් ප්‍රජාවන් නොදන්නවා විය හැකි බැවින් ඔවුන් තම තොරතුරු ඉදිරිපත් කිරීමට බියෙන් පසුවන බව ද ඔහු පෙන්වා දුන්නේය.

එනිසා බහු සංස්කෘතික ප්‍රජාවන් මේ සඳහා උනන්දු කළ යුතු බව ඔහු පැවසීය.
how to where a mask
Source: SBS Sinhala

Share

Published

Updated

By Amelia Dunn, Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service