Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ලංකාවේ සාමාජ ජාල වාරණය ඉවත් කිරීමට කාලය එළඹිලා : ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්ගෙන් පණිවිඩයක්.

Time to lift ban on social media: Australian High Commissioner to Sri Lanka
Source: Twitter

ෆේස් බුක්,වයිබර්,වට්ස්අප් ඇතුළු ප්‍රධාන සමාජ ජාල අවහිර කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීන්දුව දැන් කල් ඉකුත් වී ඇති බවත් එම වාරණය ඉවත් කිරීම සිදු කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ සිටින ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් Bryce Hutchesson ට්විටර් පණිවිඩයක් තබමින් ඊයේ (12/03) ප්‍රකාශ කර තිබේ.

“Time, overdue, to lift Sri Lanka’s blanket blocking of key social media platforms - a blunt instrument,”  ලෙස Hutchesson මහතා එහි සටහන් කර ඇත.

Time to lift ban on social media: Australian High Commissioner to Sri Lanka
Source: Twitter

මීට පෙර ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති Atul Keshap ද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සමාජ ජාල වාරණය ඉවත් කළ යුතු බවට අදහස් දක්වා තිබුණි.

කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ ජාතිවාදය පතුරුවන හා ජාතික ආරක්ෂාවට හානි වන ෆේස් බුක් පිටු භාවිතයෙන් ඉවත් කිරිම ඇතුලූ රජය ලබාදෙන කොන්දේසි ඉටුකිරිමට ෆේස්බුක් ආයතනය කටයුතු කළහොත් එම තහනම ඉවත් කිරිමට පියවර ගන්නා බව විදුළි සංදේශන ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසා ඇත.

මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ෆේස්බුක් ආයතනය තම නිර්දේශ ලබා දෙන තෙක්  රජය බලා සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************

 


2 min read

Published

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now