Breaking

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සියලුම ප්‍රාදේශීය ප්‍රදේශ අද - අගෝ 14 දා සවස 5 සිට lockdown කෙරේ.

අද - අගෝස්තු 14 වනදා සවස 5 සිට නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සියලුම ප්‍රාදේශීය ප්‍රදේශ lockdown වීමට අදාළ තොරතුරු පහතින් සවිස්තරාත්මකව ඉදිරිපත් කොට ඇත....

Hundreds of ADF troops to be deployed to Greater Sydney to enforce lockdown measures

Source: NSW Police

HIGHLIGHTS
  • NSW හි සියලුම ප්‍රාදේශීය ප්‍රදේශ lockdown කෙරේ
  • අලුත් කොරෝනා ආසාදිතයින් 466ක්
  • අලුත් lockdown සීමා කිරීම්
  • ස්වයං හුදෙකලා වන අයට නව ගෙවීම්
අද දිනයේදී නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අලුතින් කොරෝනා ආසාදිතයින් 466 දෙනෙකු වාර්තාවීමත් සමඟ ප්‍රාන්තයේ සියලුම ප්‍රාදේශීය ප්‍රදේශ lockdown කිරීමට ප්‍රාන්ත රජය තීරණය කොට ඇත. මෙය අද (අගෝස්තු 14 ) සවස 5 සිට සතියක කාලයක් බලපැවැත්වෙනු ඇත. අද වන විට තවත් කොවිඩ් මරණ 4 ක් ද නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ.

අද සිට බල ප්‍රාන්තයේ පැවැත්වෙන lockdown නීති

  • මෙතෙක් lockdown තත්වයට පත්කොට තිබූ ග්‍රේටර් සිඩ්නි සහ ඇතැම් ප්‍රාදේශීය නගර සභා බලප්‍රදේශ වලට තිබූ කිලෝමීටර් 10 සංචරණ සීමාව 5km දක්වා අඩුකොට තිබේ.
  • නිවසෙන් පිටතට යා හැක්කේ, ආහාර පාන මිලදී ගැනීමට, ව්‍යායාම කිරීමට, යමෙකුට carer සේවාව/ රැකබලා ගැනීමේ සේවාව සැපයීමට,
  • නිවසට අමුත්තන් ගෙන්වා ගැනීම තහනම්. එසේ කල හැක්කේ තනිව ජිවත්වන පුද්ගලයින් හට තමන්ගේ සහකරු/සහකාරිය සඳහා පමණක් සානුකම්පිත හේතූන් මත පමණකි.
  • සියලුම හෝටල් සහ ආපනශාලා වසදැමිය යුතු අතර සේවා take away ක්‍රමයට පවත්වාගෙන යා හැක.
  • බැංකු, තැපැල් කාර්යාල, laundromats සහ drycleaners සේවා පමණක් විවෘතව තැබිය හැක.
  • අනෙක් සියළුම වෙළඳ සේවා ආයතන වසා තැබේ.

ස්වයං හුදෙකලා වන අයට ගෙවීම් ...

අගෝස්තු 16 වන සඳුදා සිට, COVID-19 පරීක්ෂණ ප්‍රතිපල එනතෙක් බලා සිටින දැනට ස්වයං හුදෙකලා තත්වයට පත්ව සිටින සේවකයින් සඳහා ඩොලර් 320 ක ගෙවීමක් ලබා ගත හැකිය. ඒ සඳහා ඔබ සුදුසුකම් ලැබීමට නම් ඔබගේ නගර සභා බල ප්‍රදේශය එම ගෙවීම් සඳහා අයත් දැයි දනගන්න මෙතනින්

වයස අවුරුදු 17 සහ ඊට වැඩි සුදුසුකම් ලත් සේවකයින්ක් එක් කොවිඩ් -19 පරීක්ෂණයක් සහ එයට අදාළ වන ස්වයං හුදකලා වීමේ සහන ගෙවීමක් සඳහා සුදුසුකම් ලබයි. එය සති 4 ක කාලයක් තුලදී ඉල්ලුම් කල හැක.

තාවකාලික වීසා බලපත්‍රලාභීන් සහ ආධාර සඳහා සුදුසුකම් නොලබන අනෙකුත් පුද්ගලයින් සඳහා රතු කුරුසය සංවිධානය හරහා ඩොලර් 400 ක දීමනාවක් ලබාගැනීමට හැකියාව ලැබේ.


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

  • SBS සිංහල Facebook පිටුවට
  • SBS සිංහල වෙබ් අඩවියෙන්
  • SBS Radio APP එකෙන් (Free)



 


Share

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සියලුම ප්‍රාදේශීය ප්‍රදේශ අද - අගෝ 14 දා සවස 5 සිට lockdown කෙරේ. | SBS Sinhala