Djokovicගේ වීසා තීරණයට කල්ගතවීම ගැන, ආගමන අමාත්‍යවරයාට සෙනෙට් සභික Lambie ගෙන් කණේ පහරක් (SBS සිංහල/ වාර්තා)

පසුගියදා මහත් ආන්දෝලනයකට තුඩුදුන් ටෙනිස් ක්‍රීඩක Novak Djokovic ගේ වීසා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ආගමන අමාත්‍ය Alex Hawke තවමත් තීරණයක් ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා පවතී.

Independent Senator Jacqui Lambie in the Senate chamber at Parliament House in Canberra.

Independent Senator Jacqui Lambie has taken aim at Immigration Minister Alex Hawke as he mulls over whether to deport tennis star Novak Djokovic. Source: AAP

Highlights

  • ටස්මේනියානු ස්වාධීන සෙනෙට් සභික Jacqui Lambie ගෙන් ආගමන අමාත්‍ය Alex Hawkeට චෝදනා
  • දේශපාලන වාසි තකා මෙය සිදු කල බවට අගමැති මොරිසන්ටත් චෝදනා  
  • ආගමන අමාත්‍යවරයා තම තීරණය පිළිබඳව තවමත් සලකා බලයි

ටස්මේනියානු ස්වාධීන සෙනෙට් සභික Jacqui Lambie ගෙන් ආගමන අමාත්‍ය Alex Hawkeට චෝදනා

ටෙනිස් ක්‍රීඩක Novak Djokovic ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියට තරඟ කල හැකිද සහ ඔහුට රැඳී සිටීමට අවසර පවතීද යන්න සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන ලෙස මේ වනවිට ආගමන අමාත්‍ය Alex Hawke හට දැනුම් දී තිබේ.


SBS සිංහල ගුවන් විදුලි සේවයට සවන්දෙන්න,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට


ඕස්ට්‍රේලියානු ආගමන අමාත්‍යවරයා මෙම තීරණය ගැනීම සඳහා කල්ගත වීම සම්බන්ධයෙන් සිය විරෝධය පළකරමින් ටස්මේනියානු ස්වාධීන සෙනෙට් සභික Jacqui Lambie චෝදනා කොට සිටියේ Djokovic ගේ වීසා සම්බන්ධයෙන් වහාම කටයුතු කරන ලෙසයි. එමෙන්ම ඇය සඳහන් කොට සිටියේ
"මේ ගැන මෙතරම් කාලයක් ගත වීම ගැන ඇදහිය නොහැකියි , Alex Hawke, තමුන් කොහෙද? වැඩවලින් අතුරුදහන් වෙලාද?"
යන්න ලෙසයි.

එමෙන්ම ඇය Nine Network වෙත අදහස් දක්වමින් ආගමන අමාත්‍යවරයාට චෝදනා කොට සිටියේ,
"ඔබට Novak Djokovic ගැන තීරණයක් ගැනීමට නොහැකි නම්, කොහොමද රට පාලනය කරන්නේ? මේක සම්පූර්ණයෙන්ම අවුල් සහගත දෙයක්,"
වශයෙනුයි.

සෙනෙට් සභික Jacqui Lambie පවසන්නේ Djokovic යම්හෙයකින් හෝ නීති කඩ කිරීමක් සිදුකොටඇත්නම් ඔහුව වහාම රටින් පිට කරන ලෙසයි.
Novak Djokovic during a practice session at Melbourne Park.
Novak Djokovic during a practice session at Melbourne Park. Source: AAP
මේ අතර මෙම වීසා ගැටලුව ඕස්ට්‍රේලියානු ආගමන අමාත්‍යවරයාගේ ගැටළුවක් වන අතර ඔස්ට්‍රේලියාවට ඇතුළුවන පිරිස ද්විත්ව එන්නත් මාත්‍රා ලබාගතයුතු බවට ඕස්ට්‍රේලියානු දේශසීමා පාලන ක්‍රියාමාර්ග පැහැදිලිව පෙන්වා දී ඇතැයි මුදල් අමාත්‍ය Simon Birmingham පවසයි.

දේශපාලන වාසි තකා මෙය සිදු කල බවට අගමැති මොරිසන්ටත් චෝදනා

නමුත් Jim Chalmers සඳහන් කොට සිටින්නේ Djokovic ඕස්ට්‍රේලියානු වීසා අවශ්‍යතා සපුරන්නේ නැති නම් ඔහුට ඔස්ට්‍රේලියාවට පැමිණීමට වීසා ලබා නොදීමට තිබූ බවයි.
"මෙය තුළ දේශපාලන අවස්ථාවක් ඇතැයි ස්කොට් මොරිසන් සිතූ විට, ඔහු එම තත්වය ඇතිකිරීමට හැකි සෑම දෙයක්ම කළා"
Jim Chalmers Nine Network වෙත පැවසීය.

එමෙන්ම මෙය මේ වනවිට උග්‍ර ගැටලුකාරී තත්වයක් බවට පත්ව ඇති හෙයින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison දැන් ඇඟ බේරාගන්නා බවත් ඔහු පවසයි.
"දැන් මෙම තත්වය ඉතා නරක අතට හැරීම නිසා, ඔහුට අවශ්‍ය වන්නේ ඒ සඳහා ඔහුට කිසිදු සම්බන්ධයක් නැති බව මවා පෑමටයි. එමෙන්ම ඒ සියල්ල Alex Hawke ගේ කාර්යයක් සහ ඔහුගේ වරදක් බව පෙන්වීමටයි."

ආගමන අමාත්‍යවරයා තම තීරණය පිළිබඳව තවමත් සලකා බලයි

ඕස්ට්‍රේලියානු ආගමන අමත්‍යවරයා මෙම සතියේ වැඩි කාලයක් තම අභිමතය පරිදි Djokovic ගේ වීසා අවලංගු කරන්නේද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීමට ගත කොට තිබේ. ඔහුගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කල විට සඳහන් කොට සිටියේ ඒ සම්බන්ධයෙන් තවමත් සලකා බලන බවයි.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගෙන් ඊයේ(13) සිදුකල ප්‍රශ්න කිරීමේදී සඳහන් කොට සිටියේ ආගමන අමාත්‍යවරයා පුද්ගලික බලතල මගින් ගන්නා තීරණ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වීමට තමන් අකමැති බවයි.
එමෙන්ම ඔහු සඳහන් කොට සිටියේ දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර සංචාරකයින් සඳහා ඔස්ට්‍රේලියාව නැවත විවෘත කිරීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ දේශසීමා ප්‍රතිපත්තිය වෙනස් වී නොමැති බවයි.

මේ අනුව Djokovic ද්විත්ව එන්නත් කළ බව පෙන්විය යුතු අතර නැතහොත් වෛද්‍ය හේතූන් මත එන්නත් කළ නොහැකි බවට පිළිගත හැකි සාක්ෂි සැපයිය යුතු බවද මොරිසන් මෙහිදී සඳහන් කලේය.

Share

Published

By Nipuna Dodangoda
Source: AAP, SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
Djokovicගේ වීසා තීරණයට කල්ගතවීම ගැන, ආගමන අමාත්‍යවරයාට සෙනෙට් සභික Lambie ගෙන් කණේ පහරක් (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala