ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg විසින් කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට සිදුව ඇති බලපෑම පිළිබඳ සංක්ෂිප්ත සටහනක් අද (23/07) ඉදිරිපත් කළේය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
කොරෝනා වසංගතය සඳහා වූ වියදම් සහ ආදායමේ පසුබෑම හේතුවෙන් 2019-2020 මුල්‍ය වසරේදී ඩොලර් බිලියන 85.8 ක හිඟයක් සහ 2020-2021 මුල්‍ය වසරේදී ඩොලර් බිලියන 184.5 ක හිඟයක් එහිදී ප්‍රකාශයට පත් කෙරිණි.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඔස්ට්‍රේලියාවේ දැවැන්තම අය-වැය හිඟය
ඔස්ට්‍රේලියාව, දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු විශාලතම අය-වැය හිඟයට මුහුණ දී සිටින බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැවසීය.
කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට 2019-20 මුල්‍ය වර්ෂයේදී ඩොලර් බිලියන 85.8 ක හිඟයක් අත් විඳීමට සිදුවූ බව ඔහු පැවසීය.
එමෙන්ම වාර්තාගත වියදම්වල ප්‍රතිඵලයක් ලෙස 2020-2021 මුල්‍ය වර්ෂය වන විට එය ඩොලර් බිලියන 184.5 ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇත.
ඊට අමතරව එළඹෙන දෙසැම්බර් මාසය වන විට ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතිකය 9% ක් දක්වා ඉහළ යනු ඇතැයි ද අපේක්ෂා කරන බව භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැවසුවේය.
මෙම රළු සංඛ්‍යා දත්ත අප මුහුණ දෙන කටුක යථාර්ථය පිළිබිඹු කරයි යනුවෙන් ඔහු සිය කතාවේදී ප්‍රකාශ කළේය.

බදු ලැබීම් පහත වැටෙයි, රජයේ වියදම් ඉහළ යයි
කොරෝනා වසංගතයේ බලපෑම නිසා බදු ලැබීම් සැලකිය යුතු ලෙස පහත වැටී ඇති අතර රජයේ වියදම් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවද ඔහු එහිදී හෙළි කළේය.
ඔස්ට්‍රේලියාවේ ශුද්ධ ණය ප්‍රමාණය ජුනි 30 වන විට ඩොලර් බිලියන 488.2 ක් වූ අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 24.6 ක් විය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
එමෙන්ම එය ඊළඟ වසරේදී ඩොලර් බිලියන 677.1 ක් ලෙස වාර්තා වනු ඇති බවත් එය ඔස්ට්‍රේලියානු ආර්ථිකයේ ප්‍රමාණයෙන් තුනෙන් එකකට වඩා වැඩි බවත් භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැහැදිලි කළේය.
ඩොලර් බිලියන 289 ක මූල්‍ය ආධාරයෙන් ජාතික දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නංවා තිබේ. එය ජාතික දළ දේශීය නිෂ්පාදිතයෙන් 14.6% කි.
ගෝලීය ආර්ථිකය නොවැටී තබා ගැනීමට ලොව පුරා ඩොලර් ට්‍රිලියන 11 ක පෙර නොවූ විරූ ආර්ථික සහයෝගයක් වර්තමානයේ එක් කර ඇති බවද වාර්තා වේ.
ලොව වෙනත් කිසිදු රටකට වඩා ඔස්ට්‍රේලියාව මෙම වසංගතය මධ්‍යයේ පවතින ආර්ථික අර්බුදය තුළින් ආර්ථිකය ඉහළට ගෙනෙමින් හොඳ ප්‍රතිඵල ලබා ඇතැයි ද භාණ්ඩාගාරික අමාත්‍යවරයා පැවසුවේය.
"අපගේ ණය මට්ටම් ඉහළ ගොස් තිබියදීත්, ඒවා සැසඳිය හැකි බොහෝ රටවල් මෙම අර්බුදයට මුහුණ දුන් මට්ටමට වඩා පහත් මට්ටමක පවතී" යැයිද භාණ්ඩාගාරික අමාත්‍යවරයා පැවසීය.

පූර්ණ ආර්ථික හා මූල්‍ය දත්ත ඔක්තෝබර් 6 තෙක් හෙළි නොකෙරේ
සිව් අවුරුදු ඉදිරි ඇස්තමේන්තු සඳහා පූර්ණ ආර්ථික හා මූල්‍ය දත්ත ඔක්තෝබර් 6 වන දින ඉදිරිපත් කිරීමට නියමිත ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය-වැය තෙක් අනාවරණය නොකරනු ඇත.
ඒ වන විට වසර 10 ක මධ්‍ය කාලීන ආර්ථික දැක්මක්ද සවිස්තරාත්මකව විග්‍රහ කිරීමට මධ්‍යම රජයට හැකි වනු ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මුල්‍ය අමාත්‍ය Mathias Cormann පැවසීය.
ගෝලීය වශයෙන් සහ ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල කොරෝනා වයිරසය හා සම්බන්ධව අඛණ්ඩව සිදුවෙමින් පවතින දේ අනුව ආර්ථික හා මුල්‍යමය දැක්ම බෙහෙවින් අවිනිශ්චිතව පවතින බවද හෙතෙම පැවසීය.
දෙවන කොරෝනා රැල්ල හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තය සති හයකට යළි lockdown කිරීම ජාතික ආර්ථිකයට ඩොලර් බිලියන 3.3 ක පාඩුවක් එක් කළ බවද වාර්තා වේ.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඩොලර් බිලියන 164 ක ආධාර, වියදම් කර හෝ සැලසුම් කර ඇත.
විශේෂයෙන් ඩොලර් බිලියන 86 ක JobKeeper වැටුප් සහන පැකේජය හා ඩොලර් බිලියන 17 ක JobSeeker සහන පැකේජය ඒ අතර ප්‍රධාන වේ.

කොරෝනා වසංගතය නිසා ඔස්ට්‍රේලියානු ආර්ථිකයට සිදුවී ඇති බලපෑම
- 2020/21 සඳහා ඩොලර් බිලියන 184.5 ක හිඟයක්. (දෙවන ලෝක යුද්ධයෙන් පසු විශාලතම අය-වැය හිඟය)
- 2019/20 සඳහා ඩොලර් බිලියන 85.8 ක හිඟයක්.
- 2020/21 දී රජයේ ශුද්ධ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 677.1 කි.
- විරැකියා අනුපාතය 2019/20 දී සාමාන්‍යයෙන් 7% ක් වන අතර 2020/21 දී එය 8.75% ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇත.
- 2019/20 වන විට රැකියා නියුක්තිය 4.4% කින් පහත වැටී ඇති නමුත් 2020/21 වන විට එය 1% කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත.
- සැබෑ දළ දේශීය නිෂ්පාදිතය 2019/20 දී -0.25% ක් සහ 2020/21 දී -2.5% කි.
- 2020/21 දී වැටුප් සියයට 1.25 කින් වර්ධනය වනු ඇත.
- 2020/21 වන විට උද්ධමනය සියයට 1.25 කින් පමණ පහත වැටෙනු ඇත.


