Highlights
- වයස්ගත ආධාර
- කුලී නිවාස සඳහා වන ආධාර
- අබාධිත ආධාර
වයස්ගත ආධාර ඉහලට
ඔස්ට්‍රේලියාවේ වයස්ගත සහ ආබාධිත ආධාර විශ්‍රාම වැටුප් සමග රැකවරණ ලබාදෙන පිරිස සඳහා වන සුබසාධන ගෙවීම් කිහිපයක් මාර්තු 20 වැනිදා සිට ඉහළ දැමීම සිදු වේ.
මේ ඔස්සේ එක් පුද්ගලයකු සඳහා ඩොලර් 20.10 ක වැඩිවීමක් සිදු වන අතර එමගින් ඩොලර් 987.60 ක් සහ පවුල් සාමාජිකයින් දෙදෙනෙකු සඳහා ඩොලර් 30.20 ක වැඩිවීමක් සමගින් ඩොලර් 1,488.80 ක් හිමි වීම සිදු වේ.

අමතර විශ්‍රාම වැටුප් සඳහා වැඩි පිරිසකට ප්‍රවේශ වීමට ඉඩ සැලසීම සඳහා වත්කම් පරීක්ෂණ සීමාවන් ද දීර්ඝ කෙරේ. ඒවා තනි නිවාස හිමියන් සඳහා සීමාව $6,750 සිට $599,750 දක්වා ඉහල දමන අතර නිවාස හිමි යුවලක් සඳහා $10,000 වත්කම් සීමාව $901,500 දක්වා ඉහල දමන බව වාර්තා වේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
මෙලෙස ඉහල දමන ගෙවීම් සඳහා මේ වනවිට ඕස්ට්‍රේලියානුවන් මිලියන 5කට අසන්න පිරිසක් සුදුසුකම් ලබයි.
සමාජ සේවා අමාත්‍ය Anne Ruston පවසන්නේ, මේ ඔස්සේ "අපගේ සමාජ ආරක්ෂණ පද්ධතිය මත විශ්වාසය තබන සියලුම ඕස්ට්‍රේලියානුවන් සඳහා මුදල් ලබාදීම සිදු වන බවයි.
කුලී නිවාස සඳහා වන ආධාර ඉහලට
කුලී නිවාස ආධාර ගෙවීම් ද ඉහල දැමීම ද මෙම වෙනස් නව පියවර සඳහා ඇතුලත් වේ.
- තනි පුද්ගලයන් සඳහා - සති දෙකකට ඩොලර් 3 කින් ඉහල දැමෙන අතර ඩොලර් 145.80 දක්වා ඉහල දැමේ.
- දරුවන් දෙදෙනෙකු දක්වා සිටින පවුල් සඳහා - ඩොලර් 3.50 කින් ඉහල දැමෙන අතර ඩොලර් 171.50 දක්වා ඉහල දැමේ.
- දරුවන් තිදෙනෙකු දක්වා සිටින පවුල් සඳහා - ඩොලර් 3.92 කින් ඉහල දැමෙන අතර ඩොලර් 193.62 දක්වා ඉහල දැමේ.
අබාධිත ආධාර ඉහලට
පුද්ගලයින්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ආබාධිත ආධාර විශ්‍රාම වැටුප (DSP) දෙසතියකට ඩොලර් 100 කින් ඉහළ නැංවීමට ඉල්ලීම් මේ වනවිට ලැබී තිබේ. මේ අනුව මෙය දෙසතියකට ඩොලර් 987.60ක් වනු ඇති නමුත්, ඕස්ට්‍රේලියාවේ ජාතික අවම වැටුප වන දෙසතියකට ඩොලර් 1,545 ට වඩා අඩු මට්ටමේ පවතී.
මෙම ආබාධිත ආධාර විශ්‍රාම වැටුප (DSP) මගින් පුද්ගලයින් හට අවශ්‍ය සහාය ලබා නොදෙන බවට පසුගිය මාසයේදී සෙනෙට් සභාව තුල සාකච්චා පැවැත්වින. එහිදී සඳහන් වූයේ මෙම ආධාර මත යැපෙන පිරිස දරිද්‍රතාවයකට මුහුණ දීමේ අවදානමක් පවතින බවයි.
කෙසේ නමුත් ඕස්ට්‍රේලියාවේ පශ්චාත්-වසංගත ආර්ථිකය ප්‍රකෘති තත්වයට ගෙන එම සඳහා සහ යුක්රේනයේ යුද්ධය හේතුවෙන් ඇතිවන උද්ධමනය මගින් ජනතාවට වන පීඩනය අවම කිරීමට මොරිසන් රජය වෙනත් ක්‍රියාමාර්ග සලකා බැලීම සිදු කරමින් සිටී.

