UK සහ කැනඩාවට යන පුහුණු ශ්‍රමිකයන්ව ඔස්ට්‍රේලියාව ඉලක්ක කළ යුතු බවට හෙළිදරව්වක් (SBS සිංහල/ වාර්තා)

සංක්‍රමණිකයින් බාරගැනීම සම්බන්ධයෙන් එක්සත් රාජධානිය සහ කැනඩාව, ඔස්ට්‍රේලියාවේ ප්‍රතිවාදී ගමනාන්ත ලෙස සැලකේ.

People living in the Australian capitals decreased and Regional Australia grew

Source: AAP

එක්සත් රාජධානියට සහ කැනඩාව වෙත යමින් සිටින පුහුණු ශ්‍රමිකයන් ඔස්ට්‍රේලියාව විසින් ඉලක්ක කළ යුතු බව විශේෂඥයෝ පවසති.

මේ අතර ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ අඩුවීම නිසා නිවාස මිල සැලකිය යුතු ලෙස අඩු මට්ටමක තබා ගැනීමට හැකිවිය හැකි නමුත් එලෙස පැමිණෙන මිලියන ගණනක් ජනතාව ඔස්ට්‍රේලියාවේ මුළු ආර්ථිකයටම උපකාර කරනු ඇතැයි ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥ Brendan Rynne පැවසීය.


Highlights

  • සංක්‍රමණිකයින් බාරගැනීම සම්බන්ධයෙන් එක්සත් රාජධානිය සහ කැනඩාව, ඔස්ට්‍රේලියාවේ ප්‍රතිවාදී ගමනාන්ත ලෙස සැලකේ.
  • ඔවුන් 2015 සහ 2019 අතර පිළිවෙළින් සංක්‍රමණිකයන් මිලියන 1.14ක් සහ 532,000ක් බාරගෙන තිබේ.
  • කොවිඩ් වසංගතයට සහ ආර්ථික ප්‍රකෘතියට ඕස්ට්‍රේලියාවේ ප්‍රතිචාරයට සහාය වීමට අවශ්‍ය තීරණාත්මක කුසලතා ලෙස ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් වෘත්තීන් 44ක් හඳුනාගෙන ඇත.

පුහුණු සංක්‍රමණිකයින් වැඩි කරගැනීම

තරඟකාරී ගෝලීය වෙළෙඳපොළක සහ පශ්චාත් කොවිඩ් වසංගතය තුළ පුහුණු සංක්‍රමණිකයින් වැඩි කිරීමට තීරණය කිරීම එක් දෙයක් වන අතර එය සාක්ෂාත් කර ගැනීම තවත් දෙයක් වනු ඇතැයි විගණන, බදු සහ උපදේශන සේවා සපයන වෘත්තීය සමාගම්වල ගෝලීය ජාලයක් වන KPMG හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ආචාර්ය Brendan Rynne සිය නව පර්යේෂණයකින් අනතුරු අඟවා තිබේ.

ජනතාව වැඩි වශයෙන් සංක්‍රමණය වීමට නැඹුරු වන රටවලින් ඔස්ට්‍රේලියාව ක්‍රියාකාරීව ඉහළ බඳවා ගැනීම් ඉලක්ක කළ යුතු බව ඔහු පවසයි.


 

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

පෝලන්තය, අයර්ලන්තය, ජර්මනිය සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් තවත් නව ඔස්ට්‍රේලියානුවන් පැමිණෙන බව එයින් අදහස් කෙරේ.

"කොවිඩ් වසංගතය අතරතුර ඔස්ට්‍රේලියාවේ ස්ථාපනය වන විදේශීය සංක්‍රමණිකයන්ගේ සැලකිය යුතු අඩුවීමක් අප අත්විඳ තිබෙනවා. දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු පළමු වතාවට අපගේ ශුද්ධ විදේශීය සංක්‍රමණය දැඩි ලෙස පහත බැස තිබෙනවා." යනුවෙන් ආචාර්ය Brendan Rynne පැවසුවා.
รายงานรัฐสภาเกี่ยวกับระบบวีซ่าครอบครัว เปิดเผยว่า ความล้มเหลวของระบบได้สร้างความเสียหายต่อประชาชน
Source: Getty images

ඔස්ට්‍රේලියාවේ ප්‍රතිවාදී ගමනාන්ත

විශේෂයෙන්ම වයස්ගත ජනගහනයේ සාමාන්‍ය සේවකයෙකුට වඩා තරුණ වියේ පසුවන දක්ෂ සංක්‍රමණිකයන්ගෙන් ලැබෙන ආර්ථික, සමාජීය සහ සංස්කෘතික ප්‍රතිලාභ හඳුනා ගන්නා එකම රට ඔස්ට්‍රේලියාව නොවේ.

KPMG විසින් විශ්ලේෂණය කරන ලද එක්සත් ජාතීන්ගේ දත්ත වලට අනුව, 2019 වසර දක්වා වූ වසර පහ තුළ 820,000 ක් පමණ වන ජාත්‍යන්තර සංක්‍රමණිකයන් බාර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වී තිබේ.

එය ලොව හත්වන විශාලතම ජාත්‍යන්තර සංක්‍රමණිකයන් බාරගැනීම ලෙස සඳහන්.
එහිදී වැඩි වශයෙන් චීනයෙන් සංක්‍රමණිකයින් 132,000 ක් ද ඉන්දියාවෙන් 120,000 ක්ද එක්සත් රාජධානියෙන් 56,000 ක්ද පිලිපීනයෙන් 40,000 ක්ද මැලේසියාවෙන් 31,000 ක්ද ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත.

සංක්‍රමණිකයින් බාරගැනීම සම්බන්ධයෙන් එක්සත් රාජධානිය සහ කැනඩාව, ඔස්ට්‍රේලියාවේ ප්‍රතිවාදී ගමනාන්ත ලෙස සැලකේ.

ඔවුන් 2015 සහ 2019 අතර පිළිවෙළින් සංක්‍රමණිකයන් මිලියන 1.14ක් සහ 532,000ක් බාරගෙන තිබේ.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ඔස්ට්‍රේලියාවේ විදෙස් සංක්‍රමණය අඩුවීම

2024-25 සිට වසරකට 235,000 දක්වා මන්දගාමීව ප්‍රකෘතිමත් වීමට පෙර ශුද්ධ විදේශ සංක්‍රමණය මෙම මුල්‍ය වර්ෂයේදී සෘණාත්මකව පවතිනු ඇති බව නවතම නිල ජනගහන දත්ත පෙන්වා දෙයි.

කොවිඩ් වසංගතයට පෙර බලාපොරොත්තු වූවාට වඩා මෙයින් 2025 දී ජනගහනය 700,000 පමණ අඩු වනු ඇත.

ශුද්ධ විදේශ සංක්‍රමණය වසර 2019 දක්වා සාමාන්‍ය දශකයක් තුළ ඕස්ට්‍රේලියාවේ ජනගහනයට 10% ක් පමණ එකතු කර ඇත.
නමුත් ඔස්ට්‍රේලියාවට ජාත්‍යන්තර සංක්‍රමණය හරහා ජනගහනයේ එම සියයට 10 ක වර්ධන ගමන් මාර්ගයට සමපාත වීමට අවශ්‍ය නම්, තවත් මිලියනයකට ආසන්න ජනතාවක් නිල පුරෝකථනයන්ට එකතු කළ යුතු බව ආචාර්ය Brendan Rynne  පැවසීය.

එම 10% ඉලක්කය සපුරා ගැනීම සඳහා වසර 2022-23 සිට 2028-29 දක්වා සෑම වසරකම පුද්ගලයින් 350,000 කට වඩා අවශ්‍ය වේ.

එම ඉලක්ක සපුරාලන්නේ නම් ඔස්ට්‍රේලියාවේ දළ දේශීය නිෂ්පාදිතය 2028-29 වසර අවසන් වන විට ඩොලර් බිලියන 120කින් පමණ ඉහළ යනු ඇති බවත් ඒ හරහා ඔස්ට්‍රේලියානු ආර්ථිකය 4.4% කින් විශාලවනු ඇති බවත් ආචාර්ය Rynne  පැවසීය.
All COVID-19 border restrictions to be lifted by Home Affairs
All COVID-19 border restrictions to be lifted by Home Affairs Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ critical වෘත්තීය ලැයිස්තුව

කොවිඩ් වසංගතයට සහ ආර්ථික ප්‍රකෘතියට ඕස්ට්‍රේලියාවේ ප්‍රතිචාරයට සහාය වීමට අවශ්‍ය තීරණාත්මක කුසලතා ලෙස ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් වෘත්තීන් 44ක් හඳුනාගෙන ඇත.

මෙය පළමු වරට පසුගිය වසරේ ජූලි මාසයේ දී ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke නිවේදනය කළේය.

එම වෘත්තීන් ඔස්ට්‍රේලියාවේ Temporary Skill Shortage, Skilled Employer Sponsored Regional (Provisional), Employer Nomination Scheme, and Regional Sponsored Migration Scheme යන වීසා වර්ග සඳහා අදාළ වේ.



Share

Published

By Madhura Seneviratne
Source: AAP, SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
UK සහ කැනඩාවට යන පුහුණු ශ්‍රමිකයන්ව ඔස්ට්‍රේලියාව ඉලක්ක කළ යුතු බවට හෙළිදරව්වක් (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala