ඔස්ට්‍රේලියාවේ 491 වීසා ගන්න NSW ප්‍රාන්තයේ submission window එක දැන් විවෘතයි (SBS සිංහල/ වාර්තා)

2021 අගෝස්තු සහ ඔක්තෝබර් මෙන්ම 2022 ජනවාරි සහ මාර්තු මාසවලදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 491 වීසා සඳහා ROI යොමු කළ හැකිය

NSW 491 visa January 2022 ROI submission window is open now

Australian visa in passport Source: SBS

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 491 වීසා සඳහා ROI යොමු කිරීමේ ජනවාරි මාසයේ අවස්ථාව දැන් විවෘත කර තිබේ.

2021-22 මුල්‍ය වර්ෂය උදෙසා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 491 වීසා සඳහා ROI යොමු කිරීමට මාස 4 කදී පමණක් අවස්ථාව උදා කර ඇත.

ඒ අනුව 2021 අගෝස්තු සහ ඔක්තෝබර් මෙන්ම 2022 ජනවාරි සහ මාර්තු මාසවලදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 491 වීසා සඳහා ROI යොමු කළ හැකිය.


Highlights

  • 2021 අගෝස්තු සහ ඔක්තෝබර් මෙන්ම 2022 ජනවාරි සහ මාර්තු මාසවලදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 491 වීසා සඳහා ROI යොමු කළ හැකිය.
  • ඔබට ඉදිරිපත් කළ හැක්කේ එක් submission window එකකට එක් ROI එකක් පමණි.
  • කිසියම් හේතුවක් නිසා ROI ඉදිරිපත් කිරීමෙන් පසු ඒවා සංශෝධනය කිරීමට හෝ ඉවත් කිරීමට නොහැකිය.

NSW වීසා නාමයෝජනා සඳහා ඔබේ උනන්දුව ලියාපදිංචි කිරීම

වීසා නාමයෝජනා සඳහා සලකා බැලීම උදෙසා submission window එක විවෘත කළ කාලය තුළ ඔබේ ROI එක ලියාපදිංචි කළ යුතුය.

submission window එක විවෘත කළ විට NSW ආගමන කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ අඩංගු online පෝරමය පුරවා ඔබට ROI එකක් ඉදිරිපත් කළ හැකිය.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


මෙම අවස්ථාව 2021-22 මුල්‍ය වර්ෂය උදෙසා 2021 අගෝස්තු සහ ඔක්තෝබර් ලැබුණු අතර 2022 ජනවාරි සහ මාර්තු මාසවලදී පමණක් ලැබෙනු ඇත.

අදාළ online පෝරමයට මෙතනින් පිවිසිය හැකිය.
NSW 491 visa January 2022 ROI submission window is open now
Source: Getty Images/Alexander W Helin

NSW 491 වීසා නාමයෝජනා සඳහා ROI යොමු කිරීමේදී සංශෝධනය කල කොන්දේසි

  • ඔබට ඉදිරිපත් කළ හැක්කේ එක් submission window එකකට එක් ROI එකක් පමණි. submission window එකක් තුළ ROI එකකට වඩා ඉදිරිපත් කිරීම ස්වයංක්‍රීයව ඔබව සලකා බැලීමෙන් ඉවත් කරයි.
  • කිසියම් හේතුවක් නිසා ROI ඉදිරිපත් කිරීමෙන් පසු ඒවා සංශෝධනය කිරීමට හෝ ඉවත් කිරීමට නොහැකිය. ජනවාරි මාසය අවසන් වීමට පෙර ඔබේ තත්ත්වයන් වෙනස් වීමට ඉඩ තිබේ නම් submission window එක තුළ ඔබේ ROI ඉක්මනින් ඉදිරිපත් නොකරන්න.
  • ඔබ වීසා නාමයෝජනා සඳහා අයදුම් කිරීමට අදහස් නොකරන්නේ නම් ROI ඉදිරිපත් නොකරන්න. ඔබට වීසා නාමයෝජනා සඳහා අයදුම් කිරීමට ආරාධනා කර ඇත්නම් හෝ අයදුම්පතක් ප්‍රතික්ෂේප කර ඇත්නම් හෝ අවම වශයෙන් මාස 12ක කාලයක් සඳහා නව ROI එකක් ඉදිරිපත් කිරීමට ඔබ නුසුදුසු වනු ඇත.
  • Stream 1 යටතේ ROI එකක් ඉදිරිපත් කිරීමෙන් ඔබට වීසා නාමයෝජනා සඳහා අයදුම් කිරීමට ආරාධනා කරනු ඇතැයි සහතික නොවේ.
  • කිසිම හේතුවක් නිසා ඔබේ ROI වලට ප්‍රමුඛත්වය නොදෙනු ඇත. ඔබගේ ROI පිළිබඳ විශේෂ සැලකිල්ලක් අපේක්ෂාවෙන් නිව් සවුත් වේල්ස් ආගමන කටයුතු කාර්යාලය ඇමතීමෙන් වළකින්න.

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ 491 වීසා ගන්න NSW ප්‍රාන්තයේ submission window එක දැන් විවෘතයි (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala