ඔස්ට්‍රේලියාවේ 2022/23 මුල්‍ය වර්ෂය සඳහා වූ මධ්‍යම රජයේ අය වැය අද (29/03) පස්වරුවේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg විසින් ඉදිරිපත් කරන ලදී.
2022/23 අය වැය ඔස්ට්‍රේලියාවේ වෙසෙන ජනතාවට බලපාන අයුරු මෙම ලිපියෙන් දැක්වෙයි.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
ඉන්ධන මිල අඩු කරයි
ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල පහත හෙලීමේ ප්‍රයත්නයක් ලෙස මධ්‍යම රජය සෑම ඉන්ධන ලීටරයක් සඳහාම අය කරන බද්ද අඩකින් කපා දැමීමට තීරණය කරයි.
ඒ අනුව මෝටර් රථ හිමියන්ට ඉන්ධන පිරවීමේදී ලීටරයකට ශත 22ක් ඉතිරි වන බව භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැවසීය.
මෙම සහනය ඉදිරි මාස හය සඳහා පමණක් ලබාදෙයි.
මෙම සහනය 2022 මාර්තු 29 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

බදු ගෙවන්නන්ට බදු සහන
ඉහළ නැග ඇති ජීවන වියදමට සහනයක් ලෙස මධ්‍යම ආදායම් ලබන්නන්ට ඔවුන්ගේ වාර්ෂික tax return එකේදී අමතර ඩොලර් 420ක් ආපසු ලැබෙනු ඇත.
අඩු සහ මධ්‍යම ආදායම් ලබන්නන්ට හිමිවන ආදායම් බදු සහනය තවත් වසරක් ක්‍රියාත්මක වේ.
ඒ අනුව ඇතැම් පුද්ගලයින්ට බදු කාලය තුළ ඩොලර් 1,500 ක් දක්වා ආපසු ලබා ගත හැකිය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
වැටුප් සහිත මාපිය නිවාඩු ක්‍රමය දීර්ඝ කෙරේ
වැටුප් සහිත මාපිය නිවාඩු යෝජනා ක්‍රමය (paid parental leave) සඳහා සුදුසුකම් ලැබීමට හැකි පිරිස රජය විසින් පුළුල් කරනු ඇත.
ඒ අනුව single parents හෙවත් තනිකඩ මාපියන්ට සම්පූර්ණ සති 20 ක් සඳහා වැටුප් සහිත මාපිය නිවාඩුවලට ප්‍රවේශ වීමට ඉඩ ලබාදෙයි.
මෙම වෙනස්කම් මගින් අදාළ පුද්ගලයින්ට සේවා යෝජකයාගේ වැටුප් සහිත නිවාඩු දීමනාව සමඟම රජයේ වැටුප් සහිත මාපිය නිවාඩු යෝජනා ක්‍රමයට ප්‍රවේශ වීමට හැකි වනු ඇත.
සුබ සාධන දීමනා ලබන්නන්ට මුදල් දීමනා
විශ්‍රාමිකයන්, carers, ප්‍රවීණයන්, රැකියා සොයන්නන් සහ අනෙකුත් සුදුසුකම් ලත් concession කාඩ්පත් හිමියන්ට සහ ඇතැම් ස්වයං අරමුදල් සහිත විශ්‍රාමිකයින්ට (self-funded retirees) ඩොලර් 250 ක එකවර පමණක් ගෙවනු ලබන දීමනාවක් ලැබෙනු ඇත.
නමුත් JobSeeker ගෙවීමේදී සතියකට ලැබෙන මුදල් ප්‍රමාණයේ කිසිදු වෙනසක් සිදුකර නොමැත.

First home buyers ලාට වැඩි අවස්ථාවක්
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සිය First home buyers හෙවත් පළමු නිවාසය මිලදී ගන්නන්ගේ යෝජනා ක්‍රමය පුළුල් කරයි.
මෙහිදී lenders mortgage insurance හෙවත් LMI නොමැතිව නිවසක් මිලදී ගැනීමට අදාළ පුද්ගලයින්ට අවශ්‍ය වන්නේ 5% ක තැන්පතුවක් පමණි.
මෙතෙක් වසරකට 10,000 කට පමණක් මෙම අවස්ථාව හිමිවූ අතර දැන් එය වසරකට 35,000 කට ලබාදීමට පියවර ගෙන තිබේ.
ඊට අමතරව නව Regional Home Guarantee යෝජනා ක්‍රමය හරහා තවත් පුද්ගලයින් 10,000 කට උපකාර කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගෙන ඇත.
මෙය ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වන අතර පළමු නිවාසය මිලදී ගන්නන්ට හෝ පසුගිය වසර පහ තුළ (ස්ථිර පදිංචිකරුවන් ද ඇතුළුව) නිවසක් හිමි නොවූ පුද්ගලයින් මේ සඳහා සුදුසුකම් ලබයි.
Family Home Guarantee යෝජනා ක්‍රමය පුළුල් කිරීමට මෙවර අය වැයෙන් තීරණය කර තිබේ.
තනිකඩ මාපියන්ට (single parents) ඔවුන්ගේ පළමු නිවස මිලදී ගැනීමට හෝ නැවත නිවාස වෙළඳපොළට ඇතුළු වීමට උපකාර කිරීම එහි අරමුණවේ.
ඒ සඳහා සුදුසුකම් ඇති පුද්ගලයින්ට නිවසක් මිලදී ගැනීම සඳහා 2% ක තැන්පතුවක් පමණක් ඉදිරිපත් කළ යුතු අතර LMI නොගෙවයි.

දරුවන්ට සතියකට පැය 15ක පෙරපාසල් ප්‍රවේශයක්
සෑම ප්‍රාන්තයකම සහ ටෙරිටරියකම දරුවන්ට සතියකට පැය 15ක් පෙරපාසලකට ප්‍රවේශ වීමට අවස්ථාව හිමිකරදී ඇත.
ඒ අනුව එක් දරුවෙකුට ඩොලර් 1,340ක ආයෝජනයක් මෙහිදී සිදුකෙරේ.
ඉදිරි වසර හතර තුළදී පෙර පාසල් දරුවන් සඳහා අතිරේක ඩොලර් මිලියන 40ක අරමුදල් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
childcare සේවා නොමැති හෝ සීමිත සැපයුමක් ඇති ප්‍රදේශවල childcare සේවා 20ක් දක්වා ස්ථාපිත කිරීමට ඩොලර් මිලියන 19.4ක් ද වෙන් කර තිබේ.
සුළු පරිමාන ව්‍යාපාර සඳහා නව බදු සහන
තම කාර්ය මණ්ඩලයේ කුසලතා ඉහළ නැංවීම සඳහා නව තාක්ෂණයන් සහ පුහුණු පාඨමාලා සඳහා වැය කරන සුළු පරිමාන ව්‍යාපාරවලට පිරිවැයෙන් 120%ක් අඩු කිරීම් ලෙස ඉල්ලා සිටීමට අවස්ථාව ලබා දී තිබේ.
ඩොලර් මිලියන 50ට වඩා අඩු වාර්ෂික පිරිවැටුමක් සහිත ඇස්තමේන්තුගත මිලියන 3.6 ව්‍යාපාර සඳහා මෙය බලපානු ඇත.

ආධුනිකයින්ට දීමනාවක්
වසාර් දෙකක් තුළ වාරික හතරකින් ගෙවනු ලබන පරිදි නව ආධුනිකයන්ට ඩොලර් 5000 ක දීමනාවක් පිරිනමනු ලැබේ.
වැඩිවන ජීවන වියදම අතරේ ඔවුන්ගේ පුහුණුව නියමාකාරයෙන් පවත්වාගෙන යාමට මෙය උපකාරී වනු ඇතැයි මධ්‍යම රජය අපේක්ෂා කරයි.
මේ අතර නව ආධුනිකයන් බඳවා ගන්නා සේවා යෝජකයන්ට ඩොලර් 15,000 දක්වා වැටුප් සහනාධාර ද පිරිනැමේ.
ශුද්ධ විදේශීය සංක්‍රමණිකයින් ප්‍රමාණය ඉහළට
ඔස්ට්‍රේලියාවට පැමිණෙන ශුද්ධ විදේශීය සංක්‍රමණිකයින් ප්‍රමාණය 180,000 දක්වා ළඟා වනු ඇතැයි ගණන් බලා ඇත.
කොවිඩ් වසංගතයට පෙර 2019/20 දී ඔස්ට්‍රේලියාවට පැමිණි ශුද්ධ විදේශීය සංක්‍රමණිකයින් ප්‍රමාණය 190,000 ක් පමණ විය.
සරණාගතයින්ට වැඩි අවස්ථාවක්
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් 2022/23 දී මානුෂීය වීසා වැඩසටහන යටතේ සරණාගත වීසා 13,750 ක් ලබාදීමට අපේක්ෂා කරයි.
මේ අතර 2022/23 වසරේ සිට ඉදිරි වසර හතර තුළ ඇෆ්ගන් ජාතිකයන් සඳහා අතිරේක සරණාගත වීසා 16,500 ක් ලබා දීමටද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය බලාපොරොත්තුවේ.

මානසික සෞඛ්‍ය සේවා සඳහා අමතර මුදල්
ජාතික මානසික සෞඛ්‍ය සහ සියදිවි නසාගැනීම් වැලැක්වීමේ සැලැස්මේ මීළඟ අදියර සඳහා ගෙවීමට මධ්‍යම රජය ඉදිරි වසර පහ තුළ ඩොලර් බිලියන භාගයක් යොදවයි.
මෙම මුදල් ඔස්ට්‍රේලියාව පුරා ක්‍රියාත්මක සංවිධාන, සේවා සහ රාජ්‍ය ආයතන කිහිපයක් අතර බෙදී යනු ඇත.
Lifeline සඳහා වසර හතරක් තුළ ඩොලර් මිලියන 42.3ක් ද Headspace සඳහා වසර පහක් තුළ ඩොලර් මිලියන 14.8ක් ද ලබාදෙනු ඇත.
මීට අමතරව මානසික සෞඛ්‍ය සැලැස්මක් මත සිටින ඔස්ට්‍රේලියානුවන්ට නැවතත් මනෝ විද්‍යාඥයෙකු වෙත යාමට අමතර partially-Medicare subsidised හෙවත් අර්ධ-මෙඩිකෙයා සහනාධාර ලැබෙන වාර 10ක් ලැබෙනු ඇත.

සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයට අමතර රැකියා
ඔස්ට්‍රේලියාවේ සයිබර් ආරක්‍ෂාව සහ බුද්ධිමය හැකියාවන් ශක්තිමත් කිරීමට ඉදිරි වසර 10 තුළ Australian Signals Directorate (ASD) සඳහා ඩොලර් බිලියන 9.9 ක් වෙන්කර තිබේ.
මේ හරහා නව රැකියා 1,900 ක් බිහිවනු ඇතැයි අපේක්ෂා කරයි.
data analysts, computer programmers සහ software engineers වැනි රැකියා ඒ අතර ප්‍රධාන වේ.
Aged Care සේවකයන්ට පුහුණු අවස්ථා
Aged Care සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට රජය සූදානම් බව මෙවර අය වැයෙන් කිසිදු ඇඟවීමක් කර නැත.
දැනටමත් Aged Care ශ්‍රම බලකායට ඇතුළත් වීමට අපේක්ෂාවෙන් සිටින අය සඳහා වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු අවස්ථා 15,000කට මුල්‍ය සහන ලබාදීම පිණිස මෙවර අයවැයෙන් ඩොලර් මිලියන 49.5ක් වෙන් කර තිබේ.
Aged Care සේවකයින් මෙම අංශයෙන් ඉවත්වීම නැවැත්වීමට රජය බලාපොරොත්තු වන එක් ක්‍රමයක් ලෙස එය හැඳින්වේ.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවලට වැඩි ආයෝජනයක්
මෙවර අය වැයෙන් විශාලම මුල්‍ය ප්‍රතිපාදන හිමිවූ එක් අංශයක් ලෙස ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප දැක්විය හැකිය.
ඉදිරි වසර 11 ක කාලය තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල යටිතල පහසුකම් සහ බලශක්ති සැපයුම් සංවර්ධනය කිරීමට ඩොලර් බිලියන 7.1 ක් වෙන් කර ඇත.
එම මුදල් ප්‍රාන්ත සහ ටෙරිටරි හෝ පුද්ගලික සමාගම් සමඟ සම-ආයෝජන ලෙස යොදවයි.
උතුරු සහ මධ්‍යම ක්වීන්ස්ලන්තයේ වේලි සහ සැපයුම් මධ්‍යස්ථාන ගොඩනැගීම සඳහා වරායන් සහ මාර්ග වැඩිදියුණු කිරීම, නිව් සවුත් වේල්ස් හි Hunter , Northern Territory සහ බටහිර ඕස්ට්‍රේලියාවේ Pilbara කලාපයේ සංවර්ධන කටයුතු සඳහා මෙම මුල්‍ය ප්‍රතිපාදන ප්‍රධාන ලෙස වැය කෙරේ.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල ජංගම දුරකථන සේවා ආවරණය වැඩි දියුණු කිරීම සඳහා තවත් ඩොලර් මිලියන 800 ක් වෙන් කර තිබේ.

වැටුප් වර්ධක නොමැත
බලාපොරොත්තු වූවාට වඩා ඉහළ උද්ධමනය හේතුවෙන් මෙම වසරේ අගභාගයේදී සැබෑ ලෙස වැටුප් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර නොමැත.
පසුගිය වසර අවසානයේදී භාණ්ඩාගාරය පුරෝකථනය කළේ උද්ධමන අනුපාතය 2.75% ක් වනු ඇති බවය.
නමුත් සැබවින්ම එය 4.25% ක් පමණ වී ඇත.
රජයේ පාසල්වලට අරමුදල් අඩු කෙරේ
ප්‍රාන්ත සහ ටෙරිටරිවල රජයේ පාසල් සඳහා ගෙවීම් වසර හතරක් තුළ ඩොලර් මිලියන 796.5 කින් පහත වැටේ.

