“..ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016..” – ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර සහ නිපුනතා වීසා ලබාදීමේදී සිදුව ඇතැයි පැවසෙන දූෂණ සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ එකිනෙකා වෙත ඇඟිල්ල දිගු කර ගනිති.

මෙම දූෂණ පිළිබඳ නිසි විමර්ශනයක් සිදු කරන ලෙස පාර්ලිමේන්තුවට ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට ග්‍රීන්ස් පක්ෂය සූදානම් වෙයි. ග්‍රීන්ස් පක්ෂයේ ආගමන සහ විගමන ක්ෂේත්‍රයේ නියෝජිතවරිය වන සාරා හැන්සන් යන්ග් පවසන්නේ ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර සහ නිපුනතා වීසා (business and skilled visa) පිළිබඳ සිදුව ඇතැයි වාර්තා වන මෙම දූෂණ පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස පාර්ලිමේන්තුව හමුවේ ඉල්ලෙමක් කිරීමට තම පක්ෂය අපේක්ෂා කරන බවයි.

Australian Student Visa

ඔස්ට්‍රේලියානු ආගමන සහ විගමන ක්ෂේත්‍රයේ ව්‍යාපාර සහ නිපුනතා වීසා (business and skilled visa) ලබාදීමේදී පසුගිය මාස 12ක කාලය ඇතුළත සැක කටයුතු දුෂණ ක්‍රියා 132ක් පමණ සිදුවී ඇතැයි හෙළිවී තිබේ. Fairfax සහ ABC මාධ්‍ය ආයතන එක්ව සිදු කළ ගවේෂණයකින් මේ බව හෙළිවී තිබේ.

විපක්ෂ නායක බිල් ශෝර්ටන් පවසන්නේ මෙම හෙළිදරව් වීම් සත්‍යනම්, ඉන් පෙන්නුම් කරන්නේ වීසා පද්ධතිය නිසි ලෙස පාලනය කිරීමට වත්මන රජයට නොහැකි වී ඇති බවයි.

විපක්ෂ නායක බිල් ශෝර්ටන් වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ඔස්ට්‍රේලියාවේ වීසා පද්ධතිය පිළිබඳ සහ අවංකත්වය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් ටර්න්බුල් මහතා හමුවේ දැන් මතුවී තිබෙන බවයි.  මෙම කරුණු  සාමාන්‍ය කරුණු ලෙස සැලකීමට නොහැකි අතර මේ හේතුවෙන් මිනිසුන්ට මේ රටට නීති විරෝධිව ඇතුල් වීමට පහසුවෙන් ඉඩ සැලසෙන බවද විපක්ෂ නායකවරයා කියා සිටියේය.  

මේ අතර මෙම දූෂණ පිළිබඳ නිසි විමර්ශනයක් සිදු කරන ලෙස පාර්ලිමේන්තුවට ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට ග්‍රීන්ස් පක්ෂය සූදානම් වෙයි. ග්‍රීන්ස් පක්ෂයේ ආගමන සහ විගමන ක්ෂේත්‍රයේ නියෝජිතවරිය වන සාරා හැන්සන් යන්ග් පවසන්නේ ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර සහ නිපුනතා වීසා (business and skilled visa) පිළිබඳ සිදුව ඇතැයි වාර්තා වන මෙම දූෂණ පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස පාර්ලිමේන්තුව හමුවේ ඉල්ලෙමක් කිරීමට තම පක්ෂය අපේක්ෂා කරන බවයි.

වත්මන් ආගමන සහ විගමන අමාත්‍ය පීටර් ඩටන් මහතා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරාවි යැයි තමන් විශ්වාස නොකිරීම හේතුවෙන් මෙසේ පාර්ලිමේන්තුව හමුවට යෑම සුදුසු බව සාරා හැන්සන් යන්ග් වැඩි දුරටත් පවසා තිබේ.

මෙලෙස ආගමන සහ විගමන ක්ෂේත්‍රයේ දූෂණ සහ වංචා සිදුව ඇත්නම් ඒවා පිළිබඳ විධිමත් පරීක්ෂණ සිදු කර වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බව අගමැති මැල්කම් ටර්න්බුල් පවසයි.


2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now