SKIP TO MAIN CONTENT

“..ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016..” – ස්වාධීන අපේක්ෂකයන්ට ටර්න්බුල්ගෙන් දුරකථන ඇමතුම්

මැල්කම් ටර්න්බුල් මා සමග දුරකථනය ඔස්සේ කෙටි සාකච්ඡාවක නිරතවූ අතර ඔහුගේ පරමාර්ථය වූයේ මා සමග වීවෘත සංවාදයක යෙදීම බව ස්වාධීන අපේක්ෂක Andrew Wilkie පවසයි. මේ අතර Cathy McGowan පවසන පරිදි ටර්න්බුල් ඇයට පවසා ඇත්තේ ලිබරල් සන්ධානයට බහුතර පාර්ලිමේන්තුවක් පිහුටීවමට අවස්ථාවක් ඇති බවය. ඉදිරි තත්ත්වය පැහැදිලි වන තෙක් ඔහු සමග දිගින් දිගටම සබඳකම් පැවැත්වීමට අප එකඟ වූ බවද ඇය පවසයි.

Malcolm Turnbull
Australian Prime Minister Malcolm Turnbull smiles as he departs his home in Point Piper, Sydney, Australia, Sunday July 3, 2016. Source: AAP

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියානු මහා මැතිවරණයේ මේ වනවිට ලැබී ඇති ඡන්ද ප්‍රතිපලවලට අනුව “hung parliament” නොහොත් සුළුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් බිහිවේවිදෝ දැයි සැකයක් මතුව තිබේ. මේ අතර වාරයේදී මැල්කම් ටර්න්බුල් ස්වාධීන අපේක්ෂකයන්ට දුරකථන ඇමතුම් ලබාදී සුභ පැතූ බවට තොරතුරු වාර්තා වේ.

 ස්වාධීන අපේක්ෂකයන් වන Cathy McGowan සහ Andrew Wilkie හට ඉරිදා උදැසන මැල්කම් ටර්න්බුල් දුරකථනයෙන් කතා කොට සුභ පැතූ බව ඔවුන් පවසයි.

මැල්කම් ටර්න්බුල් මා සමග දුරකථනය ඔස්සේ කෙටි සාකච්ඡාවක නිරතවූ අතර ඔහුගේ පරමාර්ථය වූයේ මා සමග වීවෘත සංවාදයක යෙදීම බව ස්වාධීන අපේක්ෂක Andrew Wilkie පවසයි. මේ අතර Cathy McGowan පවසන පරිදි ටර්න්බුල් ඇයට පවසා ඇත්තේ ලිබරල් සන්ධානයට බහුතර පාර්ලිමේන්තුවක් පිහුටීවමට අවස්ථාවක් ඇති බවය. ඉදිරි තත්ත්වය පැහැදිලි වන තෙක් ඔහු සමග දිගින් දිගටම සබඳකම් පැවැත්වීමට අප එකඟ වූ බවද ඇය පවසයි.

නමුත් Andrew Wilkie පවසන්නේ තමා මේ වනවිට කිසිඳු පක්ෂයකට සහය දැක්වීමට එකඟත්වය පළකර නොමැති බවය.

මීට අමතරව ඔහු කියා සිටියේ කථානායක ධුරය තමාට යෝජනා කළත් තමන් එය ප්‍රතික්ෂේප කරන බවය.

නමුත් ස්වාධීන අපේක්ෂක Nick Xenophonගේ කණ්ඩායම පොරොන්දු වී ඇත්තේ යම් විටෙක සුළුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් බිහි වුවොතින් තමන් ඇතුළු කණ්ඩායම මොනයම් පක්ෂයකට හෝ සහය දක්වන බවයි.

එනමුත් ඔහු පවසන්නේ මේ වනවිට ප්‍රධාන පක්ෂ දෙක දිනා ඇති ආසන ප්‍රමාණය එම තීරණයට සාධකයක් වනු ඇති බවයි.

මේ අතර ග්‍රීන්ස් පක්ෂයේ නායක රිචඩ් ඩි නටාල් පවසන්නේ කිසිඳු පක්ෂයකින් මේ වන විටත් තමන්ට කිසිඳු ඇමතුමක් නොලැබුණු නමුත් තමන්ගේ දුරකථනය ඔවුන් සඳහා සෑම වේලාවකම වීවෘත බවත්ය. මීට අමතරව ඔහු පවසා ඇත්තේ ඉදිරි දින කිහිපය ඇතුලත ඔහු බිල් ශෝර්ටන්ව මුණ ගැසීමට අපේක්ෂාවෙන් සිටින බවයි. 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

 

  • සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
  • සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

 93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

  • සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now