දැනට ගිවිසුම් ඇතිකරගෙන ඇති කොරෝනා එන්නත් ද්විත්වයට අමතරව අත්හදා බලමින් පවතින තවත් අතිරේක කොරෝනා එන්නත් දෙකක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ආසන්නව සිටී.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt මේ බව ප්‍රකාශ කළේය.

ඔස්ට්‍රේලියාවට තවත් අතිරේක කොරෝනා එන්නත් දෙකක්
දැනට අත්හදා බලමින් සාර්ථකව අවසන් අදියරේ පවතින තවත් කොරෝනා එන්නත් ද්විත්වයක් ලබාගැනීම සඳහා ඔස්ට්‍රේලියාව ඉතා ආසන්නයේ සිටින බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඊයේ (02/11) ප්‍රකාශ කළේය.
2021 වසරේදී මෙම එන්නත් එළිදැක්වීමටත් ඒවා ජනතාවට ලබාදීමටත් හැකිවෙතැයි ඔහු පැවසීය.
මේ වන විටත් ඔස්ට්‍රේලියාව කොරෝනා එන්නත් දෙකක් ලබා ගැනීමට ගිවිසුම් අත්සන් කර තිබේ.
ඒ අනුව Oxford සරසවිය සහ AstraZeneca ඖෂධ නිෂ්පාදන ආයතනය එක්ව නිෂ්පාදනය කරමින් සිටින කොරෝනා එන්නතෙන් මාත්‍රා මිලියන 33.8 ක් ලබා ගැනීමටත් ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය සහ CSL ආයතනය එක්ව නිෂ්පාදනය කරමින් සිටින කොරෝනා එන්නතෙන් මාත්‍රා මිලියන 51 ක් ලබා ගැනීමටත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විටත් කටයුතු යොදා ඇත.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
අලුතින් ගිවිසුම් ඇතිකරගැනීමට යන කොරෝනා එන්නත් වල අත්හදා බැලීම් ඉතා සාර්ථකව සිදුකරගෙන යන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt ප්‍රකාශ කළේය.
එම අතිරේක එන්නත් ද්විත්වය නිෂ්පාදනය කරන පාර්ශව සමග ඉදිරි සති කිහිපයේ අවසන් එකඟතාවකට පැමිණිය හැකි බව තමන් අප්ක්ෂා කරන බවද ඔහු පැවසීය.

කොරෝනා එන්නත් ලබා දීමේ ප්‍රමුඛතාව
ඔස්ට්‍රේලියාවට ලැබෙන කොරෝනා එන්නත් ජනතාවට ලබා දීමේදී යම් ප්‍රමුඛතා වැඩපිළිවෙලක් අනුගමනය කිරීමට මධ්‍යම රජය සූදානම් බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය සේවකයින් සහ වියපත් ඔස්ට්‍රේලියානුවන් එම ප්‍රමුඛතා ලයිස්තුවේ මුලින්ම සිටින බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
නමුත් සෑම ඔස්ට්‍රේලියානුවාසියෙකු හටම කොරෝනා එන්නත ලබා දී ඔවුන්ට අවශ්‍ය ප්‍රතිශක්තිය ලබා දීම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අරමුණ බව ද ඔහු පැහැදිලි කළේය.


