කොරෝනා නීති උල්ලංඝනය කරන්නන් පිළිබඳ වහාම පැමිණිලි කරන ලෙස වික්ටෝරියානු ප්‍රාන්ත රජය සියලු ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලයි (SBS සිංහල/ වාර්තා)

Victoria Police

Source: AAP

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ lockdown නීති අවසන් කළ පසු එළඹෙන පළමු සති අන්තය හෙටින් (31/10) උදාවේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


එය මූලික කරගනිමින් කොරෝනා නීති උල්ලංඝනය කරන පුද්ගලයින් පිළිබඳ බලධාරීන්ට පැමිණිලි කරන ලෙස වික්ටෝරියානු ප්‍රාන්ත රජය ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටී.
A woman is detained during an anti-lockdown protest in Melbourne, Sunday, August 9, 2020. Victoria Police have warned people planning to attend a Melbourne protest that it’s a breach of COVID-19 restrictions. (AAP Image/Erik Anderson) NO ARCHIVING
Source: AAP

කොරෝනා නීති උල්ලංඝනය කිරීමේ වැඩි ඉඩක්

මේ සතිය මුලදී එනම් ඔක්තෝබර් 26 සහ 27 යන දෙදින තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවූ අතර ඉන් ඊට පසු දිනවල ආසාදිතයින් දෙදෙනෙකු, තිදෙනෙකු සහ සිව් දෙනෙකු බැගින් වාර්තා විය.

ඒ අනුව යළි අලුත් කොරෝනා ආසාදිතයින් බිහිවීමේ අවදානමක් පැවතීම සම්බන්ධව වික්ටෝරියානු ප්‍රාන්ත රජය දැඩි අවධානයක් යොමු කර ඇත.

මේ අතර පසුගිය ඔක්තෝබර් 27 මධ්‍යම රාත්‍රියේ සිට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ lockdown නීති අවසන් කිරීමත් සමග එතෙක් වසා දමා තිබූ සිල්ලර ව්‍යාපාර සහ අවන්හල්, ආපනශාලා හා තැබෑරුම් සියල්ලම විවෘත කෙරිණි.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


ඒ අනුව මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ lockdown නීති අවසන් කළ පසු එළඹෙන පළමු සති අන්තය හෙටින් (31/10) උදාවේ.

මේ හේතුවෙන් බොහෝ පිරිස් නිවසින් බැහැරව යාමටත්, පොදු ස්ථාන වල රැස්වීමටත් සහ සාප්පු සවාරි යාමටත් සූදානම් වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවත් එනිසාම කොරෝනා නීති සැලකිය යුතු පිරිසක් විසින් උල්ලංඝනය කිරීමක් සිදුවනු ඇති බවත් වික්ටෝරියානු ප්‍රාන්ත රජය අනුමාන කරයි.
Cafes and retail shops have reopened, with crowds flocking to Bourke St Mall for the first day of shopping in nearly 3 months.
Cafes and retail shops have reopened, with crowds flocking to Bourke St Mall for the first day of shopping in nearly 3 months. Source: Getty Images

කොරෝනා නීති උල්ලංඝනය කරන පුද්ගලයින් පිළිබඳ පැමිණිලි කරන්න

"ඔබ සිටින ස්ථානය COVID ආරක්‍ෂිත නොවේ නම් ඔබ පාරිභෝගිකයෙකු හෝ වේවා සේවකයකු හෝ වේවා ව්‍යාපාර හිමිකරුවෙකු හෝ වේවා ඔබ සියලු දෙනාම අනතුරේ දමනවා" යනුවෙන් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

එනිසා ඕනෑම ස්ථානයක කොරෝනා නීති උල්ලංඝනය කිරීමක් ඔබ දුටුවහොත් ඒ පිළිබඳ සෘජුව පැමිණිලි කිරීමට හැකි බවත් එම පැමිණිලි පිළිබඳ වික්ටෝරියානු පොලීසිය, WorkSafe ආයතනය සහ අදාළ සෞඛ්‍ය බලධාරීන් වහාම සොයා බලනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඒ සඳහා 1800 675 398 යන දුරකතන අංකයෙන් වික්ටෝරියානු ප්‍රාන්තයේ coronavirus hotline එක ඇමතීමට ඔබට හැකිය.

එලෙස කොරෝනා නීති උල්ලංඝනය කරන එක් පුද්ගලයෙකු සඳහා $1652 ක On-the-spot දඩයක්ද ව්‍යාපාරයක් සඳහා $9913 ක On-the-spot දඩයක්ද නිකුත් කෙරේ.
Police melbourne
Police were out in force around the country handing out fines to people not complying with COVID-19 social-distancing rules Source: AAP

උතුරු මෙල්බර්න් කලාපයේ නව අවදානම් තත්ත්වයක්

මෙල්බර්න් නුවර උප නගරයක් වන Bundoora හි පිහිටි Goodstart Early Learning මධ්‍යස්ථානයට පැමිණි ගැහැණු දරුවෙකු හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග උතුරු මෙල්බර්න් කලාපයේ කොරෝනා අවදානම් තත්ත්වයක් හටගෙන තිබේ.

ඔක්තෝබර් 20 සිට 22 දක්වා දිනවලදී වයිරසය ආසාදනය වූ දරුවා Bundoora හි පිහිටි Goodstart Early Learning මධ්‍යස්ථානයට පැමිණ ඇති අතර ඔක්තෝබර් 25 වන දින ඇගේ මවට වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

ඉන් අනතුරුව පසුගිය බදාදා (28/10) එම දරුවාටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පරීක්ෂණ වලින් තහවුරු විය.

මේ හේතුවෙන් අදාළ මධ්‍යස්ථානය ඔක්තෝබර් 25 වන දින සිට වසා දමා ඇති බවත් විෂබීජහරණය කිරීමෙන් අනතුරුව එය නුදුරේදී යළි විවෘත කෙරෙනු ඇති බවත් වාර්තා වේ.

අදාළ දරුවා සමග සමීපව ගැවසුණු තවත් දරුවන් 8 දෙනෙකු සහ සේවක මණ්ඩලයේ සිව් දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඉන් ළමුන් හයදෙනෙකුට සහ කාර්ය මණ්ඩල සමාජිකයින් තිදෙනෙකුට වයිරසය ආසාදනය වී නොමැති බව මේ වන විට තහවුරු වී ඇත.

කෙසේවෙතත්, ඔවුන් සමග සමීපව ගැවසුණු පුද්ගලයින් ද සොයා ඔවුන්වද දින 14 ක් හුදකලා කිරීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන තිබේ.
how to where a mask
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
කොරෝනා නීති උල්ලංඝනය කරන්නන් පිළිබඳ වහාම පැමිණිලි කරන ලෙස වික්ටෝරියානු ප්‍රාන්ත රජය සියලු ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලයි (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala