Early Learning මධ්‍යස්ථානයකින් හමුවූ නවතම කොරෝනා ආසාදිතයෙකු නිසා මෙල්බර්න් නුවරම නැවත පීරන්නට සැරසෙයි (SBS සිංහල/ වාර්තා)

Federation Square

Victoria has received 4,000 places for its skilled nomination visa program. Source: AAP

මෙල්බර්න් උප නගරයකින් හමුවූ නවතම කොරෝනා ආසාදිතයෙකු නිසා ආශ්‍රිතයින් සොයා යාමේ විශාල මෙහෙයුමක් දියත් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජයට සිදුව තිබේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

අදාළ ආසාදිතයා හා සමග බැදුණු ආශ්‍රිතයින් 90 කට අධික පිරිසක් සිටින බව ප්‍රාන්ත රජය විශ්වාස කරයි.
Amharic News 12 September 2020
Victorian Premier Daniel Andrews Source: AAP

මෙල්බර්න් නුවර අලුත්ම කොරෝනා ආසාදිතයා

මෙල්බර්න් නුවර උප නගරයක් වන Bundoora හි පිහිටි Goodstart Early Learning Centre හෙවත් පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයට පැමිණි ගැහැණු දරුවෙකු හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඇය මේ වන විට මතුව ඇති උතුරු මෙල්බර්න් කලාපයේ කොරෝනා ව්‍යාප්ති ජාලයට සම්බන්ධ බවත් ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කරන ලද අලුත්ම කොරෝනා ආසාදිතයින් තිදෙනා අතර සිටින බවත් වාර්තා වේ.

අනෙක් ආසාදිතයින් දෙදෙනා පිළිබඳ තොරතුරු සොයමින් සිටින බවද සඳහන්.

Bundoora හි පිහිටි Goodstart Early Learning මධ්‍යස්ථානය කොරෝනා වයිරසයට නිරාවරණය වූ ස්ථානයක් ලෙස අධ්‍යපාන දෙපාර්තමේන්තුව විසින් නම් කර ඇත.

ඔක්තෝබර් 25 වන දින සිට අදාළ මධ්‍යස්ථානය වසා දමා ඇති බව Monash වෛද්‍ය මධ්‍යස්ථානයේ මහාචාර්ය Euan Wallace පැවසීය.

ඔක්තෝබර් 20-22 දිනවලදී වයිරසය ආසාදනය වූ දරුවා Bundoora හි පිහිටි Goodstart Early Learning මධ්‍යස්ථානයට පැමිණ ඇති අතර ඔක්තෝබර් 25 වන දින ඇගේ මවට වයිරසය ආසාදනය වී ඇති බවත් හඳුනාගෙන තිබේ.

ඉන් අනතුරුව පසුගිය බදාදා (28/10) එම දරුවාටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පරීක්ෂණ වලින් තහවුරු විය.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

එම පුද්ගලයින් හා සමීපව ගැවසුණු පුද්ගලයින් (ආශ්‍රිතයින්) 12 දෙනෙකු හට මේ වන විට කොරෝනා පරීක්ෂණ සිදු කර ඇති බවත් ඉන් 9 දෙනෙකු හට වයිරසය ආසාදනය වී නොමැති බවත් මේ දක්වා තහවුරු වී තිබේ.

"මෙම ආසාදිතයා සමග ගැවසුණු දෙවැනි පෙළ ආශ්‍රිතයින් 90 ක් පමණ හෝ ඊට වඩා වැඩි පිරිසක් සිටින බවට විශ්වාස කරන බවත් ඔවුන්ට පෙරේදා සහ ඊයේ (29/10) දින වල මේ පිළිබඳ දැනුවත් කළ බවත් මහාචාර්ය Wallace පැවසීය.

කොරෝනා වයිරසය ආසාදනය වූ දරුවා රෝහල් ගත කර නැති බවත් ඇය හොඳින් සිටින බවත් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews ඊයේ (29/10) පැවසුවේය.

වික්ටෝරියානු හෝටල් නිරෝධායනය පිළිබඳ සිදුකළ විමර්ශනයේ වාර්තාව තවත් ප්‍රමාද වෙයි

මේ අතර වික්ටෝරියානු ප්‍රාන්තයේ අක්‍රමවත්ව ක්‍රියාත්මක වූ හෝටල් නිරෝධායන වැඩසටහන පිළිබඳ සිදුකළ විමර්ශනයේ අවසන් වාර්තාව නිකුත් කිරීම තවත් සති හයකින් පමණ ප්‍රමාද වන බවද ඊයේ (29/10) හෙළිවිය.

එම අවසන් වාර්තාව නිකුත් කිරීමට නියමිතව තිබුණේ එළඹෙන නොවැම්බර් 06 වන දින නමුත් එදිනට අදාළ විමර්ශන මණ්ඩලය විසින් විමර්ශනයේ අතුරු සොයාගැනීම් පමණක් නිකුත් කරන බව වාර්තා වේ.

එම අතුරු වාර්තාවෙන් වික්ටෝරියානු ප්‍රාන්තයේ ඊළඟ හෝටල් නිරෝධායන වැඩසටහන කෙසේ විය යුතුද යන්න පිළිබඳ නිර්දේශ සපයා තිබේ.

ඒ අනුව පසුගිය ජූලි මාසයේ සිට නවතා දැමුණු වික්ටෝරියානු ප්‍රාන්තයට ජාත්‍යන්තර ගුවන් ගමන් පැමිණීම මේ හේතුවෙන් නුදුරේදී ආරම්භ කළ හැකි වේ යයි අපේක්ෂා කරයි.

විමර්ශන කමිටුවේ අවසන් වාර්තාව දෙසැම්බර් 21 නිකුත් කිරීමට නියමිතය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ නවතා දැමුණු හෝටල් නිරෝධායන වැඩසටහනේ ආරක්ෂාව පුද්ගලික ආරක්ෂක අංශ වලට බාරදීමට තීරණය කළේ කවුරුන්ද සහ ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා වල සහය ප්‍රතික්ෂේප කළේ කවුද යන තොරතුරු සමග විමර්ශනයේදී සොයා ගත් සියලු විස්තර සහ යෝජිත නිර්දේශ සියල්ලම එම අවසන් වාර්තාවේ අඩංගු වනු ඇත.
how to where a mask
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne
Source: AAP, SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
Early Learning මධ්‍යස්ථානයකින් හමුවූ නවතම කොරෝනා ආසාදිතයෙකු නිසා මෙල්බර්න් නුවරම නැවත පීරන්නට සැරසෙයි (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala