ඔස්ට්‍රේලියාවේ සරණාගතයින් නවසීලන්තයේ පදිංචි කිරීමට යාමෙන් ඔස්ට්‍රේලියාවට යළිත් නීති විරෝධීව මිනිසුන් පැමිණෙයිද? (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ සිටින සරණාගතයින් වසරකට 150 ක් බැගින් ඉදිරි වසර තුන සඳහා නවසීලන්තයේ නැවත පදිංචි කිරීමට එකඟ වී ඇත.

People smuggling

Source: AAP

ඔස්ට්‍රේලියාවේ සරණාගතයින් නැවත පදිංචි කිරීම සම්බන්ධ නවසීලන්තයේ යෝජනාව භාර ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අවසානයේ එකඟ වී තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ සිටින  සරණාගතයින් වසරකට 150 ක් බැගින් ඉදිරි වසර තුන සඳහා නවසීලන්තයේ නැවත පදිංචි කිරීමට එකඟ වී ඇත.


Highlights

  • මෙම ගිවිසුමට අනුව ඉදිරි වසර තුන පුරාවට වසරකට දැනට ඔස්ට්‍රේලියාවේ සිටින සරණාගතයින් 150 බැගින් නවසීලන්තයේ පදංචි කිරීමට කටයුතු කෙරේ.
  • නවසීලන්තය සමඟ මෙම නැවත පදිංචි කිරීමේ සැලැස්මේ කොටසක් වන ඕනෑම කෙනෙකුට ස්ථිරවම ඕස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි වනු ඇත.
  • ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ පුරවැසියෙකු වීමට නොහැකි වනු ඇති බවත් ස්ථිර පදනමක් මත මෙහි රැඳී සිටීමට නොහැකි වනු ඇත.

මේ සමග ඔස්ට්‍රේලියාවට යළිත් නීති විරෝධී ලෙස යාත්‍රාවලින් මිනිසුන් පැමිණීමට ඉඩ ඇති බවට විවිධ පාර්ශවවලින් මධ්‍යම රජයට චෝදනා එල්ලවෙමින් පවතී.

කෙසේවෙතත්, එවැන්නක් සිදු නොවීමට ඉඩ නොතබන බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පොරොන්දු වී තිබේ.

Home Affairs Minister Karen Andrews speaks during a press conference at Parliament House in Canberra.
Home Affairs Minister Karen Andrews speaks during a press conference at Parliament House in Canberra. Source: AAP

නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට ආවොත් පදිංචිය ලැබෙනවද?

නවසීලන්තය සමඟ නව සරණාගත ගිවිසුම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු නීති විරෝධී ලෙස යාත්‍රාවලින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින් කිසිදාක ඔස්ට්‍රේලියාවේ නැවත පදිංචි නොකරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු ඇමතිනි  Karen Andrews පැවසුවාය.

මෙම ගිවිසුමට අනුව ඉදිරි වසර තුන පුරාවට වසරකට දැනට ඔස්ට්‍රේලියාවේ සිටින සරණාගතයින් 150 බැගින් නවසීලන්තයේ පදංචි කිරීමට කටයුතු කරන බව ඇය පැවසුවාය.

නමුත් ඔස්ට්‍රේලියාවේ දේශසීමා ආරක්‍ෂාව සම්බන්ධයෙන් වත්මන් මොරිසන් රජයේ දැඩි පිළිවෙත වෙනස් වී නැති බව ද ඇය අවධාරණය කළාය.

"මෙම විධිවිධානය අනාගතයේදී ඔස්ට්‍රේලියාවට නීතිවිරෝධීව පැමිණෙන හෝ ඊට උත්සාහ කරන ඕනෑම කෙනෙකුට අදාළ නැහැ" යනුවෙන් ඇය වාර්තාකරුවන්ට පැවසුවාය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

නවසීලන්තය සමඟ මෙම නැවත පදිංචි කිරීමේ සැලැස්මේ කොටසක් වන ඕනෑම කෙනෙකුට ස්ථිරවම ඕස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි වනු ඇති බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු ඇමතිනි  Karen Andrews සඳහන් කළාය.

එමෙන්ම ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ පුරවැසියෙකු වීමට නොහැකි වනු ඇති බවත් ස්ථිර පදනමක් මත මෙහි රැඳී සිටීමට නොහැකි වනු ඇති බවත් ඇය අවධාරණය කළාය.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සමඟ කටයුතු කළ නවසීලන්ත ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Kris Faafoi සමඟ එක්ව මෙම නිවේදනය නිකුත් කර ඇත.

කලාපීය මානුෂීය ප්‍රයත්නය සඳහා මෙම කැපවීම යහපත් ක්‍රියාවක් බව තමා සිතන බව අමාත්‍ය Kris Faafoi එහිදී පැවසුවේය.

NZ Immigration Minister Kris Faafoi
New Zealand Immigration Minister Kris Faafoi Source: AAP

මෙම ගිවිසුම යටතේ නවසීලන්තයේ නැවත පදිංචි කිරීමට පහත සඳහන් සරණාගතයින්ව මූලික ලෙස සලකා බැලේ:

  • ප්‍රාදේශීය කලාපීය විධිවිධාන යටතේ Nauru දූපතේ හෝ ඔස්ට්‍රේලියාවේ තාවකාලිකව සිටින සරණාගතයින්
  • නවසීලන්තයේ සරණාගත කෝටා වැඩසටහන් අවශ්‍යතා සපුරාලන සරණාගතයින්
  • එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් (UNHCR) විසින් නවසීලන්තය වෙත යොමු කරන සරණාගතයින්
  • වෙනත් තුන්වන රටක නැවත පදිංචි කිරීමේ ක්‍රියා මාර්ගවල නිරත නොවන සරණාගතයින්

ඔස්ට්‍රේලියාවේ සරණාගත කවුන්සිලයට අනුව සරණාගතයින් සහ නීති විරෝධී සංක්‍රමණිකයින් 1,384 ක් තවමත් තමන්ගේ අනාගතය පිලිබඳව අවිනිශ්චිතව සිටිති.

ඔවුන්ගෙන් 1,168 ක් ඔස්ට්‍රේලියාවේ ද 112 ක් Nauru දූපතේද 104 ක් පැපුවා නිව්ගිනියාවේ ද සිටිති.


Share

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now