ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය විසින් Pfizer එන්නත සඳහා තාවකාලික අනුමැතිය ලබා දීමෙන් පසු නව යොවුන් වියේ දරුවන්ට ඉක්මනින්ම කොවිඩ් බූස්ටර් එන්නත ලබා ගැනීමට හැකි වනු ඇත.
මේ පිළිබඳ අද පළමු වරට මාධ්‍ය වෙත කරුණු හෙළිදරව් කෙරුණි.
- Highlights
- ඔස්ට්‍රේලියාවේ වයස 16 සහ 17 දරුවන්ට ඉක්මනින්ම කොවිඩ් බූස්ටර් එන්නත ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.
- වැඩිහිටියන්ට ලබාදෙන කොවිඩ් බූස්ටර් එන්නත් මාත්‍රාවම එම දරුවන්ට ද ලබාදිය හැකි බව සඳහන්.
- පූර්ණ කොවිඩ් එන්නත්කරණයේ නිර්වචනය වෙනස් කිරීමට මේ වන විට සාකච්ඡාවක් පැන නැගී තිබේ.
නව යොවුන් වියේ දරුවන්ටත් කොවිඩ් බූස්ටර් එන්නත
ඔස්ට්‍රේලියාවේ මීට පෙර කොවිඩ් බූස්ටර් එන්නත ලබාගත හැකිවූයේ වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින්ට පමණි.
නමුත් දැන් ඔස්ට්‍රේලියාවේ නව යොවුන් වියේ දරුවන්ට ද කොවිඩ් බූස්ටර් එන්නත ලබාදිය හැකි බව ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය පවසයි.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
ඒ අනුව වයස 16 සහ 17 දරුවන්ට වැඩිහිටියන්ට ලබාදෙන කොවිඩ් බූස්ටර් එන්නත් මාත්‍රාවම ලබාදිය හැකි බව ඔවුහු ප්‍රකාශ කළහ.
ඉදිරි දින කිහිපය තුළ නව යොවුන් වියේ දරුවන් සඳහා කොවිඩ් බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කළ හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.
ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරියෙන් එය ආරම්භ කිරීමට නිශ්චිත දිනය සහ අවසරය ලැබුණු විගස මෙය ආරම්භ කළ හැකි බවද ඔහු පැවසීය.
කොවිඩ් බූස්ටර් එන්නත ලබාගැනීමට සිටිය යුතු කාලය අවම කිරීම
මේ වන විට කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා කොවිඩ් බූස්ටර් එන්නත ලබාගැනීමට බලා සිටිය යුතු කාලය මාස 4 කි.
නමුත් එය මාස 3 දක්වා එළඹෙන සඳුදා සිට තවත් අඩු කෙරේ.
ඇතැම් ප්‍රාන්ත සහ ටෙරිටරි දැනටමත් එම කාලය මාස 3 දක්වා අඩු කර තිබේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
පූර්ණ කොවිඩ් එන්නත්කරණයේ නිර්වචනය වෙනස් කිරීමට යෝජනා
කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන තිබීම පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලෙස මේ වන විට හඳුන්වයි.
නමුත් බූස්ටර් එන්නත ද ලබා ගත් විට පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලෙස දැක්විය යුතු බවට මේ වන විට සාකච්ඡාවක් පැන නැගී තිබේ.
නමුත් ඒ සම්බන්ධයෙන් ඊයේ (27/01) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කිසිදු තීරණයක් නොගත් බව සඳහන්.
කෙසේවෙතත්, ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය ඒ පිළිබඳව නොකඩවා විමර්ශනය කරමින් සිටියි.
කෙසේ වුවද, එම නිර්වචනය වෙනස් වුවහොත් තමන්ගේ ප්‍රාන්ත සහ ටෙරිටරිවල මහජන සෞඛ්‍ය නියෝග යාවත්කාලීන කිරීම ඒ ඒ ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් වෙත පැවරේ.
මේ අතර පූර්ණ කොවිඩ් එන්නත්කරණය පිළිබඳ නිර්වචනය වෙනස් කිරීම වෛද්‍ය විශේෂඥයින් විසින් තීරණය කළ යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආරක්ෂක අමාත්‍ය Peter Dutton පැවසීය.