තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ ඡන්ද පත්‍රිකා පිරවීම සඳහා ඡන්ද පොළට ගොස් 2022 ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරනු ඇත.
නමුත් ඡන්දය ප්‍රකාශ කිරීම සැබවින්ම ක්‍රියාත්මක වන්නේ කෙසේද?
ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණ ක්‍රියාත්මක වන්නේ මනාප ඡන්ද ක්‍රමය යටතේ වන අතර කුඩා පක්ෂවල සංඛ්‍යාව සහ විවිධත්වය පිළිබිඹු කිරීමට ඉන් ඉඩ සලසයි.

මනාප ඡන්දය යනු කුමක්ද?
ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන මනාප ඡන්ද ක්‍රමය ඔස්ට්‍රේලියාවට බොහෝ දුරට අනන්‍ය වූ ක්‍රමයකි.
මනාප ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පුරවැසියන්ට ඔවුන්ගේ මනාපයන් අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩල දෙක සඳහා ඔවුන්ගේ ඡන්ද පත්‍රිකාවේ සියලුම අපේක්ෂකයින් තනි තනිව අංක කර ශ්‍රේණිගත කිරීම අවශ්‍ය වේ.
පළමු මනාප මත පදනම්ව කිසිඳු අපේක්ෂකයෙකු හෝ පක්ෂයක් සම්පූර්ණයෙන් ජය නොගන්නා විට එය භාවිතයට ගනී.
මේ හේතුවෙන් ඡන්ද දායකයින්ව ඡන්දය ප්‍රකාශ කිරීමට ගෙන්වා ගැනීම ඉතා වැදගත් බව ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ (AEC) ප්‍රකාශක, Evan Ekin-Smyth, SBS පුවත් සේවයට පැවසුවේය.
ඔබේ අපේක්ෂකයින් සහ ඔවුන් ගැන දැන ගැනීම පමණක් නොව, මනාප ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවද දැන ගත යුතු බව ඔහු පැවසීය.
පාර්ලිමේන්තුවේ ඔබ වඩාත්ම කැමති හෝ ඔබට වඩාත්ම අවශ්‍ය කවුරුන්ද යන්න අනුව ඔබට අපේක්ෂකයින් ශ්‍රේණිගත කළ හැකි බව Evan Ekin-Smyth සඳහන් කළේය.
මනාප ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කෙසේද?
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ හෙවත් පහළ මන්ත්‍රණ සභාවේ ඡන්ද පත්‍රිකාව කොළ පැහැයෙන් යුක්ත වන අතර සෙනෙට් සභා ඡන්ද පත්‍රිකාව සුදු පැහැයෙන් යුක්ත වේ.
අපේක්ෂකයෙකුට එරෙහිව අංක එක තැබීම පළමු මනාපය හෝ මූලික ඡන්දය ලෙස සැලකේ.
කිසිදු අපේක්ෂකයෙකු ප්‍රාථමික ඡන්දවලින් සාපේක්ෂ බහුතරයක් ලබා නොගන්නේ නම්, අඩුම ඡන්ද සහිත අපේක්ෂකයා ගණන් කිරීමෙන් ඉවත් කරනු ලැබේ.
මෙම බැහැර කරන ලද අපේක්ෂකයාගේ ඡන්ද, ඡන්ද දායකයාගේ දෙවන මනාපය වන සෑම ඡන්ද පත්‍රිකාවකම අංක දෙක ඇති අපේක්ෂකයාට මාරු කරනු ලැබේ.
එක් අපේක්ෂකයෙකුට ප්‍රකාශිත විධිමත් ඡන්දවලින් අඩකට වඩා හෝ සාපේක්ෂ බහුතරයක් ඇති බව ප්‍රකාශ කරන තෙක් මෙම ගණන් කිරීමේ ක්‍රියාවලිය දිගටම සිදු කෙරේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
පහළ මන්ත්‍රණ සභාව
ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාව සහ සෙනෙට් සභාව තෝරා ගන්නා මනාප ඡන්ද ක්‍රම දෙකක් ඇත.
පහළ මන්ත්‍රණ සභාවේ එක් එක් ආසනය සඳහා තනි නියෝජිතයෙකු තේරී පත් වේ.
ඡන්දදායකයා තම මනාපයන් අනුව අදාළ කොටු තුළ සරලව අංක සටහන් කළ යුතුය.

සෙනට් සභාව
සෙනෙට් සභාවේදී, එක් එක් ප්‍රාන්තය සඳහා බහු නියෝජිතයන් තෝරා ගනු ලබන අතර මෙහි පද්ධතිය මදක් සංකීර්ණ වේ
ඡන්දදායකයාට ඡන්ද පත්‍රිකාවේ රේඛාවට ඉහළින් ලැයිස්තුගත කර ඇති පක්ෂ ශ්‍රේණිගත කළ හැකි තේරීම් දෙකක් තිබේ.
විකල්පයක් ලෙස, ඔවුන්ට රේඛාවට පහළින් ලැයිස්තුගත කර ඇති සියලුම තනි අපේක්ෂකයින් අංකනය කළ හැකිය.
ඔබ රේඛාවට ඉහළින් ඡන්දය දෙන්නේ නම්, ඔබ අවම වශයෙන් කොටු හයක්වත් අංකනය කිරීමට අවශ්‍ය වනු ඇත. පක්‍ෂයේ ප්‍රකාශිත මනාප අනුමත කරමින් ඔබගේ ඡන්දය සමග මනාප තවමත් ක්‍රියාත්මක වන අතර, ඡන්ද ප්‍රවාහය පාලනය කිරීමට පක්ෂයටම ඉඩ සලසයි.
අදාළ රේඛාවට පහළින් ඡන්දය ප්‍රකාශ කිරීම වඩාත් සංකීර්ණ සහ කාලය ගතවන අතර, ඡන්ද දායකයා අවම වශයෙන් අපේක්ෂකයින්ගේ කොටු දොළහක් හෝ අවම වශයෙන් අංකනය කිරීම අවශ්‍ය වේ.
වළක්වා ගත යුතු ප්‍රධාන වැරදි
ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමට අනුව 5% ක් පමණ ඡන්ද 'අවිධිමත්' ලෙස සලකනු ලබයි. මිනිසුන් වැරදි අයුරින් ඡන්දය දුන් නිසා එම ඡන්ද මැතිවරණ ප්‍රතිඵලයට ගණන් නොගනු ඇත.
වළක්වා ගත යුතු ඇතැම් ප්‍රධාන වැරදි අතරට ඡන්ද පත්‍රිකාවක අංකයක් නැවත නැවත යෙදීම, අංකයක් මඟ හැරීම සහ කොටු සියල්ලම අංක නොකිරීම ඇතුළත් වේ.
"ඔබේ වඩාත්ම ප්‍රියතම සහ අඩුවෙන්ම ප්‍රිය කරන අපේක්ෂකයා ඔබ තීරණය කළ යුතුය, ඔබ අවම ප්‍රිය යැයි ඔබ සිතන කිහිප දෙනෙක් සිටියත්, ඔබේ ඡන්දය ගණන් කරන බව සහතික කර ගැනීම සඳහා ඔවුන් අතර කවුරුන් තෝරාගන්නවා යන්න තීරණය කිරීමට ඔබට සිදුවේ," යනුවෙන් මැතිවරණ කොමිසමේ නියෝජිත Ekin-Smyth පැවසීය.

