ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අවම වුවත් සියලු දෙනාට සමාන රැකියා අවස්ථා නැති බවට චෝදනා (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අඩු වනු ඇතැයි ආර්ථික විද්‍යාඥයන් අපේක්ෂා කළ ද එය තවමත් 3.9% මට්ටමක ස්ථාවරව පවතින බව අද (ජුනි 16) අනාවරණය විය.

Australia's unemployment rate remains at 3.9 percent, but not all Australians have equal employment opportunities

Australia's unemployment rate remains at 3.9 percent. Source: AAP

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අඛණ්ඩව තුන්වන මාසයටත් 3.9% ක ප්‍රතිශතයක ස්ථාවරව පවතී.

මෙය වසර 50ක අඩුම විරැකියා අනුපාතය ලෙස වාර්තා වේ.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය තවමත් 3.9% මට්ටමක ස්ථාවරව පවතියි.
  • පූර්ණ කාලීන රැකියා 69,400කින් වැඩි වූ අතර අර්ධකාලීන සේවකයන් සංඛ්‍යාව 8,700කින් පහත වැටී තිබේ.
  • නමුත් සියලුම ඔස්ට්‍රේලියානුවන්ට සමාන රැකියා අවස්ථා නොමැති බවද විශේෂඥයෝ පෙන්වා දෙති.

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අඛණ්ඩව ස්ථාවර මට්ටමක

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අඩු වනු ඇතැයි ආර්ථික විද්‍යාඥයන් අපේක්ෂා කළ ද එය තවමත් 3.9% මට්ටමක ස්ථාවරව පවතින බව අද (ජුනි 16) අනාවරණය විය.

රැකියාවල නියුතු මුළු පුද්ගලයින් සංඛ්‍යාව ශ්‍රමිකයින් 60,600 කින් වැඩි වී තිබේ.

තවද මාසිකව වැඩ කරන පැය ගණන පැය මිලියන 17කින් හෝ 0.9% කින් වැඩි වී ඇත.

පූර්ණ කාලීන රැකියා 69,400කින් වැඩි වූ අතර අර්ධකාලීන සේවකයන් සංඛ්‍යාව 8,700කින් පහත වැටී තිබේ.

Australia's unemployment rate remains at 3.9 percent
Source: AAP

සියලුම ඔස්ට්‍රේලියානුවන්ට සමාන රැකියා අවස්ථා නොමැත

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය ස්ථාවර මට්ටමක පැවතීම මධ්‍යයේ ඉහත දැක්වූ ආර්ථික දත්ත ඔස්ට්‍රේලියාවේ සමස්ත ආර්ථිකය සඳහා ධනාත්මක සලකුණක් පෙන්වයි.

නමුත් සියලුම ඔස්ට්‍රේලියානුවන්ට සමාන රැකියා අවස්ථා නොමැති බව ක්වීන්ස්ලන්තය පදනම් කරගත් ආබාධිත උපදේශන කණ්ඩායමක් වන AMPARO හි Maureen Fordyce පැවසුවාය.

"AMPARO හි අත්දැකීම නම්, ක්වීන්ස්ලන්ත වැසියන්ට සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ වූ (CALD) පසුබිම්වලින් පැමිණෙන ආබාධිත පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් වැදගත් සේවා සහ තොරතුරු සඳහා සාධාරණ ප්‍රවේශය, ඔවුන්ගේ අයිතිවාසිකම් අවබෝධ කර ගැනීම, තේරීම සහ පාලනය ක්‍රියාත්මක කිරීම සහ ගැටළු නිරාකරණය කිරීම වළක්වන සැලකිය යුතු අමතර බාධකවලට මුහුණ දෙන බවයි." යනුවෙන් ඇය පැහැදිලි කළාය.

විවිධ භාෂා සහ සංස්කෘතික පසුබිම්වලින් පැමිණෙන ආබාධිත පුද්ගලයන්ට ජීවිතයේ බොහෝ ක්ෂේත්‍ර හරහා වෙනස් කොට සැලකීම් අත්විඳිය හැකි බවත් මෙයට ඉහළ මට්ටමේ විරැකියාව අත්විඳීම ඇතුළත් වන බවත් Maureen Fordyce පෙන්වා දුන්නාය.

"ඔවුන් බොහෝ විට ශ්‍රම බලකායට ඔවුන්ගේ සහභාගීත්වය සීමා කරන ආකල්පමය සහ ව්‍යුහාත්මක බාධක අත්විඳිනවා, අවාසනාවන්ත ලෙස රැකියා ස්ථාන වෙත භෞතික ප්‍රවේශය තවමත් විවෘත රැකියා සඳහා පොදු බාධකයක්, මේ නිසා අපට ව්‍යුහාත්මක පද්ධතිමය වෙනස්කම්, අධ්‍යාපනය සහ ආබාධිත රැකියා නියෝජිතායතන මගින් වැඩිදියුණු කළ කාර්ය සාධනය අවශ්‍ය වනවා." යනුවෙන්ද ඇය තවදුරටත් පැහැදිලි කළා.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ඔස්ට්‍රේලියානු ආර්ථිකය තවමත් වසංගතයේ බලපෑමෙන් මිදී නොමැත

විරැකියා අනුපාතය අඩු වුවද ඔස්ට්‍රේලියානු ආර්ථිකය තවමත් වසංගතයේ බලපෑමෙන් මිදී නොමැති බව ඔස්ට්‍රේලියානු ආයතනයේ ආර්ථික විද්‍යාඥ Matt Grudnoff පැවසුවේය.

මාසයෙන් මාසයට වයස 15 ට වැඩි ජනගහනයේ වෙනස දෙස බැලීම ඉතා සිත්ගන්නා සුළු බවද Grudnoff පැවසීය.

"එය දැන් වසංගත මට්ටම්වලට වඩා වේගයෙන් වර්ධනය වන නමුත් එය පූර්ව වසංගත තත්ත්වයට පැමිණ නැහැ, මෙයින් අදහස් කරන්නේ ජනගහනය තවමත් වසංගතය නොමැතිව සිටිය හැකි ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු බවයි." යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

ඔස්ට්‍රේලියානු ආයතනය ඉදිරිපත් කර ඇති පහත ප්‍රස්ථාරයෙන් දැක්වෙන්නේ වයස 15 ට වැඩි ජනගහනයේ මාසික වෙනසය.

Australia Institute
Source: Australia Institute

පසුගිය මැයි මාසයේදී නිකුත් කරන ලද පූර්ව වාර්තා කාලසීමාව තුළ, අප්‍රේල් මාසයේදී විරැකියා අනුපාතය ද 3.9%ක් ලෙස පැවති අතර, රැකියා කළ පුද්ගලයින් සංඛ්‍යාව 4,500කින් මිලියන 13.4 දක්වා ඉහළ ගියේය.

විරැකියා අනුපාතය දැනටමත් වසර 50 කට ආසන්න කාලයක් තුළ අඩුම අගයේ පවතී.

එහෙත් විරැකියා අනුපාත ඔස්ට්‍රේලියානු ශ්‍රමිකයින්ගේ සමස්ත කතාවම පැවසීම සඳහා අර්ථකථනය කිරීමට එරෙහිව ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත.



Share

3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now