SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත රියදුරන් රථ ධාවනයේදී නොකරන දෙයක් නැහැ : පොලිසිය හෙලිකල ඇත්ත මෙන්න

using cell phone while driving
using cell phone while driving Source: Getty Images

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

මින්පෙර නොවූ විරු අයුරින් වික්ටෝරියානු ප්‍රාන්ත රියදුරන් රිය ධාවන අතරතුරදී නීතිවිරෝධී ක්‍රියාකාරකම් වල නියැලෙන බවට වාර්තා වී ඇතැයි ප්‍රාන්ත පොලිසිය පවසයි. ඒ අතර කෙටි පණිවිඩ යැවීම, සමාජ මාධ්‍ය භාවිතය, සෙල්ෆි චයාරුප ගැනීම සහ චිත්‍රපට නැරඹීම පවා සිදුකරන බද පොලිසිය වැඩිදුරටත් පෙන්වා දෙයි. පසුගිය වසරේ මෙවැනි නීතිවිරෝධී ක්‍රියා සඳහා 30,000 ක් වැනි විශාල ප්‍රමාණයක දඩ පත්‍ර පොලිසිය විසින් නිකුත්කොට ඇතැයි ද වාර්තා වේ.

මේ අනුව නීති විරෝධී රියදුරන් හසුකරගැනීමට විශේෂ ක්‍රියාමාර්ග අනුගමනයට සැලසුම් සකසන බව වික්ටෝරියානු පොලිසිය පවසයි. ඒ සඳහා තනි වර්ණ නිල ඇඳුමින් සැරසුණු,මෝටර් බයිසිකල් මත රැඳී විශේෂ පොලිස් නිලධාරීන්, මාර්ග සඥා ඇති හරස් මාර්ග අසල රඳවා තැබීමට ඉදිරියේදී ක්‍රියාකරනු ඇත.

SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන් සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

වික්ටෝරියා ප්‍රාන්ත සහකාර පොලිස් කොමසාරිස් ඩග් ෆ්‍රයර් පවසනුයේ රෙඩ් ලයිට් කැමරා ක්‍රමයට මෙවැනි නීතිවිරෝධී ක්‍රියා හසුකරගැනීමේ නවීන කැමරා සහිත තාක්ෂණික ක්‍රමවේදයක් ප්‍රාන්තය තුල ස්ථාපනය කරලීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම කෙරෙහි ප්‍රාන්ත රජයේ අවධානය යොමුවෙනු ඇති බවයි.

රථ ධාවනයේදී නීතිවිරෝධී ක්‍රියාවල නියැලෙන රියදුරන් හසුකරගැනීමට මිට සමාන ක්‍රමවේදයක් ලබන ජුලි පළමුදා සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ක්‍රියාත්මක වීමට නියමිතයි.

** SBS ප්‍රවෘති සහ කාලින සිදුවීම් අංශයෙන් ලද තොරතුරු ඇසුරිණි **


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now