SKIP TO MAIN CONTENT

නිවාස සඳහා ඔස්ට්‍රේලියාව පුරා ණය අනුමත වීම පහත බසී. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය වාර්තා කරන පරිදි පෙබරවාරි මාසය වන තෙක් ඉහළ මට්ටමක තිබු සමස්ත නිවාස මුල්‍ය පිරිවැටුම් 4.4% කින් ඩොලර් බිලියන 31.89 දක්වා මාර්තු මාසයේදී පහත බැස තිබේ.

Investors retreat from housing market.
Source: AAP

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියානු නිවාස ක්ෂේත්‍රයේ පසුගිය මාසයේ ඇතිවී ඇති පසු බැසීම හේතුවෙන් නිවාස මුල්‍ය ක්ෂේත්‍රයේ අපගමනයක් සිදුව තිබේ.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය වාර්තා කරන පරිදි පෙබරවාරි මාසය වන තෙක් ඉහළ මට්ටමක තිබු සමස්ත නිවාස මුල්‍ය පිරිවැටුම් 4.4% කින් ඩොලර් බිලියන 31.89 දක්වා මාර්තු මාසයේදී පහත බැස තිබේ.

නිවාස වෙළෙඳ පොළේ ආයෝජකයින්ට ණය ලබා දීම ද 9% කින් තියුණු ලෙස අඩු වී ඇති බවද වාර්තා වේ.

සමස්ත ඔස්ට්‍රේලියවේම ආයෝජකයින් ණය පහසුකම් ලබාගෙන ඇත්තේ 42% ක ප්‍රතිශතයක් පමණක් බවත් 2012 වසරෙන් පසුව වාර්තා වූ පහළම අගය මෙය බවත් ANZ බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ Daniel Gradwell පවසයි.

Investors retreat from housing market.
Source: AAP

නිවාස සඳහා ඔස්ට්‍රේලියාව පුරා ණය අනුමත වුණු හැටි.

පදිංචිය සඳහාම මිලට ගන්නා නිවාස උදෙසා ණය ලබා ගැනීමේ අනුමැතීන් ප්‍රමාණය  මාර්තු පසුගිය මාසයේදී 2.2% කින් අඩුවී ඇති අතර සමස්ත වෙළඳපොළම 1.5% කින් පහළ ගොස් ඇත.

පදිංචිය සඳහාම මිලට ගන්නා නිවාස උදෙසා ලබා දෙන නව ණය මුදල් වල ජාතික වටිනාකම ද 1.9% කින් ඩොලර් බිලියන 20.1 ක දක්වා පහත බැස තිබේ.

පදිංචිය සඳහාම මිලට ගන්නා නිවාස උදෙසා නව නිවාස ණය ලබා දීම ටස්මෙනියාවේ සහ ACT හි හැරුණු කොට අනෙක් සෑම ප්‍රාන්තයකම පහත බැස තිබේ.

ටස්මෙනියාවේ එම අගය 1.9% කින්ද ACT හි එම අගය 2.6% කින්ද ඉහළ ගොස් ඇත.

දකුණු ඔස්ට්‍රේලියාව 8.6% කින්ද, නිව් සවුත් වේල්ස් 2.9% කින්ද වික්ටෝරියා ප්‍රාන්තය 1.5% කින්ද පහත බැස තිබේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now