සිඩ්නි නුවර නිවාස ක්ෂේත්‍රය සඳහා නිවාස සැපයීම 28% කින් ඉහළ ගියද නිවාස කුලිය පහත වැටී නොමැති බව වාර්තා වේ.
Anglicare සංවිධානය විසින් කුලී නිවාස පිළිබඳ සිදු කළ සමීක්ෂණය හරහා මේ බව හෙළිවී ඇති අතර කුලී නිවාස ක්ෂේත්‍රයේ දැරිය හැකි මට්ටමේ නිවාස ඇත්තේ 1% ක් පමණක් බවත් ඔවුන් පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියාවේ පුද්ගලික මට්ටමේ කුලී නිවාස පිළිබඳ සලකා බැලීමේදී සිඩ්නි නගරය ඔස්ට්‍රේලියාවේ අනෙක් නගර වලට වඩා අයහපත් තත්ත්වයක් උසුලන බව ද එම වාර්තාව පෙන්වා දෙයි.
Newstart හෝ තරුණ දීමනාව ලබන එක් පුදගලයෙකුට හෝ සිඩ්නි නුවර පුද්ගලික කුලී නිවාසයක් ලබා ගැනීමේ ධාරිතාවක් නොමැති බවද ඔවුන් පවසයි.
මා පිය දීමනාව සහිත තනිකඩ දෙමාපියන්ට සිඩ්නි නුවර කිසිදු නිවාසයක් කුලියට ගැනීමට ආර්ථික ශක්තියක් නොමැති බවත් Newstart දීමනාව ලබන තනිකඩ දෙමාපියන්ටද තත්ත්වය එසේම බවත් Anglicare සංවිධානයේ පර්යේෂණ ප්‍රධානී සහ උපදේශිකා Susan King පවසයි.
තමන්ගේ මාසික ආදායමෙන් නිවාස කුලිය 30% ක් නම් එය දැරිය හැකි මට්ටමේ නිවාස කුලියක් බව හැඳින්වේ.

බටහිර සිඩ්නි වල නිවාස අහිමිවූවන්ගේ වර්ධනයක්.
බටහිර සිඩ්නි කලාපයේ නිවාස අහිමිවූවන්ගේ භයානක වර්ධනයක් පෙන්නුම් කරන බව නවතම සංගණන දත්ත පෙන්වා දෙයි.
2011 සහ 2016 අතර කාලයේදී සිඩ්නි Parramatta ප්‍රදේශයේ නිවාස අහිමිවූවන්ගේ ප්‍රමාණය දෙගුණයටත් වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මේ අතර නිරිත දිග සිඩ්නි ප්‍රදේශ වල නිවාස අහිමිවූවන්ගේ ප්‍රමාණය 2100 සිට 3071 ක් දක්වා වර්ධනය වී ඇති අතර නිරිත දිග සිඩ්නි ඇතුල් ප්‍රදේශ වල නිවාස අහිමිවූවන්ගේ ප්‍රමාණය 50% කටත් වැඩි ප්‍රමාණයකින් වැඩි වී ඇති බවද සඳහන්.

රජයේ නිවාස හැකි ඉක්මණින් අවශ්‍යයයි.
නිවාස සැපයීම වැඩි කිරීමෙන් අඩු ආදායම් ලබන පවුල් වල නිවාස ගැටළුව විසඳිය නොහැකි බව Anglicare සංවිධානයේ පර්යේෂණ ප්‍රධානී සහ උපදේශිකා Susan King පවසයි.
මේ අර්බුදය විසඳීමට රජයේ නිවාස වල සැපයීම ඉහළ දැමිය යුතු බව ඇය පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියාව තුළ රජයේ නිවාස සැපයීම පිළිබඳව බරපතල ගැටළුවක් පවතින බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රජයේ නිවාස ඉතා අඩු බවත් Susan King පවසයි.
එනිසාම රජයේ නිවාස ලබා ගැනීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පුද්ගලයින් හට ඉතා දිගු කාලයක් බලා සිටිය යුතු වන අතරම ඒ හේතුවෙන් දිගු පෝලිමක් නිර්මාණය වී ඇති බවද ඇය පෙන්වා දෙනවා.

ප්‍රාන්තයේ නිවාස ප්‍රතිපත්ති පිළිබඳ රජයේ මතය
රජයේ නිවාස පිළිබඳ ප්‍රාන්ත රජයේ ප්‍රතිපත්තිය පිළිබඳ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෙනස් නොවන ස්ථාවරයක පසුවෙයි.
එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ දැරිය හැකි මට්ටමේ කුලී නිවාස ප්‍රමාණය වැඩි කිරීමට තම රජයට දිගු කාලීන වැඩසටහනක් ඇති බවද ඔවුන් පවසයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

