ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල උපාධි පිළිබඳ නිකුත්වූ නවතම වාර්තාව මෙන්න. (SBS සිංහල/වාර්තා)

විශ්ව විද්‍යාල හැර යන සිසුවෙකු ඒ සඳහා ගෙවීමට ඉතිරි කර යන සාමාන්‍ය ණය ප්‍රමාණය ඩොලර් 12,000 ක් වන අතර දහයෙන් එකක් ඩොලර් 30,000 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගෙවීමට ඉතිරි කර තබා යයි.

One in four uni students drop out: report

Source: AAP

මේ වසරේ ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වල උපාධි පාඨ මාලාවන් සඳහා ලියා පදිංචි වූ සිසුන්ගෙන් හතරෙන් එකක් පමණ 2026 වන විට හෝ තම උපාධිය සම්පූර්ණ නොකරන බව නවතම පර්යේෂණ වාර්තාවකින් අනාවරණය වී තිබේ.

එම වාර්තාවට අනුව 53,000 ක පමණ සිසුන් තම උපාධිය අතරමග අත්හරින බව සඳහන්.

ඔස්ට්‍රේලියානුවන් මිලියනයක් පමණ තම උපාධිය සම්පූර්ණ නොකර විශ්ව විද්‍යාල අතහැර ගිය බව වාර්තා වන නමුත් තමන්ගේ අත්දැකීම් අනුව ඔවුන්ගෙන් බොහොමයකට කුමක් හෝ රැකියාවක් සොයා ගැනීමට හැකිවී ඇති බව මෙම පර්යේෂණය සිදු කළ Grattan  ආයතනය පවසයි.

එම පිරිසෙන් තුනෙන් එකක් කියා සිටියේ තම රැකියා ඉලක්ක වෙතට යන්නට විශ්ව විද්‍යාල වලින් සුළු පිටිවහලක් පමණක් ලැබුණු බවය.

නමුත් තමන් ප්‍රයෝජනවත් නිපුණතාවන් විශ්ව විද්‍යාල මගින් උගත් බව එම පිරිසෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් පැවසුවේය.

මේ අතර හරි අඩකට වැඩි ප්‍රමාණයක් පවසා සිටියේ රැකියාවක් සඳහා අත්දැකීම් වැදගත් බව වන නමුත් පහෙන් එකක් පැවසුවේ අත්දැකීම් වැදගත් නොවන බවය.

One in four uni students drop out: report
Source: Twitter

විශ්ව විද්‍යාල හැර යාම එතරම් ලාභ නැහැ.

විශ්ව විද්‍යාල හැර යන සිසුවෙකු ඒ සඳහා ගෙවීමට ඉතිරි කර යන සාමාන්‍ය ණය ප්‍රමාණය ඩොලර් 12,000 ක් වන අතර දහයෙන් එකක් ඩොලර් 30,000 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගෙවීමට ඉතිරි කර තබා යයි.

විශ්ව විද්‍යාල උපාධිය නොමැති වීමෙන් සිසුන් හට තමන්ට අවශ්‍ය ජීවන වෘත්තියට පිවිසීමට හැකියාවක් නොලැබෙන බවත් මෙම පර්යේෂණය අනාවරණය කරයි.

මෙම හානිය නවතා ගැනීමට ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වලට Grattan ආයතනය විසින් විසඳුම් දෙකක් යෝජනා කරයි.

විශ්ව විද්‍යාල ගාස්තු නොගෙවා තමන්ගේ පාඨ මාලාවන් හැර යාමට ඔවුන්ට ඇති අවසාන දින (census dates)  පිළිබඳ නිරතුරුවම සිසුන්ව දැනුවත් කිරීම ඉන් එකක් වන අතර දෙවැනි වාරය ආරම්භ වීමට පෙර එසේ නිදහස් කළ සිසුන් ලේඛන වලින් ඉවත් කිරීම දෙවැන්න වේ.

එමෙන්ම තමන්ගේ පාඨ මාලව අතහැර දැමීමෙන් ඇතිවන අවදානම් තත්ත්වය පිළිබඳ සිසුන්ව දැනුවත් කිරීම මෙහිදී විශ්ව විද්‍යාල මගින් සිදු කළ යුතු තවත් වැදගත් ක්‍රියාවක් බව Grattan  ආයතනය පවසයි.

විශේෂයෙන්ම පූර්ණ කාලීනව නොවී අර්ධ කාලීනව අධ්‍යාපනය හැදෑරීමේ ඇති අවාසි පිළිබඳව විශ්ව විද්‍යාල මගින් සිසුන් දැනුවත් කළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

වාර්ෂිකව අර්ධ කාලීනව තම උපාධිය හැදෑරීමට 20% ක් පමණ සිසුන් ලියා පදිංචි වන අතර ඔවුන්ට තම උපාධිය සම්පූර්ණ කිරීමට වසර 8 ක පමණ කාලයක් ගත වේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now